Print this Article


පොසොන් පෝය දා

පොසොන් පෝය දා

z

පායා පුරසඳ ගනඳුර බින්දාට
තරු හිනැහිලා නිලඹර දිලුනාට
බැඳිලා ලෝබ සිත දඩයමට
පෑතිස් නිරිඳු වැදුනා මහ වනයට

මුවාගෙ පස්සේ රජු ලුහුබැන්දා
පිබිදෙන සතුටින් දුනු දිය ඇද්දා
තිස්ස කියන හඬ රජු සිත බින්දා
දුනුහී අතහැර හිමි රුව වැන්දා

සම්බුදු සමිඳු තෙවරක් වැඩි ලක්බිමට
අනුබුදු මිහිඳු සමිඳුන් වැඩ මිස්සකට
අපි වෙමු පසිඳු සමනුන් ගිය බුදුමඟට
දෙසුවා සමිඳු පෑතිස් නරනිඳුට

වනයට මනරම් උයනක් සැදුණා
උයනට අගනා සෑයක් සැදුණා
සසුනට වටිනා අරමක් පිදුණා
දනහට විඳිනට දහමක් ලැබුණා

මිහිදු සමිඳු සමඟින් බුදු දහම ගෙනා
දූත පිරිසෙ සිටිය උපාසක තැනා
පණ්ඩුක තුමා පැවිදිව උපසපන් වුනා
අනුබුදු නාහිමි හමුවේ පොසොන් දිනා

පෑතිස් නිරිඳු හා හතළිස් දහසක් ආවා
චුල්ලහත්ථි සුතුරට සැම කැටි කෙරුවා
අනුබුදු සමිඳු පිරිසට සදහම් දෙසුවා
තෙරුවන් සරණ ගොස් බොදුවන් වූවා

සාමණේර සුමන හිමිගෙ ඇරයුම් ලැබිලා
මිස්සක පව්වට දෙව් මහ පිරිසක් වැඩලා
දෙව් පිරිසට මිහිඳු සමිඳු කරුණු කියාලා
පොසොන් පෝය දා දුන්නේ දහම බෙදාලා