සිවුරේ වගකීම දැහැමි දමනයයි
ඌවේ සියම් මහා නිකායේ
මහා ලේඛකාධිකාරි,
වැලිමඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති,
කැප්පෙටිපොල, පාලුගම, ශී‍්‍ර සුභද්‍රාරාම මහා විහාරාධිපති,
ශාස්ත්‍රපති,
අධ්‍යාපනපති
විල්ඔය පඤ්ඤාතිලක හිමි
තථාගතයන් වහන්සේ චම්පානුවර ගග්ගරා නම් පොකුණුතෙර මහත් වූ භික්ෂූන් පිරිස සමඟ වැඩ
වෙසෙන අවස්ථාවෙහි පෙස්ස නම් වූ හස්ත්‍යාචාර්‍ය පුත්‍රයා හා කන්දරක නම් පිරිවැජියා
උන්වහන්සේ වෙත පැමිණියහ. ඔවුහු තථාගතයන් වහන්සේ් සමීපයේ වැඩ සිටි භික්ෂූන්
වහන්සේටගේ ශාන්තභාවය දැක ඉමහත් පුදුමයටත්, සතුටටත් පත් වූහ.
බුදුරදුන් හා පිළිසඳර කථා කොට එකත් පසෙක හිඳගත්තා වූ කන්දරක පිරිවැජියා
“පින්වත් ගෞතමයන් වහන්ස, නුඹ වහන්සේ භික්ෂු සංඝයා හික්මවා ඇති සැටි ඉතා පුදුමයි.
අතීත බුදුවරයන් භික්ෂු සංඝයා හික්මවන්නට ඇත්තේ ද, අනාගත බුදුවරයන් භික්ෂු සංඝයා
හික්මවන්නේ ද, දැන් පින්වත් ගෞතමයන් වහන්සේ විසින් භික්ෂු සංඝයා හික්මවා ඇති
පරිද්දෙන් ම යැයි සිතමි”.
“එසේය කන්දරක අතීත බුදුවරයන් භික්ෂු සංඝයා හික්මවන ලද්දේ ද, අනාගත බුදුවරයන් භික්ෂු
සංඝයා හික්මවන්නේ ද, දැන් මා මේ භික්ෂු සංඝයා, හික්මවා ඇති පරිදිම ය”යි වදාරා, එහි
රැස්ව හුන් භික්ෂූන්ගේ තත්ත්වය ද පහදා වදාළ සේක.”
මජ්ක්‍ධිම නිකාය කන්දරක සූත්‍රය.
මෙම පූර්විකාව මා සටහන් කළේ පසුගිය කාල වකවානුව තුළ අධ්‍යාපන අමාත්‍යංශයට ඇතුළු වූ
භික්ෂු පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයේ තාප්පයෙන් සිවුරු ගළවාගෙන පනින සිදුවීමක්
වර්තමානය තුළ කතා බහට ලක්ව ඇත. ඒ පිළිබඳ යමක් සටහන් කිරීමට යි.
එම සිදුවීම දකින්නන් තුළ විවිධ මත ඇති කරයි. විප්ලවවාදීන්ට එම භික්ෂූහු වීරවරයෝ
වෙති. ශ්‍රද්ධාවන්තයෝ අනේ අපේ හාමුදුරුවෝ යැයි සංවේගය උපදවති. බෞද්ධ වුව ද භික්ෂුව
විවේචනය කරන අය එය දකිනුයේ අසංවර භික්ෂු පිරිසක් ලෙසයි. මිථ්‍යා දෘෂ්ටිකයෝ භික්ෂු
සමාජය දෙස උපහාසයෙන් බලති. ඔවුනොවුන්ගේ දෘෂ්ටිය අනුව දකින පින්තූරය ද විවිධ වෙයි.
