Print this Article


පෝ දාක අසිරිය

පෝ දාක අසිරිය

මුළු තුන් මසක් වස් වැස පඬුපුල් අසුනේ
ගැලු දම් රසින් දෙවියන් සවනට ඇසුණේ
හෙලු තුටු කඳුළු මව් දෙවි මගඵල සසුනේ
සැලු බුදු කිරණ පෙනුණා බුදුහිමි දසුනේ

සැවතෙහි තිස් යොදුන් පතුරා බුදු සරණ
පැවතුණි සක්වලෙහි බුදු රැස්වල කිරණ
සුව සෙත ලබා සුර නර පැතුමන් පුරන
නුවරම සංකස්ස අද බුදු හිමි අරණ

දෙවි රෝහණ අසිරි දැක පැතු බුදු බව ය
ගෞරව කරයි මෙත් බෝසතු ලැබ ජවය
පව් කළ දනන් නොදිටිය අසිරිය සුවය
සිව් සස් දහම් දෙසුවේ සම්බුදු බව ය

මෙහෙනක් කරන්නට කුමරිය අනුලාව
ගෙන්වනු පිණිස සඟමිත් තෙරණිය ඈව
දම්සෝ රජුන් ලිපියක් කුමරකු පෑව
සසුනේ අසිරි දිනයකි වප් පොහො ආව