ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ වප් පුර පසළොස්වක පෝදා 2024 ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මහාවග්ග පාළියේ දැක්වෙන පරිදි වස් පවාරණය කළ යුත්තේ දුටු හෝ, ඇසූ හෝ, සැකයට භාජන වූ හෝ වරදක් වේ නම්, ඒවා නිවැරැදි කර ගෙන ය. බුද්ධ කාලයේ භික්ෂූන් වහන්සේ තැන තැන කණ්ඩායම් වශයෙන් වස් වසා තිබේ. විවිධ වයස් කණ්ඩායම් එක් ව මාස 3ක් පමණ කාලයක් වාසය කරන විට එකිනෙකාගේ විවිධ අදහස් උදහස්, ක්‍රියාකාරකම් අන් අයට වැරැදි ලෙස පෙනෙන්නට ද, ඇසෙන්නට ද, සැක කිරීමට ද පුළුවන. ඒ අනුව විෂම වයස් කාණ්ඩවල භික්ෂූන් එක් ස්ථානයක වස් වසා සිටින විට විවිධ ගැටුම්, වාද භේද, තර්ක විතර්ක පැනනැඟීම සාමාන්‍ය තත්ත්වයකි. මේ තත්ත්වය ඇති වුවහොත් වස් පවාරණය කර විසිරී යන්නේ සමගියෙන් නොව අසමගියෙනි. බුදුසසුනේ චිරකල් පැවැත්ම සඳහා විනය ප්‍රධාන වන බව “විනයෝ නාම සාසනස්ස ආයු” යනුවෙන් ද, භික්ෂූන් වහන්සේලාගේ සමගිය සැපයක් බව “සුඛා සංඝස්ස සාමග්ගි” යනුවෙන් ද බුදුහිමි දේශනා කර ඇත්තේ මෙවැනි අසමගිකම් ඇති වීමට ඉඩ නොතබමිනි. වස් විසීමට සමගියෙන් එකමුතු ව සහභාගී වූ භික්ෂූන් එය අවසන් කළ යුත්තේ ද සමගියෙන් යුතු ව බව දැක්වීමට වස් පවාරණය නම් විනය කර්මය නියම කළ බව පෙනේ. එහි දී වස් කාලය තුළ එක්ව විසූ භික්ෂූන් අතර සිදු වූ යම් වරදක් දැක්කේ නම්, ඒ වැරැදි ක්ෂමා කර ගෙන හෝ, තවත් පිරිසකගේ වැරැදි අසා තිබේ නම් ඒවා සමථයකට පත් කොට ගෙන හෝ, තවත් අයුරකින් යමකුගේ වරදක් ගැන සැකයක් ඇති වී නම් ඒවා දුරු කරගෙන හෝ, වස් සමාදන් වන විට භික්ෂූන් අතර පැවති සුහදතාව, සමගිය වස් පවාරණය කරන විට ද එලෙස ම හෝ ඊටත් වැඩියෙන් ආරක්ෂා කර ගෙන භික්ෂූන් වහන්සේ සමගියෙන් යුතු ව සිදු කෙරෙන සමුගැනීමක් ලෙස වස් පවාරණය අගනා විනය කර්මයක් ලෙස හැඳීන්විය හැකි ය. මහාවග්ග පාළියේ ප්‍රථම භාගයේ ඇතුළත් පවාරණක්ඛන්ධකයේ බුදුහිමියන් පවාරණ විධි හතරක් නම් කර ඇත.
ඔක්තෝබර් 16 බදාදා. අ.භා. 08.41 පුර පසළොස්වක ලබා 17 බ්‍රහස්පතින්දා අ.භා. 04.58. ගෙවේ. 17 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
ඔක්තෝබර් 17
අව අටවක
ඔක්තෝබර් 24
අමාවක
ඔක්තෝබර් 31
පුර අටවක
නොවැම්බර් 09
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]