[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පහන් සිතක කවි

අමා රස

රූපෙන් හඬින් සුවඳින් වල්මත් වන්නේ
රසයෙන් තව තවත් කිම දිව රවටන්නේ
කය සතපන්නමයි සැම දෙන වෙහෙසෙන්නේ
සිත දමනය වුනොත් ඉන් මරු පැරදෙන්නේ

මෙත් සිත පතුරවා සැම සතහට නිතර
ගෙවනා දිවිය නිම වනතුරු මේ සසර
නොකරනු කිසිවිටක කෙනකුට නම් වෛර
එය වෙයි අමාරස ලැබු සදහම් මිහිර

****

මුදු ගුණය

විය උණුකර රනින් ගෙන ආභරණ සැදෙන්
කය වචනය දෙකෙන් මුදු බව එලෙස පිදෙන්
එය තමනට මෙන්ම පරහට සුවය සැදෙන්
මෙය හුඟවිට හැමගෙ සැලකිල්ලට ද යෙදෙන්

මුදු වචනයට තිරිසන් වුව සතෙකු අතින්
රුදු ගති අතැර ළං වෙයි ආදරයෙ සෙතින්
බුදු හිමි දරුණු අය දමනය කළේ මෙතින්
සැදු එම ගුණය විමසමු නිති දහම වෙතින්

****

මුනිදු දෙසූ දම්

ලෝබ දෝස මෝහය මත මුළා වෙලා
රාග මාන මද උද්දච්චය හැදිලා
පාප චේතනාවන්ගෙන් හැම මිදිලා
නේන ගමන් යමු අපි නිවනේ නිවිලා

****

දම්සක් පැවතුම

ඉසිපතන භූමියෙ න්
ඇසුණ ූදම්සක් හඬි න්
අකනිඨා බඹ ලොවි න්
වැඩියේ බඹ සුර රජු න්

හැම මදනල පව න්
මිගදායේ පින් බිමෙ න්
තුෂර බිදු වස්සමි න්
දම් රසය විහිදු වෙ න්

බිනර  පුර පසළොස්වක

සැප්තැමිබර් 28 බ්‍රහස්පතින්දා අ.භා. 06.52 න් පුර පසළොස්වක ලබා
29 සිකුරාදා
අ.භා. 03.31 න් ගෙවේ.
29 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]