[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

උඳුවප් පුර පසළොස්වක පොහොය වරුණ

ක්‍රිස්තු පූර්ව 236 වැනි වර්ෂයේ උඳුවප් මස පුර පසළොස්වක් පොහෝ දිනයේදී දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවේ අනුරාධපුරයට වැඩම කරවීමත්, ශ්‍රී ලංකා ධරණී තලයෙහි භික්ෂූණී ශාසනය ආරම්භ වීමත් ලංකා ශාසන ඉතිහාසයෙහි ඓතිහාසික සිද්ධීන් වේ. මහ වංශයේ 18 සහ 19 වන පරිච්ඡේදයන්හි බෝධි ආගමනය පිළිබඳ විස්තර ඇතුළත් ය. ඒ අනුව විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත්, සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේත් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවාගෙන ඒම සඳහා දේවානම්පියතිස්ස රජතුමා පවරන ලද්දේ තමන්ගේ බෑණනුවන් වූ අරිට්ඨ අමාත්‍යවරයා වෙතත්ය. අරිට්ඨ අමාත්‍යතුමා මහින්ද මහරහතන් වහන්සේගේ දේවානම්පියතිස්ස මහරජතුමාගේත් හසුන්පත රැගෙන වප් මස දෙවැනි දිනයේ දී දඹකොළපටුනෙන් පිටත්ව එක්දිනක් තුළ පැළලුප් නුවරට පැමිණියේ මිහිඳු මහරහතන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් බව මහවංශය සඳහන් කරයි. ලංකාගමනය - මිහිඳු මහරහතන් වහන්සේ්ගෙන් බණ අසා පළමුව මාර්ග ඵලාවබෝධය ලබන ලද්දේ අනුලා දේවිය ප්‍රධාන කාන්තා පක්ෂයයි. ඔවුහු සසුන්හි පැවිදි වන්නට අවශ්‍ය බව දෙවනපෑතිස් නිරිඳුන්ගේ මාර්ගයෙන් අනුබුදු මිහිඳු මාහිමියන්ට දැන්වූහ. එහෙත් කාන්තාවන් පැවිදි කරන්නට තමන් වහන්සේට නොහැකි බවත් ඒ සඳහා සිය නැඟණිය වන සඟමිත් තෙරණිය ඇතුළු භික්ෂුණී සංඝයා මෙහි ගෙන්වා ගන්නා ලෙසත් වදාළහ. එය ඇසූ දෙවනපෑතිස් නිරිඳුන් විසින් ඒ සඳහා දඹදිව පැළලුප් නුවර අශෝක චක්‍රවර්තීන් වෙත අරිට්ඨ කුමරුන් ප්‍රධාන දූත පිරිසක් යැවීමට තෝරා ගන්නා ලදී. ලංකාවේ සිටින සිංහල කාන්තාවෝ සසුන්හි පැවිදි වන්නට කැමැත්තෙන් සිටිති. එහෙත් ඒ කාර්යය සඳහා භික්ෂුණී සංඝයා ලංකාවේ නොමැති හෙයින් එය කළ නොහැක. ඒ සඳහා සංඝමිත්තා මහරහත් උත්තමාව ප්‍රධාන භික්ෂුණී සංඝයා මෙහි එවනු මැනවි. එසේම පෙර තුන් බුදුවරයන් වහන්සේගේ බෝධි ශාඛාවලින් හිස් නොවූ ලංකාවට අප ගෞතම බුදුරදුන් පිටදුන් බෝධිරාජයාගේ ශාඛාවක් ද එවනු මැනවි. මේ සන්දේශය රැගත් රාජකීය දූත පිරිස වප් පුණු පොහෝදා ධර්මාශෝක අධිරාජයාණන් හමුවනු පිණිස දඹදිව පැළලුප් නුවර බලා පිටත් වූහ.


උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 26 අඟහරුවාදා පූ.භා. 05.48 න් පුර පසළොස්වක ලබා 27 බදාදා පූ.භා. 06.05 න් ගෙවේ.
26 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26

Second Quarterඅව අටවක

ජනවාරි 04

Full Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]