[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ගුරු සමිඳු සිහිවී

ගුරු සමිඳු සිහිවී

සුසුමකින් මුළු හදම නැවතී
යයි ද නිතර ම සිතනවා
නාසමිඳු අමිල ගුණ සුවඳ
නිරතුරුව මා හදට දැනෙනවා

දෑත අල්ලන් වැඩමවන්නට
ගුරු සමිඳු මම සොයනවා
කාලයෙන් වරමක් ලැබී සිත
අතීතයට ම දිවෙනවා

දඟකාර මා දෑත අල්ලා
බුදු කුටිය වෙත වැඩමවා
සුදු සමන් මල් දෝත දරමින්
නේක ගාථා පැවසුවා

කඳුළු සලමින් කොතෙක් හැඬුව ද
නිමල සෙනෙහස හදේ නැඟෙනා
සමිඳු පැතු බුදු මඟ ම යන්නට
මුනිඳු සිරිපා පුදනවා

බෙලිඅත්ත ගලගම ශ්‍රී ශෛලාරාම පුරාණ ලෙන් විහාරාධිපති ඌරුගමුවේ රතනාභිධාන නාහිමිපාණන් වහන්සේ 2023.10.03 දින අපවත් වී වදාළ සේක. නාහිමි ආදාහන උත්සවයේ දී පැවිදි ශිෂ්‍ය කදුරුපොකුණේ රතනසිරි පොඩි සමිඳුන්ගේ දෑසින් වැටුණු උණු කඳුළු බිඳු දහර මෙය ලිවීමට නිමිත්ත විය.

වප්  පුර පසළොස්වක

ඔක්තෝබර් 28 සෙනසුරාදා පූ.භා. 04.19 න් පුර පසළොස්වක ලබා 29 ඉරිදා පූ.භා. 01.57 න් ගෙවේ.
28 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

Second Quarterඅව අටවක

නොවැම්බර් 05

Full Moonඅමාවක

නොවැම්බර් 12

First Quarterපුර අටවක

නොවැම්බර් 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]