[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ජීවිතයේ නොදුටු පැත්ත

බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී වූ විශ්මිත අවබෝධය පිළිබඳ අසන්න ලැබුණු ථුල්ලකොට්ඨිත ගම්වැසියෝ, බුදුරජාණන් වහන්සේ හමුවට ගියහ. කෝටි ගණනක ධනයකට හිමිකම් කියන එම ගමේ සිටු පවුලක එකම දරුවා වූ රට්ඨපාල තරුණයා ද එම පිරිස අතර විය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ සාරය පිළිබඳ විමසා බැලූ රට්ඨපාල තරුණයාට, ගිහි ජීවිතයක ඇති දහසක් කරදර බාධා පිළිබඳ ව ද, පැවිදි ජීවිතයක ඇති සැහැල්ලු බව පිළිබඳ ව ද වැටහිණි. මරණයෙන් වත් අපට නුඹගෙන් වෙන් විය නොහැකි යැයි මව්පියන් කියද්දී, දින ගණනාවක මහත් උත්සාහයෙන් පසු පැවිද්ද සඳහා අකැමැත්තෙන් ම අනුමැතිය දුනි. රට්ඨපාල තරුණයා පැවිදි උපසම්පදාව ලබා අඩ මසකට පසු බුදුරජාණන් වහන්සේ සමඟ සැවැත්නුවර බලා චාරිකාවේ වැඩම කරන්නට විය. රට්ඨපාල ස්වාමීන් වහන්සේ ඉතා කෙටි කලකින් ම, සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත්වීමට හැකි විය. පසුව බුදුපියාණන් වහන්සේගෙන් ද අවසර ලබා ගෙන තම මව්පියන් බැලීමට ථුල්ලකොට්ඨිත උපන් ගම බලා වැඩම කළහ. පළමු දිනයේ දී ගිහි කල නිවසින් දානය නොලැබුණත්, දෙවැනි දිනයේ මව්පියන් විසින් දානයට ආරාධනා කරනු ලැබුයේ, තම පුතු නැවතත් ගිහි ගෙදර නවතා ගන්නා බලාපොරොත්තු ඇතිව ය. දෙවැනි දිනයේ දානය පිණිස වැඩම කළ රට්ඨපාල මහරහතන් වහන්සේට, මව්පියන් විසින් රැස් කොට තැබූ කෝටි ගණනක රන්, රිදී පෙන්වා නිවසේ නතර වී පින් කර ගන්නැයි ඉල්ලා සිටියේ ය. රට්ඨපාල හිමියන්ගේ පිළිතුර වූයේ කැමැති නම් සියලු ධනය ගංගා නම් ගඟට දමන්න. ඒ නිසා කිසිදු දුකක්, කරදරයක් නොවන බවයි” දානය වළඳා අවසන් කළ රට්ඨපාල හිමියෝ “මුව වැද්දා උගුල් අටවා බලා සිටියදී ම උගුලට අසුනොවූ මුවා ගොදුරු කා පැන ගියේ ය. මුව වැද්දා දුකට පත් විය” යනුවෙන් ගාථාවෙන් පවසා, දහවල් විවේකය පිණිස” කෝරව්‍ය” රජතුමාගේ මිගාචීර නම් වූ උයනට වැඩම කළහ. උයනට පැමිණි කෝරව්‍ය රජතුමා හා රට්ඨපාල හිමියන් අතර, ඇති වූ ධර්ම සාකච්ඡාව, අප සියලු ම දෙනාම විමසා නො බැලූ, එහෙත් විමසා බැලිය යුතු ජීවිතයේ අභ්‍යන්තරය පිළිබඳ සත්‍ය ස්වභාවය හෙළි කරයි.


බිනර  පුර පසළොස්වක

සැප්තැමිබර් 28 බ්‍රහස්පතින්දා අ.භා. 06.52 න් පුර පසළොස්වක ලබා
29 සිකුරාදා
අ.භා. 03.31 න් ගෙවේ.
29 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]