[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

කාන්තාවට අරහත් ධජය හිමි වූ උතුම් බිනර පෝදා

මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සසුනේ සනාතන රැකවරණය ලබමින් උතුම් පැවිදි උපසම්පදාව ලද මහා ප්‍රජාපති උත්තමාවියගේ උතුම් නාමය නිති සිහිවෙන බිනර පුන් පොහෝ දිනය ශාසන ඉතිහාසයේ කාන්තාවනට විමුක්තිය සැලසු උතුම් දිනය යි. එදින භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තු පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ සිටි දිනයකි. එකල්හි මහා ප්‍රජාපතී ගෞතමිය භාග්‍ය‍වතුන් වහන්සේ වෙත පැමිණ වන්දනා කරමින් මින් පෙර ද අවස්ථා දෙකක දී විමසූ අනගාරිකා පැවිදි බව ලබා ගැනීමේ ආයාචනය සිදු කළා ය. තෙවැනි වතාවේදීත් ශාස්තෘන් වහන්සේ වදාළේ, “ගෞතමියනි, තථාගතයන් වදාරණ ලද ධර්ම විනයෙහි ස්ති‍්‍රය විසින් ගිහිගෙයින් නික්ම ලබන අනගාරිකා පැවිද්ද ඔබට රුචි නොවේවා! යනුවෙනි.” දිනක් රෝහිණි නදියේ ජලය මුල් කරගෙන ශාක්‍ය කෝලිය වංශිකයන් යුද කෝලාහලයකට පිළිපන් මොහොතේ එම කලහය සංසිඳුවන්නට වැඩම කොට වදාළ බුදු සමිඳුන් දෙසු ශි‍්‍ර සද්ධර්මයේ පහස ලද ශාක්‍ය කුමාරවරුන් පන්සිය දෙනා උතුම් අරහත් ධජය දරමින් පැවිදිව සවු කෙලෙසුන් නසා අරහත්වයට පත්විය. එම කුමාරවරුන්ගේ ගිහි කල බිසෝවරු ගිහිගෙයි නො ඇලුණු සිත් ඇතිව පැවිදි බවට ම අසාවෙන් හුදකලා විවේකයෙන් ම සිටි මහා ප්‍රජාපතිය වටා එක්රොක් වූහ. මේ වන විට භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවෙහි ය. එකල්හි මහා ප්‍රජාපතී ගෞතමිය කෙස් සිඳවා මුඩුකරවාගෙන ශාක්‍ය ස්ති‍්‍රන් සමඟ විශාලා මහ නුවර කූටාගාර ශාලාව බලා පැමිණියහ.


බිනර  පුර පසළොස්වක

සැප්තැමිබර් 28 බ්‍රහස්පතින්දා අ.භා. 06.52 න් පුර පසළොස්වක ලබා
29 සිකුරාදා
අ.භා. 03.31 න් ගෙවේ.
29 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]