[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

දෙලොවම සැප සලසන අනුසස් පිරි කුසල කර්මය

දානය යන වචනයේ සරල අදහස දීම යනුයි. යමක් දීමේ දී දෙන්නා තුළ පැවතිය යුතු ගුණාංග රාශියකි.  පළමු කොට දායකයා සීලාදී ගුණධර්මයන්ගෙන් පිරිපුන් අයකු විය යුතුයි. සීලයෙන් පිරිහුණු අයකුගේ දානය සත්පුරුෂ දාන ගණයට අයත් නොවේ. දෙවැන්න ඔහු තුළ අලෝභ, අදෝෂ, අමෝහ යන කුසල් මුල් ඉදිරිපත් විය යුතු ය. අලෝභය නම් දෙනු ලබන දෙය කෙරෙහි ඇති ඇල්ම හෙවත් ආශාව දුරු කිරීමයි. යමෙක් කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුවෙන් දන් දෙයි නම් එහිදී ද ලෝභය ඉදිරිපත් වෙයි. අද්වේශය නම් ප්‍රතිග්‍රාහක පක්ෂය කෙරෙහි හෝ වෙනත් පක්ෂයක් කෙරෙහි ද්වේශයෙන් තොරව දන් දීමයි. මෛත්‍රී සහගත සිතින් දන් දිය යුතු ය යනු මෙහි අදහසයි. ඇතැම්හු සිය වස්තුව පරිත්‍යාග කරනුයේ ඥාතීන් හෝ දරුවන් කෙරෙහි වන ද්වේශයෙනි. ඔවුන් කෙරෙහි වන ද්වේශය දාන ස්වරූපයෙන් වඤ්චක ධර්මයක් ලෙසින් පහළ වූ විට මෙවන් දාන දෙනු දක්නට හැකි ය. කිනම් ක්‍රමයකින් හෝ ද්වේශය පදනම් කොට දීම දානය දුර්වල වීම සඳහා හේතු වෙයි. අමෝහය නම් මුළා නොවීමයි. කර්ම කර්මඵල නො අදහනසුලු ස්වභාවය මෝහය නම් වේ. ඒ අනුව කර්මඵල නොඅදහන්නහුගේ දානය අසම්පූර්ණ වූවකි. මූලික වශයෙන් දානයක් අංග සම්පූර්ණ වීම සඳහා ඉහත සඳහන් ගුණාංග සම්පූර්ණ විය යුතු ය. මීට අමතරව දානය සඳහා යොදාගන්නා දාන වස්තුව ද ධාර්මික විය යුතු ය යන්න බෞද්ධ ඉගැන්වීමයි. බාහු බලයෙන් දහඩිය වගුරුවා ධාර්මිකව උපයන ලද වස්තුව වියදම් කොට දානෝපකරණ සූදානම් කොට ගත යුතු ය. මෙහි දානෝපකරණ යනුවෙන් ආහාරපාන, වස්ත්‍ර, බෙහෙත් වැනි කිනම් දානෝපකරණයක් හෝ ගත හැකි ය. තවත් අයකුගෙන් යමක් පැහැර ගැනීමෙන්, සොරා ගැනීමෙන්, අධාර්මික ධනෝපායන ක්‍රම මඟින් ලත් දානෝපකරණවලින් සිදුකරන දානය ධාර්මික දාන ගණයට අයත් නොවේ.


නිකිණි අමාවක

සැප්තැමිබර් 14
බ්‍රහස්පතින්දා
පූ.භා. 04.51 න් අමාවක ලබා
15 සිකුරාදා පූ.භා. 07.11 න් ගෙවේ.
14 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]