[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

පින් කරන්නේ අවිද්‍යාව නිසා ද?

හැකි තරම් ජිවත් වන කාලය තුළ කාමභෝගි සැප සම්පත් විඳීම ඔවුන්ගේ එකම අරමුණ බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ කියන ත්‍රිවිධ තෘෂ්ණාවම නැවත සත්වයාගේ හට ගැනීමට හේතු කාරක වෙනවා. ඒ විදිහට බලන කොට මේ තෘෂ්ණාව තමා නැවත ඉපදීමක් අපට ලබා දෙන්නේ මේ ලෝකයේ ජීවත් වන අප හැමදෙනාම මේ සසර ගමන තුළ කෙළවරක් නැති ගමන්මඟක නියැළී සිටිින්නේ අවිද්‍යාව හා තෘෂ්ණාව මුල් කර ගෙන සිදු කරන කර්ම නිසයි. ඒ කර්ම ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් වෙනවා. එහි දී අපේ ඊළඟ භවය ඇති වීමට මේ පින් පව් දෙකම හේතු වෙනවා. ඉතින් ලෝක තත්වය හැබෑ ලෙස ම නො දැනීම අවිද්‍යාව කියලයි ධර්මයේ පෙන්වා දෙන්නේ. අර්හත් මාර්ග ඵලයට එහෙමත් නැත්නම් සසර කෙළවර කරන නිවන් මඟ සාක්ෂාත් කර ගන්නේ දස සංයෝජනයන් අතුරෙන් අවසාන වශයෙන් මාන උද්ධච්ච අවිජ්ජා කියන මේ කෙලෙස් තුන ප්‍රහීණ කිරීම තුළිනු යි. යම් පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සෝවාන් ආදි මාර්ගඵල හතරෙන් අවසාන වශයෙන් අනාගාමි තත්වයට පත් වුවත් අවිද්‍යාව කියන කෙලෙස් ගතිය අවසාන වන්නේ නැහැ. රහත් ඵලයට පත් වූ පසුවයි මේ සංයෝජනය අවසාන වශයෙන් ක්ෂය වන්නේ. ඉතින් මේ කියන අවිද්‍යාව නිසා රැස් කරන කර්ම නිසා භව ගමන දිගු වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යා තෘෂ්ණා දෙක සංසාර ගමනේ ශීර්ෂය විදිහටයි පෙන්වා දී තිබෙන්නේ. සත්වයා දිව්‍යලෝක, මනුෂ්‍යලෝක වැනි සුගතිභූමිවල උත්පත්තිය ලබන්නේ මෙම අවිද්‍යාව හා තෘෂ්ණාව මුල් වීමෙනු යි.


උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 26 අඟහරුවාදා පූ.භා. 05.48 න් පුර පසළොස්වක ලබා 27 බදාදා පූ.භා. 06.05 න් ගෙවේ.
26 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26

Second Quarterඅව අටවක

ජනවාරි 04

Full Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]