උඩරට අමරපුර සාසනජෝතික පාර්ශ්වයේ 168 වැනි උපසම්පදා විනය කර්මය

උඩරට අමරපුර සාසනජෝතික පාර්ශ්වයේ 168 වැනි උපසම්පදා විනය කර්මය

උඩරට අමරපුර සාසනජෝතික පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක මහාවිහාර වංසාලංකාර සද්ධර්මකීර්ති ශ්‍රී අමරපුර සංඝානන්ද මහෝපාධ්‍යාය වත්තේගම ධම්මාවාසාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහනුවර වරාතැන්න මහවැලි නදි සිරිමහ බෝධි උදකුක්ඛේප සීමාමාලකයේ දී මෙම මස 12 - 13 දිනයන්හි දී පැවැත්වේ.

උපසම්පදා පේක්ෂකයින් 12 වැනි දින පෙරවරු 8.00 ට පෙර සීමාමාලකයට පැමිණිය යුතු අතර, එදින පස්වරු 1.00ට උපසම්පදා පෙරහර ආරම්භ වේ. පස්වරු 2.00ට උපසම්පදා පූර්ව කෘත්‍ය පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම මහා විහාරයේ දී සිදුකොට එදින පස්වරු 4.00 ට උපසම්පදාව ආරම්භ කිරීමට නියමිතය. මෙම උපසම්පදාවේ පෙර පුහුණුව ජූලි 05, 06, 07 යන දිනවල දී බටගල්ල ධම්මරත්න පිරිවෙණේ දී පැවැත්වේ.

පොසොන් අමාවක

ජූලි 05 සිකුරාදා පූ.භා. 05.00 අමාවක ලබා 06 සෙනසුරාදා පූ.භා. 04.29 ගෙවේ.
05 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]