ගුරු සමිඳු සිහිවී

සුසුමකින් මුළු හදම නැවතී
යයි ද නිතර ම සිතනවා
නාසමිඳු අමිල ගුණ සුවඳ
නිරතුරුව මා හදට දැනෙනවා
දෑත අල්ලන් වැඩමවන්නට
ගුරු සමිඳු මම සොයනවා
කාලයෙන් වරමක් ලැබී සිත
අතීතයට ම දිවෙනවා
දඟකාර මා දෑත අල්ලා
බුදු කුටිය වෙත වැඩමවා
සුදු සමන් මල් දෝත දරමින්
නේක ගාථා පැවසුවා
කඳුළු සලමින් කොතෙක් හැඬුව ද
නිමල සෙනෙහස හදේ නැඟෙනා
සමිඳු පැතු බුදු මඟ ම යන්නට
මුනිඳු සිරිපා පුදනවා
බෙලිඅත්ත ගලගම ශ්‍රී ශෛලාරාම පුරාණ ලෙන් විහාරාධිපති ඌරුගමුවේ රතනාභිධාන
නාහිමිපාණන් වහන්සේ 2023.10.03 දින අපවත් වී වදාළ සේක. නාහිමි ආදාහන උත්සවයේ දී
පැවිදි ශිෂ්‍ය කදුරුපොකුණේ රතනසිරි පොඩි සමිඳුන්ගේ දෑසින් වැටුණු උණු කඳුළු බිඳු
දහර මෙය ලිවීමට නිමිත්ත විය. ආචාර්ය
රත්නපාල වික්‍රමසිංහ |