[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සසුන් කෙත ශෝභාවත් කරන මීඇල්ලේ ධම්මදස්සි නාහිමි

සසුන් කෙත ශෝභාවත් කරන මීඇල්ලේ ධම්මදස්සි නාහිමි

ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය ශෝභාවත් වූයේ ශීල වෘද්ධ, ගුණ වෘද්ධ, තපෝ වෘද්ධ සුපේසල ශික්ෂාකාමී යතිවරයන් වහන්සේගේ උදාර ලෝක ශාසනික මෙහෙවර නිසාමයි. දඹරැල්ලේ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති මී ඇල්ලේ ධම්මදස්සී නාහිමියෝ ද එවැනි උදාර චරිතයකි.

උන්වහන්සේ දකුණු පළාතේ මාතර දිසාවේ මීඇල්ල නම් රමණීය ගම්පියසේ දී වික්‍රමසේකර කංකානම්ගේ දොන් අන්දිරිස්, වනිගරත්න දිසානායකගේ දෝන පැන්සිනා යන දම්පතීන්ට දාව පවුලේ පස් දෙනාගේ බාලයා ලෙස වික්‍රමසේකර කංකානම්ගේ ගුණපාල නමින් 1951 දෙසැම්බර් මස 03 වන දින මෙලොව ජනිත විය.

මූලික අධ්‍යාපනයෙන් පසුව දෙනගම රතනපාල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයකු ලෙස 1965 ඔක්තෝම්බර් මස 30 වන දින පනන්වෙල විද්‍යාරාජ පිරිවෙන් විහාරස්ථානයේ දී සසුන්ගත වූයේ මීඇල්ලේ ධම්මදස්සී සාමණේර නමිනි.

මනා බණ දහම් උගෙන 1987 අපේ‍්‍රල් 22 වැනි දින මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ සංඝ මූලස්ථානය වූ ඌරාපොල ශ්‍රී රතනජෝති මංගල උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටියේ රත්න කට්ටකඩුව පුරාණ විහාරාධිපති වැලිපිටියේ පේමසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයකු ලෙසයි.

උන්වහන්සේ ස්වකීය ආචාර්යපාදයන් වහන්සේගේ සුසමාදර්ශී ශාසන ගමන් මඟ අගය කරමින් ජාතික, ආගමික, ශාසනික සංස්කෘතික සේවාවේ පරාර්ථය සඳහා ඇප කැප වී ක්‍රියා කරනු ලබයි.

විනය ගරුක ශිෂ්‍ය පිරිසක් බිහි කළ උන්වහන්සේ දඹරැල්ලේ බෝධිරුක්ඛාරාමයේ විහාර මන්දිරය, සංඝාවාසය, ධර්ම මන්දිරය ආදී විහාර ආරාමයන්ගෙන් සමන්විත දර්ශනීය විහාරයක් බවට ද පත් කළහ. මීඇල්ලේ ධම්මදස්සී මහා නාහිමියන්ට තුණුරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් ශතවර්ෂාදී කාලයක් ලෝ සසුන් දෙකට වැඩ වඩන්නට ශක්තිය දිරිය ලැබේවා.

ඇසළ පුර පසළොස්වක

අගෝස්තු 01 අඟහරුවාදා පූ.භා. 03.53 න් පුර පසළොස්වක ලබා 02 බදාදා පූ.භා. 00.02 න් ගෙවේ.
01 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]