ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ නිකිණි අමාවක පෝදා 2023 සැප්තැම්බර් 14 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථකව නිම වේ - සම්ප්‍රදායානුකූල සන්දේශය දියවඩන නිලමේ අතින් ජනපතිට
හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය ලෙස සැලකෙන මහනුවර ශ්‍රී දළදා සමිඳුන් උදෙසා වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැල කෙරෙන ඇසළ පෙරහර සන්දේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් මහනුවර ජනාධිපති මන්දිරයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙත පසුගිය දා (31) පස්වරුවේ පිළිගන්වනු ලැබීය.
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 159 වැනි ජන්ම දිනය සහ දම්පල් පදනමේ 53 වැනි සංවත්සරයට සමගාමීව මැද මහනුවර මහදොරලියද්ද ශ්‍රී ධර්මවර්ධනාරාම පුණ්‍ය භූමියේ ඉදිකිරීමට යෝජිත චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය මෙම මස 17 වැනි දින පෙරවරුවේ එම විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මීට සමගාමීව දම්පල් පදනමේ නිර්මාතෘ දේශමාන්‍ය ජයන්ත සුමනසේකර මහතාගේ ශාසනික යුග මෙහෙවරයන්ට උපහාර පිණිස ධර්මවර්ධනාරාම විහාරාධිපති කාව්‍ය ශිරෝමණී නත්තරම්පොත සිරිවිමල නාහිමි විසින් රචිත “ගුණ නැණ ඇති හෙළ විරු ජයන්ත සුමනසේකර” නම් වූ කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම ද මෙදින සිදු කරනු ලබයි. මෙම උත්සවය සංවිධානය කරනු ලබන්නේ විහාරස්ථ දායක සභාව, චෛත්‍ය සංවර්ධන සමිතිය සහ දම්පල් පදනම මැදදුම්බර සංවිධානය මඟිනි.
සැප්තැමිබර් 14 බ්‍රහස්පතින්දා පූ.භා. 04.51 න් අමාවක ලබා 15 සිකුරාදා පූ.භා. 07.11 න් ගෙවේ. 14 බ්‍රහස්පතින්දා සිල්
අමාවක
සැප්තැම්බර් 14
පුර අටවක
සැප්තැම්බර් 22
පසළොස්වක
සැප්තැම්බර් 29
අව අටවක
ඔක්තෝබර් 06
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]