[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ඓතිහාසික මිහින්තලා පුදබිම
ඡායාරූපය - සුලෝචන ගමගේ

මැදින් අමාවක

මාර්තු 21 අඟහරුවාදා
පූ.භා. 01.50 න් අමාවක ලබා එදිනම අ.භා. 10.57 න් ගෙවේ.
21 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

 

 

 

 

 

 

 

 

ලොවම එරෙහි වූ කල වුව දරුවන්ගේ පිහිටට එන ගෙදර බුදුන්ගේ ගුණ කඳ

මේ ලෝකයේ කාගේත් ළඟින්ම පිහිටට, පිළිසරණට සිටිනා දෙන්නෙක් ඇත්නම් ඒ මවත්, පියාත් බව අමුතුවෙන් කිව යුතු නැත. අටලෝ දහමින් කම්පා නොවී දරුවන් සමඟම ජීවත්වීමට නිරන්තරයෙන් උත්සාහ කරන්නේ එම දෙපළයි. ගෙදර බුදුන් ලෙස ආමන්ත්‍රණය කරන්නේ ද එම දෙපළටමයි. මවුපියන්ගේ වටිනාකම පිළිබඳ මොහොතක් ගානේ සිතීමට කාලය උදා වී ඇත. බුදුරදුන් වදාළ දෙමව්පියන්ගේ වටිනාකම පිළිබඳ කරුණු කාරණා අද සමාජයට ඉතා වැදගත් වේ. මෙත්තා, කරුණා, මුදිතා,උපේක්ඛා යන මහා බ්‍රහ්මයාට ඇති ගුණ හතරකි. දෙමාපියන් තුළ ද එම ගුණ තිබෙන බව බුදුරජාණන් වහන්සේ වදාළහ. ගෙදර බුදුන් ලෙස සලකන්නේ දෙමව්පියන් ය. “බ්‍රහ්මාති මාතා පිතරෝ” යනුවෙන් සඳහන් වන්නේ එම ගුණ හරහා මහා බ්‍රහ්මයාට දෙමව්පියන් ද සමාන වන බවයි. එම ගුණ හතර දෙමාපියන්ටත් තිබීම එයට හේතුවයි. දරුවන් විසින් වෙහෙස මහන්සි වී සැලකීමට සුදුස්සන් දෙපළක් ඇත්නම් ඒ මවුපියන් ය. දරුවන්ට ඇති ආදරය නිසාම දරුවන්ගෙන් වන කරදර කොතෙක් පැමිණියත් ඒවා ආදරයෙන් ඉවසීම දෙමව්පියන්ගේ ලක්ෂණයයි. අජාසත්ත කුමාරයාට පියා වූ බිම්බිසාර රජතුමා සැලකූ ආකාරයත්, පසුව ඔහු රජ වී පියාට සැලකූ ආකරය තුළිනුත් ඒ බව මනාව සපථ වේ. මැක්සිම් ගෝර්කි සඳහන් කළේ “ලෝකය ලස්සන වන්නේ හිරුගේ රැස්වලින් හා මවගේ කිරිවලින් බවයි. ඊට වසර දෙදහසකටත් ඉහතදී බුදුරජාණන් වහන්සේ දෙමාපියන්ගේ වටිනාකම ලෝක සත්වයාට දේශනා කළහ. ඕනෑම අම්මා කෙනකුගේ රුධිරය කිරි බවට පත්වන්නේ දරුවාට තිබෙන අපමණ සෙනෙහස නිසාවෙනි. ලෝකය කොතරම් දියුණු වුවත් රුධිරය දමා, ඒවා කිරි බවට පත්කරන යන්ත්‍රයක් බිහිවෙලා තිබේ ද යන්න මොහොතක් සිතා බැලිය යුතුව ඇත. එය සිදුවන්නේ මවක් තුළ දරුවා කෙරෙහි තිබෙන අසීමිත ආදරය නිසාමයි. ශරීරයේ කිරි කියලා වෙනම කොටසක් ඇත්තේ නැත. දස මසක් තුළ දරුවෙකු කුසෙහි රඳවාගෙන අපමණ දුක් විඳිමින් මවක් දරුවන් මේ ලෝකෙට බිහි කරන්නේ දුක් වේදනා දරුවා වෙනුවෙන් ඉවසා ගෙන නොවේ ද? දරුවන් ලොකු මහත් කිරීම සඳහා දරුවන්ට ආහාර පාන, ඇඳුම් පැළඳුම් පොත් පත් ලබා දෙන්නේ පියා ය. පිය කෙනෙක් වුව ද දරුවන් වෙනුවෙන් මොන තරම් මහන්සි වෙනවා ද? දහඩිය බිංදු දහස් ගණනක් මේ මහ පොළොවට වගුරුවා, දෑත දෙපයේ කර ගැට එනතුරු පොළොවත් සමඟ ගැටී පොර බදලා, කැත්තෙ උදැල්ලේ වැඩ කරන්නේ, රැකී රක්ෂා කරන්නේ, දූ දරුවන්ගේ අනාගතය යහපත් කර දීමට නොවේද? මව්පියෝ දූ දරුවන් වෙනුවෙන් විඳින දුක් වේදනා වචනවලට හසු කිරීමට බැරි තරම් ය.

