[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ගිරිහඬු සෑය
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

බක් අමාවක

අප්‍රේල් 19 බදාදා පූ.භා. 11.28 න් අමාවක ලබා 20 බ්‍රහස්පතින්දා පූ.භා. 09.46 න් ගෙවේ.
19 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 19

First Quarterපුර අටවක

අප්‍රේල් 27

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

 

 

 

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය කැබැල්ලාවල ශ්‍රී රතනසිරි මහ පිරිවෙන් විහාරස්ථානයේ දී

ශ්‍රී බුද්ධ වර්ෂ 2567 (2023)රාජ්‍ය වෙසක් උත්සවය 2023-05-04 වෙනි දින හලාවත කැබැල්ලාවල ශ්‍රී රතනසිරි මහ පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. සමස්ත ලංකා සාශනාරක්ෂක මණ්ඩලය ,බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ හලාවත ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙම පුණ්‍ය මහෝත්සවය පැවැත්වේ. 2023 මැයි මස 02 සිට 08 දක්වා වෙසක් සතිය ක්‍රියාත්මක කෙරේ .“අත්තදීපා විහරථ අත්ත සරණා”තමා තමාට ම සරණක් වන්න.මෙවර වෙසක් උත්සවයේ තේමාවයි. පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් රට පුරා බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමේ අරමුණින් මෙවර වෙසක් උත්සවය සැමරීමට සැලසුම් කර ඇත. 2023-05-02 වැනි දා පරිසර සංරක්ෂණ වැඩසටහන්, 03 වැනි දා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්, 04 වැනි දා සාර ධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, 05 වැනි දා ශීල භාවනා පින්කම්, 06 වැනි දා සංස්කෘතික වැඩසටහන්, 07 වැනි දා භික්ෂු සහ සිල්මාතා පුහුණු වැඩසටහන්,08 වැනි දා ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් වෙසක් සතිය තුළ දිවයින පුරා විහාරස්ථානවල පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තිසරණය ලොව පවතින්නේ ත්‍රිවිධ රත්නය ලොව පහළ වූ කල පමණි

යෙ කෙචි බුද්ධං සරණං ගතාසෙ - න තෙ ගමිස්සන්ති අපායං - පහාය මානුසං දෙහං - දෙවකායං පරිපූරෙස්සන්ති , ඡත්ත මානවක බුදුරජාණන් වහන්සේ විසින් සරණ ගන්වන ලදුව, ‘ යො වදතං පවරො මනුජෙසු’ යනුවෙන් තෙරුවන් සරණ ගිය ආකාරයත්, සොර මුළකට හසු ව මරණයට පත් ව දෙව්ලොව උපන් ආකාරයත් ප්‍රකට ය. තෙරුවන් සරණ ගිය පුද්ගලයා මරණින් මතු දෙව්ලොව උපන් කල්හි සෙසු දෙවියන්ට වඩා ආයුෂ වර්ණ ආදියෙන් බබළයි. සැප විඳීයි. මනුෂ්‍ය ලෝකයෙහි උපන් කල්හි මහත් වූ භවභෝග සම්පත් හා රූප සම්පත් ලබයි. උපනුපන් ජාතියෙහි මහ නුවණ ඇත්තේ වෙයි.මෙසේ සැකෙවින් සරණාගමනයෙහි ලෞකික ඵල හෝ ආනිශංස දක්වන ලදී. ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ඇති, මෙලොව දී ම නිවන් ප්‍රත්‍යක්‍ෂ කිරීමට තරම් ඤාණය සම්පූර්ණ වූ යම්කිසි කෙනෙක් තිසරණයෙහි පිහිටා නිවැරැදි ප්‍රතිපත්ති අනුගමනය කෙළේ නම් ඔහු නොවරදවා ම සමථයානික හෝ විපස්සනායානික ව මාර්‍ග ඵලාධිගම ලබන්නේ ය. එයින් ආර්‍ය පුද්ගල භාවයට පත් වීමෙන් තමා අතින් මත්තෙහි ආනන්තරී‍ය කර්මයන් සිදුවීම ද, ලොවුතුරා බුදුන් හැර අන්‍ය ශාස්තෘවරයකුගේ පිහිට සෙවීම ද අවුරන්නේ ය. එ මෙන් ම සෝවාන් වූවහුගේ සතර අපායෝත්පත්තියෙන් මිදීම හා අටවන භවයෙන් එපිට සසර භව සිඳලීමත් , සකෘදාගාමී වූවහුගේ කාම භුමියෙහි එක් වරක් පමණක් ඉපදීමත්, අනාගාමී වූවහුගේ කාම භවයට නැවත නො ඒමත් ලෝකෝත්තර සරණාගමනයෙහි විපාක ඵල වෙයි.

