[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් පුර පසළොස්වක පෝ දා 2023-12-26

අනාගතය වෙනුවෙන් ...

උඳුවප් පොහොය දිනය උදාවත් සමඟම මතකයට නැඟෙන්නේ සංඝමිත්තා මහරහත් තෙරණිය පිළිබඳව යි. එදා සිරිමහ බෝ සමිඳු සිරිලකට වැඩම කරවීමත් සමඟම සිරිලක කාන්තා පරපුරට එතුමිය උදාකර දුන්නේ ලක් ඉතිහාසයේ කිසිදාක නො වූ විරූ උත්තරීතර නිදහසකි.

මිත්තණියක, මවක, සොහොයුරියක හා නැගණියක ලෙස කාන්තාවගෙන් සමාජයට සිදුවන උසස් මෙහෙවරට පූජනීය අගයක් ගෙනදීම සංඝමිත්තා තෙරණියගේ ආගමනයෙන් සිදු වූ විශිෂ්ට ප්‍රතිඵලයකි. ලොව හෙට දින අනාගතය භාරගන්නා ළමා පරපුර හදා වඩා පෝෂණය කරවන්නේ කාන්තාවන් ය. පවුලක ආර්ථික බර දැරීම බොහෝවිට පියාගෙන් සිදුවන කාර්යයකි. හෙට දින ජය ගන්නා ළමා පරපුර බෞද්ධ ඉගැන්වීම්වලින් පෝෂිත ගුණගරුක පිරිසක් බවට පත් කිරීම පෙරටත් වඩා අද යුගයේ කාලීන අවශ්‍යතාවක් බව පෙනී යයි.

අප රටට බැහැරින් පැමිණෙන, ඉතිහාසයේ අප කවරදාකවත් අසා නැති විවිධාකාර නම්වලින් හැඳින්වෙන මත්ද්‍රව්‍ය රට පුරා විවිධ ක්‍රම ඔස්සේ ව්‍යාප්ත වනු වත්මනෙහි වාර්තා වන දෙයකි. මෙම මහා ව්‍යසනයෙන් ළමා පරපුර බේරා ගැනීමට මව්වරුන් ලෙස කාන්තාවන්ට කළ හැකි කාර්යභාරය අතිමහත් ය.

නිතරම තම දූ දරුවන් කෙරෙහි මෙන්ම අවට සමාජ වට පිටාව තුළ ජීවත්වන දූ දරුවන්ගේ හැසිරීම් ගැන හා ඔවුන් ඇසුරු කරන්නන් ගැන අවධානයෙන් සිටීමට මවකට අයිතියක් සේ ම හැකියාවක් ද ඇත. ඇතැම්විට පියාගේ කාර්යබහුලත්වය මත දරුවන් පිළිබඳ දිනපතා සොයා බැලීම යම් පමණකට අතපසු විය හැකි ය. නිසි පාලනයකට යමින් එය සිදු කිරීමේ හැකියාව මවක් සතුව පවතියි.

මව මෙන් ම පියා ද මෙම වගකීමෙන් බැහැර වුවහොත් අප රටේ මතු අනාගත පරපුර කිසිදු හැකියාවක් නොමැති සොරකම වැනි සමාජ විරෝධී ක්‍රියාවන්ට පමණක් නැඹුරු වූ පුද්ගලයන් පිරිසක් බවට පත්වීම නො වැළැක්විය හැකි ය. ඒ තරමට ම මෙම සමාජ ව්‍යසනය නගරයේ පමණක් නොව ඈත ගම්දනව් පුරා ද පැතිරී ගොස් තිබෙන හෙයිනි.

මත්ද්‍රව්‍ය පිළිබඳ වූ නීතිරීති අදාළ අය හරහා ක්‍රියාත්මක වුවත් ඉතාම සූක්ෂම වූ ක්‍රමවේද ඔස්සේ මේවා රට පුරා ව්‍යාප්ත කරනුයේ එම ව්‍යාපාරයෙහි නියුතු පුද්ගලයන් ප්‍රකෝටිපතියන් බවට ද පත් කරවමිනි.

මෙම තත්ත්වය මනාව තේරුම් ගෙන රටේ අනාගත දරු පරපුර සදාචාර සම්පන්න පිරිසක් බවට පත් කරවීමට මව්වරුන් වූ සැමටද මෙම සෑම ජන කොටසකට ම අයත් සහෝදර අප ජනතාව හට ද දූරදර්ශී වූ වගකීමක් තිබෙන බව උඳුවප් පොහෝදා අපි වටහා ගනිමු.

උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 26 අඟහරුවාදා පූ.භා. 05.48 න් පුර පසළොස්වක ලබා 27 බදාදා පූ.භා. 06.05 න් ගෙවේ.
26 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26

Second Quarterඅව අටවක

ජනවාරි 04

Full Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]