[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ඓතිහාසික උරුමයක විශිෂ්ටත්වය කියන මාකූර පුරාණ රාජ මහා විහාරය

කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙට්ටිමුල්ල ගම්මානයට නුදුරු මාකූර නම් ඉසව්වෙහි නිල්වන් ගොයමින් මිහිකත සිපගත් කෙත් යායක් ද, සුන්දර වනස්පතීන්ගෙන් සැරසුණු මනරම් භූමි භාගයක්, ආශ්‍රය කර ගත් මාකූර ටැම්පිට රාජමහා විහාරය නගරයට දුර නොවූත් ළඟ නොවූත් ස්ථානයක විරාජමාන ව බැබළෙන්නේ ය. මෙම ඓතිහාසික ටැම්පිට විහාරය මැකී ගිය ඉතිහාසයක් අදට පෙන්වන්නේ ඉන්ද්‍රනීල බෝධි රාජයාගේ සෙවණහි සිට ය. කෙසේ වෙතත් අතීත ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතික ධනස්කන්ධයට එක් කළ හැකි මෙම විහාරස්ථානය අද වෙනුවෙන් තිළිණ වූ අනුරාධපුර යුගයේ කලා මහිමයක් බව පෙන්වා දිය හැකි සාක්ෂ්‍ය රාශියක් එබිම මිහිදන් කරගෙන සිටින බව හෙළිදරව් කිරීමට කාලය පැමිණ ඇත.ගනේගොඩතැන්න නම් වන සොඳුරු කඳු අරණෙහි ඇති සුන්දරත්වය නිසාම ඒ වෙත ජනකාය ඇදී ආ බව එකී ගම් ප්‍රදේශයේ වාසය කරන වැසියන් දරා සිටින මතයකි. අනුරාධපුරයේ රාජධානි කාල සමයක දී මෙම ප්‍රතාපවත් හෙළ උරුමය ජන සතු වූ බව ඉන් ලැබෙන සාක්ෂ්‍යවලින් අනාවරණය වන සත්‍යයකි. කෙසේ වෙතත් මෙම ටැම් විහාරය නඟා සිටුවා තිබෙන්නේ ගල් කණු 7කිනි. එය මත දැවයෙන් ගොඩනඟන ලද මෙම විහාරයේ අතීත කතාව ඉතා රසවත් එකකි. ඒ සිද්ධිය මෙසේ ද ඉදිරිපත් කළ හැකිය.

නිකිණි අමාවක

සැප්තැමිබර් 14
බ්‍රහස්පතින්දා
පූ.භා. 04.51 න් අමාවක ලබා
15 සිකුරාදා පූ.භා. 07.11 න් ගෙවේ.
14 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]