ගැටහැත්ත ශ්‍රී සෝමානන්ද මූලික පිරිවෙනේ වතාවත්හි නිරත සාමණේරයන් වහන්සේ

පොසොන් අමාවක

ජූලි 05 සිකුරාදා පූ.භා. 05.00 අමාවක ලබා 06 සෙනසුරාදා පූ.භා. 04.29 ගෙවේ.
05 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

 

ඓතිහාසික මිහින්තලා පුදබිමේ ශ්‍රී අනුබුදු මිහිඳු මහා සෑ රදුන්ගේ ධාතු නිධාන පුණ්‍යොත්සවයෙන්...

මීට වසර 2200ට පමණ පෙර උත්තිය රජ දවස තැන වූ මිහිඳු ස්තූපය කාලයත් සමඟ ගරා වැටීමෙන් අනතුරුව නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ උතුම් කටයුත්ත පසුගිය 2020 ඔක්තෝම්බර් මස දී මිහින්තලා පින්බිමේ දී ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති වලවාහැංගණවැවේ ධම්මරතන නාහිමියන්ගේ ආශිර්වාදයෙන්, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ මඟ පෙන්වීමෙන් යුතුව ආරම්භ විය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ පින් කැමති සැදැහැවතුන්ගේ ශ්‍රම දායකත්වයෙන්, සැදැහැවතුන්ගේ ආධාර උපකාර මත අනුබුදු මිහිඳු මහා ස්තූපයේ වර්තමාන ප්‍රතිසංස්කරණ කටයුතු නිමවා උතුම් ධාතුන් වහන්සේ තැන්පත් කිරීම 2024 ජුනි මස පොසොන් පෝදා මිහින්තලා පුදබිමේ දී උත්කර්ශවත් අයුරින් සිදුවිය. මිහින්තලා රාජමහා විහාරාධිපති  වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ඇතුළු මහා සංඝ රත්නයේ ප්‍රධානත්වයෙන් ස්තූපයේ සතරැස් කොටුවේ උතුම් සර්වඥ ධාතූන් වහන්සේත්, සෑ ගර්භයේ දීපප්‍රසාදක මිහිඳු මහ රහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේ සහ අංගාර ධාතුන් වහන්සේ තැන්පත් කරන්නට යෙදුණි.

ඇසළ සඳ පිරෙන දින අසිරිමත් සිදුවීම්

ඇසළ සඳ පිරෙන දිනයට අසිරිමත් ඉතිහාසයක් තිබේ. එය පූජනීය ඉතිහාසයකි. වන්දනීය ඉතිහාසයකි. සිහිකළත් පින් වැඩෙන ඉතිහාසයකි. සැබැවින්ම එය වර්ණනාවකි. මේ දිගහැරෙන්නේ ඒ ඇසළ පුර පසළොස්වක පොහොය වර්ණනාව යි. “මහා වීරයාණන් වහන්ස, දැන් ඔබට කාලය පැමිණ තිබේ. මිනිස් ලොව මව්කුසේ පිළිසිඳ ගන්නා සේක්වා! දෙවියන් සහිත වූ මේ ලෝ සතුන් දුක් සහිත සසර ගමනින් එතෙර කරවාලනු වස් අමෘතපදය වූ නිර්වාණය අවබෝධ කරන සේක්වා! මේ මහා භද්‍ර කල්පයේ සතරවෙනි ව සම්මා සම්බුදුබව ලබන පිණිස සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පුරා සමතිස් පාරමිතාවෝ සපුරා සන්තුසිත දෙව්රජ ලෙසින් තුසිත දෙව් භවනේ වැඩසිටි මහබෝසතුන් හට දෙව්බඹුන් ඇරයුම් කළේ එලෙසිනි. මහා නුවණැති බෝසතාණෝ ඒ ඇරයුම් අසා පඤ්ච විලෝකන (පස් මහා බැලුමන්) කරනා කල්හී කාලය, දීපය, දේශය, කුලය සහ පින්වන්ත මව් තොමෝ මැනවින් දුටුවෝ ය. ඒ පින් ඇති මවුන් වූ මහාමායා බිසොවුන්ගේ කුස පිළිසිඳ ගැනීමට තීරණය කළෝ ය.  ඇසළ සඳ සොළොස් කලාවෙන් ම පිරී අහසේ මෝදු වූ රාත්‍රිය උදා වී තිබුණි. බෝසත් පුතකු දරා ගැනුමට පූරිත පාරමිතා ඇති කපිලවස්තුවේ සුදොවුන් මහරජුන්ගේ අග්‍ර මහේෂිකාව වූ මහාමායා බිසවුන් ඒ මොහොතේ සුව නින්දේ පසු වූවා ය. ඒ සුව නින්දේ ඇය සුව සිහිනයක් දුටුවා ය. සතරවරම් රජදරුවෝ සර්වාභරණයෙන් සැරසී විත් ඇය සැතපී සිටින යහන ඔසවා ගෙන හිමාලයට පැමිණියෝ ය. අනෝතප්ත නම් රමනීය විල් තෙරේ යහන තැබුවෝ ය. සුරඟනෝ සතර දෙනෙක් විත් බිසවුන් වහන්සේ විල් දියට කැඳවා ගෙන ගියෝ ය. ඈ බිසවුන් සිහිල් දියෙන් නහවා, සුවඳ ආලේප ගල්වා, දිව්‍ය සළුවෙන් දිව්‍ය අභරණින් සැරසුවෝ ය. යළි යහනේ ම බිසවුන් සැතපුවෝ ය. එවිට, රිදී පැහැයෙන් බැබළෙන හුරුබුහුටි ඇත් පැටවෙක් සුදු නෙළුමක් සොඬින් ගෙන ඇය කරා පැමිණියේ ය. ඉතා ගෞරවයෙන් ඇය වටා පැදකුණු කළේ ය. දකුණු ඇලයෙන් කුස තුළට පිවිසියේ ය. ඇය තනිව ම මේ සිහිනය දකිද්දී, ලෝකය පුර අනේකප්‍රකාර අද්භූත අසිරිමත් දෑ සිදු විය.