බෞද්ධ ඉතිහාසයේ නිකාය භේදයට බලපෑ සාධක

නිකාය යන වචනය බෞද්ධ සාහිත්‍යයෙහි ඉතා ප්‍රකට වචනයකි. බෞද්ධයන්ගේ ධර්ම ග්‍රන්ථ ත්‍රිපිටකය ලෙස හැඳින්වේ. එම ත්‍රිපිටකයේ එක් කොටසක් සූත්‍ර පිටකය යි. සූත්‍ර පිටකයේ පොත් ද නිකාය ලෙස හැඳින්වේ. ඒවා දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය හා ඛුද්දක නිකාය වශයෙන් පංචවිධ ය. නිකාය යන වචනය සංස්කෘත හා පාලි භාෂාවල ඇති වචනයකි. එය සිංහලයේ තත්සම වචනයක් ලෙස භාවිත වේ. එහි විවිධ අර්ථ ඇත. රුවන්මල් නිඝණ්ඩුව නිකාය යන්නෙන් ඇතුªළත් බඳින දම්වැල අර්ථවත් වන බව ද දක්වයි. එහිම සමූහය, කොටස, ගොඩ, කණ්ඩායම, රාශිය යන අර්ථ ද ඇති බව දක්වයි. මහාරූපසිද්ධි සන්නයෙහි දේව හෝ අසුර යෝනිය සඳහා ද නිකාය යන්න යෙදෙන බව දක්වයි. කාව්‍යශේඛරයේ දහඅටවන පද්‍යයෙහි නිකාය යන්න යෙදී ඇත්තේ සමූහය යන අර්ථයෙනි. මේ අනුව පෙනී යන්නේ නිකාය යන්න විවිධ අර්ථ ගැන්වෙන වචනයක් බවයි. භේදය යන වචනය සංස්කෘත හිද් ධාතුවෙන් නිපන් පදයකි. එහි බිඳීම්, කැඩීම යන අර්ථ ඇත. අමාවතුර කර්තෘ ද නිකාය යන්න යොදා ඇත්තේ එම අර්ථයෙනි. එහෙත් කංඛාවිතරණි පිටපොත නිකාය යන වචනය ‘වෙනස’ යන අර්ථ දක්වා ඇත. එම අර්ථය දෙස මඳක් විමසිල්ලේ බැලීම වැදගත් වේ. බෞද්ධ ඉතිහාසය දෙස විමසිල්ලෙන් බලන විට නිකාය භේදය ඇති වීමට බලපෑ සාධක අතර ප්‍රධාන වන්නේ ධර්මපර්යායන් විවරණය කිරීමේ දී විවිධ මතවාද ඔස්සේ කණ්ඩායම් ගොනුවීමයි. චුල්ලවග්ග පාලිය වැනි ඓතිහාසික සාධක අනුව බුද්ධ පරිනිර්වාණයෙන් ශත වර්ෂයක් එනම් වසර සියයක් ගතවනතුරු සංඝ සමාජය තුළ නිකාය වශයෙන් ඒකරාශී වීමක් සිදු නොවීය. දෙවන සංගීතිය පවත්වන්නේ බුදුරදුන්ගේ පිරිනිවීමෙන් සිය වසරක් ඉක්මගිය පසුව ය. ප්‍රථම සංගායනාවට ආසන්නතම කාරණාව සුභද්‍ර හිමිගේ අභද්‍ර වචනය වූවා සේ ම දෙවන සංගීතියට ආසන්නතම සාධකය වන්නේ වජ්ජිපුත්‍රක භික්ෂූන් විසින් ඉදිරිපත් කළ දස අකැප වස්තු භාවිතය වැනි විනය විරෝධී කරුණු බව වාර්තා වේ.

බොදු කුල කතට හොඳ ඉවසීමක් වගේම තියුණු නුවණකුත් තිබිය යුතුයි

ඈත අතීතයේ බෞද්ධ පවුලක් තුළ තිබූ එකමුතුකම අද වනවිට බොහෝ සේ පිරිහීමට පත්ව තිබෙනවා. එදා බෞද්ධ පවුලක් තුළ තිබූ ඒ එකමුතුකම නැවත ඇතිකර ගැනීමට වර්තමාන, පවුලක කාන්තාවගේ වගකීම සුළුපටු එකක් නොවේ.යම් කාන්තාවක් බුදු දහම අනුව කටයුතු කරනවා නම් ඇයට කවදාවත් චෝදනාවක් එල්ල වෙන්නේ නැහැ. ඇයගෙන් විය යුතු සියලු යුතුකම් ඇය ඉටුකර තිබෙන්නේ. එනිසා මේ වගේ නිවසක ආරවුල් අඩුයි. ඒ ඇයගේ පැත්තෙන් යම් ගුණයක් සම්පූර්ණ නිසා.ලස්සන ම අම්මා, නැත්නම් කාන්තාව අපට හමුවන්නේ බුද්ධ ශාසනය තුළ යි. ඈ විශාඛාව යි. ඇයගේ ජීවිතය දෙස බලද්දී අපට හිතෙනවා ඇයගේ නිවස කොතරම් නම් ලස්සන ද කියලා. ඇය එතරම් ලස්සන ජීවිතයක් ගොඩනඟා ගත්තේ ඇය තුළ තිබූ ඉවසීම සහ උ‍පේක්ෂා සහගත බව නිසයි.විශාඛා විවාහ වෙලා සැමියාගේ නිවසට එන දවසේ ඇගේ පියා අපූරු උපදෙස් දහයක් දුන්නා. ඒ අවවාද අහලා විශාඛා එදා රැකුණා. අද දියණියකටත් ඒ අවවාද අහන්න ලැබුණොත් ඇයත් රැකේවි. ඒ අවවාදවල සඳහන් වුණේඇතුළත ගිනි පිටට දෙන්න එපා, පිට ගිනි ඇතුළට ගන්න එපා, දෙන්නන්ට දෙන්න, නො දෙන්නන්ට නො‍ දෙන්න, දෙන්නන්ටත් නො දෙන්නන්ටත් දෙන්න, සුවසේ නිදන්න සුවසේ වළදන්න, සුවසේ හිඳීන්න ගිනි පුදන්න, ඇතුළත දෙවියන් නමදින්න කියලයි.

බක් අමාවක
පෝය දින

Budusarana e-paper

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]