 

පාපයෙහි විපාක දන්නා පුද්ගලයා කුඩා වරදෙහි වුව ද බිය වෙයි

නොපමා වූයේ භෝග සම්පත් ලබයි. බොහෝ පිරිසක් මැදට වුව ද තේජස් ඇතිව පැමිණෙයි. සිල්වත් හෙවත් සදාචාරවත් පුද්ගලයාගේ යසස, කීර්තිය පැතිරෙයි. සිල්වත් පුද්ගලයා නොමුලාව කළුරිය කරයි. මරණින් පසු මනා ගති ඇති සුගතියෙහි උපතක් ලබයි. සීලය නම් සංවර බවයි. කයින්, වචනයෙන් සංවර වීමයි. පුද්ගල කය, වචනය හික්මවා ගැනීමයි. කය, වචනය හික්මවා ගත් කල පුද්ගල සන්තානයම දමනය වෙයි. නිවන් මඟෙහි පළමු පියවර සීලයයි. ගෘහස්ත ජීවිත ගත කරන පෘතග්ජනයා පංචසීලය, උපෝසථ සීලය, ආජීව අට්ඨමක සීලය වශයෙන් සීලයන්හි පිරිපුන් විය යුතු බවට අපි විශ්වාස කරමු. එපමණක් නොවේ. ආචාර ගෝචර සම්පන්න වීම හෙවත් සිරිත් විරිත් අනුගමනය කරන්නා වූ අයෙක් වීම ද අවශ්‍යයයි. මෙහි දී චාරිත්‍ර වාරිත්‍ර හෙවත් සිරිත් විරිත් මොනවා දැයි සේඛියා ධර්ම නම් වූ ශික්ෂා පද සැත්තෑ පහ විමසා බැලීමෙන්, තේරුම් ගත හැකි ය. උදාහරණයක් ලෙසින් ආහාර ගැනීමේ දී මේ ආකාරයෙන් ආචාරශීලිවීමේ අගය පෙන්වා දී ඇත. පිටතට ශබ්දය ඇසෙන සේ තලු මරමින් ආහාර අනුභව නො කරන්නෙමි’යි හික්මිය යුතු ය. ආහාර අනුභවයෙන් පසුව අත ලෙවකමින් ආහාර අනුභව නොකරන්නෙමි’යි හික්මිය යුතු ය. මේ ආකාරයෙන් සිවුරු පරිහරණය, ගිහි අයෙක් නම් ඇඳුමෙන්, පැළඳුමෙන්, ගමනෙන්, බිමනින්, වැසිකිලිය, කැසිකිළිය පරිහරණය කිරීම වශයෙන් ද සංවරය, හික්මීම, ආචාරශීලිවීම උගන්වා තිබේ. ඒ වගේ ම කුඩා අනු කුඩා වරදෙහි පවා බිය දකින්නා වූ අයකු විය යුතු බව ය. බුදු දහමෙහි එය පෙන්වා දෙන්නේ ‘හිරි ඔතප්’ යනුවෙනි. එනම්, වරදක් කිරීමට ඇති ලජ්ජාව සහ බියයි. වරදක් කිරීමට ඇති ලජ්ජාව මෙන් ම බිය අවබෝධයෙන් ම ඇති කරගත යුත්තක් විය යුතු ය. කෙනෙක් අනුන්ට රහසේ වැරැදි කිරීමට පෙළඹිය හැකි ය. අනුන් ඉදිරියේ, ප්‍රසිද්ධියේ වරද නොකළත් ඉඩ ලද අවස්ථාවේ රහසේ වරදට යොමු විය හැකි ය. එහෙත් පාපයට බිය පුද්ගලයා, ලජ්ජා සහගත පුද්ගලයා රහසින්වත් පව් කරන්නේ නැත. ඒ පවෙහි බියජනක බව, අයහපත් ආදීනව දන්නා බැවිනි.