සතුට රැඳෙන්න සාමය රකින්න

යුද ගිනිදැල් මිනිසාට පමණක් නොව සතා සිව්පාවුන් ඇතුළු මුළු මහත් ස්වභාවධර්මයට ම මහත් ව්‍යසනයක් ගෙන දෙන්නකි. යුද්ධය මොන විධියකට පැවතුණ ද එහි මූල බීජය සොයා බැලුවහොත් දක්නට ලැබෙන්නේ සිතේ අසහනකාරී බව හෝ අතෘප්තිකර ස්වභාවය හෝ වචනයට හා ක්‍රියාවට නැඟෙන බවයි. ලෝභ, ද්වේශ, මෝහාදී අකුසල් සිතිවිලි උත්සන්න වී එහි විපාක ලැබ් ගින්නක් සේ ලෝකය පුරා ම විසිරී පැතිරී යනු ඇත. බුදු දහමට අනුව විමසා බැලීමේ දී එහි මූල බීජයත්, එය නිවා ගන්නා ආකාරයක් පැහැදිලි කොට ඇත. සත්වයින් අතරින් මිනිසා උසස් කොට සලකන්නේ උසස් චින්තනයක් තිබෙන බැවිනි. ලෝකයේ බුද්ධත්වය ලබා ගන්නේත්, දේවත්වය ලබා ගන්නේත්, මනුෂ්‍යත්වය ලබා ගන්නේත් මිනිසාම ය. භෞතික වශයෙන් ගත් කල්හි මිනිසා ගෙවල් - දොරවල්, ආහාර - පාන, ඇඳුම් - පැලඳුම්, බේත් - හේත් යන මූලික අවශ්‍යතා වෙනුවෙන් වෙහෙසෙනු ඇත. එම මූලික අවශ්‍යතා කොතරම් ලැබුණත් සෑහීමකට පත් නොවීමෙන් මනසේ විෂම ලෝභය උපදී. තවතවත් වස්තු සම්පත ඇත්නම් යන චේතනාව මූලික කොටගෙන ලෝභ සිතින් අන්‍යයාගේ වස්තුව ද තමා සතු කර ගැනීමට උත්සාහ කිරීම තුළින් සිදු වන්නේ රටවල් රටවල් අතර, සමාජයන් සමාජයන් අතර, ජාතීන් ජාතීන් අතර, කුලයන් කුලයන් අතර හා වර්ණයන් වර්ණයන් අතර යුද මානසිකත්වයක් ගොඩනැඟීමයි. එපමණක් නොව යුද්ධ සංසිඳුවීමට බිහිකර ඇති ආගම් ආගම් අතර ද යුද ගැටුම් පැන නැඟීම එහි ඇති ප්‍රාථමික ම සංසිද්ධියයි. බුදු දහම වනාහි අකාලික වූ දහමකි. එහි ඉදිරිපත් කර ඇති සෑම කරුණක ම ඕනෑම කාලයකට වලංගු ය. යුද්ධය පිළිබඳව ඉදිරිපත් කර ඇති කරුණු ද ඒ ආකාරයෙන් ම සදාකාලික ව ජන සමාජයට වැදගත් වනු ඇත. “නහි වේරේන වේරානි - සම්මන්තීධ කුදාචනං - අවේරේනච සම්මන්ති - එස ධම්මො සනන්තනෝ” යන ධම්ම පදයේ යමක වග්ගයේ 5 වැනි ගාථාවෙන් කියැවෙන කරුණු නිදසුනක් ලෙස ගෙන බලමු. මේ විශ්වයෙ කිසිම තැනක, කිසිම විටක වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැත. අවෛරයෙන් ම වෛරය සංසිඳෙති. මෙය සදාකාලිකව පිළිගත් ධර්මතාවකි.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]