ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ බක් අමාවක පෝදා 2023 අප්‍රේල් 19 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |
නිකාය යන වචනය බෞද්ධ සාහිත්‍යයෙහි ඉතා ප්‍රකට වචනයකි. බෞද්ධයන්ගේ ධර්ම ග්‍රන්ථ ත්‍රිපිටකය ලෙස හැඳින්වේ. එම ත්‍රිපිටකයේ එක් කොටසක් සූත්‍ර පිටකය යි. සූත්‍ර පිටකයේ පොත් ද නිකාය ලෙස හැඳින්වේ. ඒවා දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය හා ඛුද්දක නිකාය වශයෙන් පංචවිධ ය. නිකාය යන වචනය සංස්කෘත හා පාලි භාෂාවල ඇති වචනයකි. එය සිංහලයේ තත්සම වචනයක් ලෙස භාවිත වේ. එහි විවිධ අර්ථ ඇත. රුවන්මල් නිඝණ්ඩුව නිකාය යන්නෙන් ඇතුªළත් බඳින දම්වැල අර්ථවත් වන බව ද දක්වයි. එහිම සමූහය, කොටස, ගොඩ, කණ්ඩායම, රාශිය යන අර්ථ ද ඇති බව දක්වයි. මහාරූපසිද්ධි සන්නයෙහි දේව හෝ අසුර යෝනිය සඳහා ද නිකාය යන්න යෙදෙන බව දක්වයි. කාව්‍යශේඛරයේ දහඅටවන පද්‍යයෙහි නිකාය යන්න යෙදී ඇත්තේ සමූහය යන අර්ථයෙනි. මේ අනුව පෙනී යන්නේ නිකාය යන්න විවිධ අර්ථ ගැන්වෙන වචනයක් බවයි. භේදය යන වචනය සංස්කෘත හිද් ධාතුවෙන් නිපන් පදයකි. එහි බිඳීම්, කැඩීම යන අර්ථ ඇත. අමාවතුර කර්තෘ ද නිකාය යන්න යොදා ඇත්තේ එම අර්ථයෙනි. එහෙත් කංඛාවිතරණි පිටපොත නිකාය යන වචනය ‘වෙනස’ යන අර්ථ දක්වා ඇත. එම අර්ථය දෙස මඳක් විමසිල්ලේ බැලීම වැදගත් වේ. බෞද්ධ ඉතිහාසය දෙස විමසිල්ලෙන් බලන විට නිකාය භේදය ඇති වීමට බලපෑ සාධක අතර ප්‍රධාන වන්නේ ධර්මපර්යායන් විවරණය කිරීමේ දී විවිධ මතවාද ඔස්සේ කණ්ඩායම් ගොනුවීමයි. චුල්ලවග්ග පාලිය වැනි ඓතිහාසික සාධක අනුව බුද්ධ පරිනිර්වාණයෙන් ශත වර්ෂයක් එනම් වසර සියයක් ගතවනතුරු සංඝ සමාජය තුළ නිකාය වශයෙන් ඒකරාශී වීමක් සිදු නොවීය. දෙවන සංගීතිය පවත්වන්නේ බුදුරදුන්ගේ පිරිනිවීමෙන් සිය වසරක් ඉක්මගිය පසුව ය. ප්‍රථම සංගායනාවට ආසන්නතම කාරණාව සුභද්‍ර හිමිගේ අභද්‍ර වචනය වූවා සේ ම දෙවන සංගීතියට ආසන්නතම සාධකය වන්නේ වජ්ජිපුත්‍රක භික්ෂූන් විසින් ඉදිරිපත් කළ දස අකැප වස්තු භාවිතය වැනි විනය විරෝධී කරුණු බව වාර්තා වේ.
අප්‍රේල් 19 බදාදා පූ.භා. 11.28 න් අමාවක ලබා 20 බ්‍රහස්පතින්දා පූ.භා. 09.46 න් ගෙවේ. 19 බදාදා සිල්.
අමාවක
අප්‍රේල් 19
පුර අටවක
අප්‍රේල් 27
පසළොස්වක
මැයි 05
අව අටවක
මැයි 12
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]