[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ධර්ම දූතයන් වහන්සේ පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමට මේ සුදුසුම කාලයයි

ලෝකයේ ප්‍රථම වරට ධර්මදූත සේවයක් ආරම්භ කළ ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේ ය. එම ධර්ම දූත සේවය එතරම් ලෙහෙසි පහසුවෙන් සිදු කළ හැකි දෙයක් නොවේ. එයට එක් හේතුවක් නම්, අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ ඉන්දියාවේ පැවති විවිධ ආගමික දාර්ශනික පුද පූජා සිරිත් විරිත්වලට බුදුදහම බොහෝදුරට පටහැනිවීමයි. බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් ම සඳහන් කළහොත් “පටිසෝතගාමී” ධර්මයක් වශයෙන් බුදුදහම ඉදිරිපත් කරන්නට සිදුවීමයි. සත්‍යවූත්, ප්‍රතිඵල සහිත වූත්, ක්‍රමවත් වූත්, බුදුදහම පතළ සමාජයේ බලගතු විප්ලවයකට හේතු වන්නක් විය. මේ ගැන ඉන්දියාවේ හිටපු අගමැති ‘ජවහර්ලාල් නේරු’ සඳහන් කොට ඇත්තේ මෙසේ ය. “අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ වටිනා ආගමික ප්‍රතිපත්ති හැටියට ඉන්දියාවේ මහජනයා පිළිගෙන තිබූ බොහෝ සිරිත් විරිත් හා ඇදහිලි ක්‍රමවල කිසිම හරයක් නැති බව කීමට තරම් කවර තරමේ ධෛර්යයක් සහ අවබෝධයක් බුදුරදුන්ට තිබුණ ද යන්න මට නම් සිතා ගත නොහැක.” බුදුරජාණන් වහන්සේ තමන් ලොව පහළවීමේ ප්‍රධාන කාර්යය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධයක් ලබා දී දුක නැති කිරීමට මහජනයා නියම මාර්ගයේ යෙදවීමයි. බුද්ධත්වයෙන් වැඩි දවසක් ගතවීමට පෙර තමා විසින්ම අවබෝධ කර ගත් ධර්මය දුද්දස, දුරනුබෝධ වශයෙන් උන්වහන්සේට ම වැටහුණි. බුද්ධ ධර්මය ජනතාව අතර ප්‍රචාරය කිරීමට මොනතරම් අමාරුද යන්න එයින්ම වැටහෙනු ඇත. බුදුරජාණන් වහන්සේ මෙන්ම උන්වහන්සේ විසින් පිටත් කොට යැවූ ශ්‍රාවකයන් වහන්සේ ද ඉහත සඳහන් ප්‍රශ්නයන්ට සාර්ථකව මුහුණ දෙමින් ද බොහෝ ජනයා අතර පැවති මිථ්‍යා ආගම් දුබල කරමින් ද, ධර්ම පණිවුඩය සාර්ථකව ප්‍රචාරය කරමින් ද ලැබූ ජයග්‍රහණය පිළිබඳ පුළුල් අවබෝධයක් අපට තිබිය යුතු වෙයි.


නිකිණි අමාවක

සැප්තැමිබර් 14
බ්‍රහස්පතින්දා
පූ.භා. 04.51 න් අමාවක ලබා
15 සිකුරාදා පූ.භා. 07.11 න් ගෙවේ.
14 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]