[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ ලුණුවිල දීපසිරි නාහිමිපාණෝ

ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ ලුණුවිල දීපසිරි නාහිමිපාණෝ

වයඹ වන්නි හිරියාල දෙහත්පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ ලුණුවිල දීපසිරිතිස්ස නාහිමියෝ අමරපුර මූලවංශික මහා නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත දුම්මලදෙනිය ධීරාලංකාරතිස්ස අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක් ලෙස ලුණුවිල දීපසිරි හිමි නමින් පැවිදි දිවියට ඇතුළත් වූහ. දුම්මලදෙණිය ශ්‍රී සුමනාරාම පිරිවෙන, බිබිලාදෙණිය ශ්‍රී මලියදේව පිරිවෙන යන පිරිවෙන් තුළින් පිරිවෙන් අධ්‍යාපනය ලබා 1986 වසරේ අමරපුර මූලවංශික මහා නිකායේ මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සංඝ සභාව මඟින් බලපිටිය මාදුගඟ උදකුක්ඛේප සීමා මාලකයේ දී අධිසීල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටුවන ලදී.

පාළු උඩවෙල ග්‍රාම සුදර්මාරාම විහාරස්ථානයට වැඩම කිරීමත් සමඟ එම ගම කුමාර උඩවෙල යන රන් අකුරින් ඉතිහාසයට එක්විය. එමෙන්ම දිගන්කෝන්වැව ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධුරය භාරගෙන කෙටි කාලයක් තුළදී එම විහාරස්ථානය පළාතේ වැජඹෙන විහාරස්ථානයක් බවට පත්කිරීමට සමත් විය. බොදු ජනතාවගේ ආගමික, ජාතික, සාමාජික කටයුතුවල නියැළෙන නාහිමිපාණන් වහන්සේ පරිවේණාධිපති ධුරයේ වසර 17ක් ද කටයුතු කරමින් වර්තමානයේ නිකවැරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙනේ පරිවේණාධිපති හිමි වශයෙන් කටයුතු කරනු ලබති. 2016 වර්ෂයේ ශාසන ශෝභන ශ්‍රී සද්ධර්මවාගීශ්වර ශාසන කීර්ති ශී‍්‍ර යන ගෞරව නාමයෙන් ද පිදුම් ලදහ. වයඹ 2 කෘත්‍යාධිකාරි හා පරිවේණාධිපති සංගමයේ ප්‍රධාන ලේඛකාධිකාරි වශයෙන් ද කටයුතු කළහ. සිරි ගුණරුවන් ධර්ම විද්‍යාලයේ ප්‍රධානාචාර්ය වූහ.

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ශ්‍රීමත් මහානායක ධුරන්දර සිරි සද්ධම්වංසපාල ගණාචරිය මහෝපාධ්‍යාය අහුන්ගල්ලේ සිරිසීල විසුද්ධි මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන “සුධර්ම” කාරක සංඝ සභාව විසින් සද්ධර්මකීර්ති ශ්‍රී ධීරාලංකාරවංසාවතංස ගෞරව නාමය සහිත වයඹ වන්නි හිරියාල දෙහත්පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවිය බලපිටිය වැලිතර මහා කප්පින වලව්ව මූලස්ථාන විහාරස්ථ ශ්‍රී ධීරානන්ද මහා මංගල සීමා මාලකයේ දී 2023 ජුනි 16 වන දින පිරිනමන ලදි.

2023 ජුනි මස 24 වැනි දින දිගන්කොන්වැව ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයට වැඩම කරවීමෙන් පසු පිළිගැනීමේ උත්සවය අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකයේ අනුනායක විනයාචාර්ය අතිපූජ්‍ය රත්මලානේ ශ්‍රී සුනීත අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ප්‍රදානත්වයෙන් හා ආරාධිත ප්‍රභූවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ඇසළ පුර පසළොස්වක

අගෝස්තු 01 අඟහරුවාදා පූ.භා. 03.53 න් පුර පසළොස්වක ලබා 02 බදාදා පූ.භා. 00.02 න් ගෙවේ.
01 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]