 

බිම වැටී තිබුණු දෙයක් අහුලා ගැනීම සොරකමක් ද?

එක් කාලයක ලංකාව පාලනය කළා භාතිය කියලා රජ කෙනෙක්. බොහෝම ශ්‍රද්ධා සම්පන්නයි. දැහැමින් රාජ්‍ය පාලනය කළා. රජතුමාගේ සිරිතක් තිබුණා ඉඩක් ලැබුණු ගමන් මහා සෑය වන්දනා කරන්න යන්න. දිනක් අමාත්‍යවරුන් හා ආරක්ෂක සෙබළු සමඟ පිටත් වුණා. මෙදිනම දකුණු දිශාවෙන් පිටත් වුණ මහ තෙරනමක් ද මහාසෑය වන්දනා කරගන්න වැඩම කරලා තිබුණා. මහාසෑයට පූජා කරන්න රියන් හතක් පමණ කසාවතක් ද කරලාගෙන තමයි උන්වහන්සේ වැඩම කළේ. සවස් කාලය නිසා වන්දනාකරුවන්ගේ ප්‍රමාණය වැඩියි. උඩමළුවේ ගමන් කරන්න බැරිතරම් සෙනඟ පිරිලා. තෙරුන් වහන්සේටත් වන්දනා කරගන්න යන්න අවශ්‍යයි. කොහොම හරි සෙනඟ අතරින් ම උන්වහන්සේත් හෙමින් හෙමින් සෑය සමීපයට වැඩම කරන්න පටන් ගත්තා. මේ මොහොතේ භාතිය රජුගේ ආරක්ෂකයින් ඇවිත් රජතුමාට අවශ්‍ය ඉඩ සකසන්න වුණා. වන්දනා කරුවෝ කලබලයෙන් එහෙ මෙහෙ යන්නත්, තෙරපෙන්නත් වුණා. අධික තදබදය නිසා තෙරුන් වහන්සේගේ කරේ තිබුණු රියන් හතක් පමණ වූ සිවුරු රෙද්ද තමන්ටත් නොදැනීම බිමට වැටිලා. සෙනග අතරින් හෙමින් හෙමින් දාගැබ සමීපයට වැඩම කරලා ගෙන තිබුණු සිවුරු පිරිකර දාගැබට පූජා කරන්න බලන කොට එය කරේ නැති බව දැක්කා. ‘රජතුමා ආව නිසා මිනිස්සු කලබල වුණා. සෙනඟ අතරේ ආයෙත් ඇවිද ගිහින් ඒක හොයා ගන්න එක එතරම් පහසු නෑ. ඒ විතරක් නොවෙයි. මිනිසුන්ගේ පාවලට පෑගිලා හොඳටෝම දැන් අපිරිසුදු වෙලා ඇති. ඒ වගේ අපිරිසුදු පිරිකරක් මහා සෑයට පූජා කරන එක සුදුසුත් නෑ’යි ගෙනා කසාවත පිළිබඳ බලාපොරොත්තුව අත්හැර දමලා හිතේ සතුටින් දාගැබ වන්දනා කරගෙන විහාරය බලා වැඩම කළා.

මැදින්  අමාවක
පෝය දින

Budusarana e-paper

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]