සසර ගමන දුරු කර ගන්නට වෙර දරන භික්ෂුව දේශපාලනයෙන් වැළකිය යුතු ද? බුදු දහමේ
ආරම්භයේ සිටම දේශපාලනයට සම්බන්ධ වී ඇත. බිම්බිසාර රජු, කොසොල් රජු, අජාසත්ත රජු,
වජ්ජි රජවරුන් බුදුරජාණන් වහන්සේ සමඟ සම්බන්ධ වූ බව අපගේ ශාසන ඉතිහාසයෙහි සඳහන්ව
ඇත. ඒ රජවරුන්ට රාජ්‍ය පාලනය සඳහා බුදුරජාණන් වහන්සේ අවවාද කළහ. කෝසල සංයුක්තය මේ
සඳහා කදිම නිදසුනකි. ලංකාවේ බුදු දහම ආරම්භයේ සිටම භික්ෂුව හා රටේ දේශපාලනය අතර,
සම්බන්ධය ඉතා සමීපව පැවතිණි. රජුන් පත් කිරීම හා රජුන් පහ කිරීමේ බලය භික්ෂූන් සතු
විය. මේ සම්බන්ධය නිසා රට සුරැකිණි. සසුන බැබළුණි.
එය එසේ වුවත් වර්තමාන විශ්වවිද්‍යාල භික්ෂුවගේ සටන්කාමිත්වයට අපි සහතික නො දෙමු. ඊට
හේතුව නම් එදා භික්ෂු සටන් හා අද භික්ෂු සටන් තුළ අරමුණුවල ඇති වෙනස යි. එදා රට,
දැය, සසුන වෙනුවෙන් සටන් කළ භික්ෂුව වර්තමානයේ යම් යම් උදවිය සිහසුනේ තබන්නට පොර
පිටියට වැදී ඇත.
සිවුරක් දරාගෙන “ අපි යන්නේ කොයි පාරේ බාලේ නිෂ්මි ගිය පාරේ ” යැයි භික්ෂූන් දෑත්
ඔසවා කෑ මොර දෙද්දි සම්‍යග් දෘෂ්ටිකයෝ අතිසය සංවේගයට පත් වෙති.
භික්ෂුවට නිවැරැදිම මාවතක් බුදුරජාණන් වහන්සේ ලබා දී ඇත. එවන් නිවැරැදි මඟක් තිබිය
දී වෙනත් අයගේ පාරේ යෑම කොතරම් අවාසනාවන්ත ද? “
වේවණ්ණියමිහි අජ්ජුපගතොති අභිණ්හං පච්චවෙක්ඛි තබ්බං ”
මම වෙනස් ය යන්න භික්ෂුව සිතිය යුතු ය. ඒ වෙනස ක්‍රියාකාරකම තුළ, කථාබහ තුළ,
සිතිවිලි තුළ තිබිය යුතු ය. මේ වෙනස් වීම සිතෙහි නොරැදුන කල භික්ෂුව ද ගිහියන් සේ
කටයුතු කරයි. ඒ නිසා මේ වදන නිතර නිතර මෙනෙහි කළ යුතු බව බුදුරජාණන් වහන්සේ
දැක්වූහ. එසේ නොමැතිව ගිහියන් සේ කටයුතු කිරීම භික්ෂුවට නුසුදු සු ය.
නො පැහැදුන අයගේ පැහැදීම පිණිස, පැහැදුන අයගේ පැහැදීම වැඩි වනු පිණිස, භික්ෂුව
කටයුතු කළ යුතු ය. අතීත භික්ෂුව සටන් කළේ එසේයි.
බිම්සර රජුට දසවධ දී මරා දැමූ විට අජාසත්ත ගෙදර යනු යැයි උද්ඝෝෂණය කළේ නම් අජාසත්ත
රජු පසූ කාලීනව බුදු දහම වැළඳගෙන පළමු ධර්ම සංගායනාවට නායකත්වය ලබා දෙන්නේ නැත. ඒ
නිසා භික්ෂුවගේ සටන් ක්‍රමය නැති කිරීම නොව නිවැරැදිව සකස් කිරීමයි. එසේ නොවුනොත්
ඔහු බුදුරජාණන් වහන්සේගේ භික්ෂු ශාසනයෙහි ශ්‍රාවකයකු නොවෙයි. භික්ෂු ප්‍රතිරූපකයෙක්
වෙයි.
සම්බුද්ධ ශාසනය විනාශ කිරීම උදෙසා වර්තමානයේ විවිධ දේශීය හා විදේශීය සංවිධාන මුදල්
වැය කරති. එම සංවිධානවල සාමාජිකත්වය ලබා ඔවුන්ගේ රූකඩයක් වන්නට පෙර භික්ෂුව සිතිය
යුතු ය. බුදුරජාණන් වහන්සේ චුල්ලහත්ථිපදෝම සූත්‍රයෙහි දේශනා කළේ ගිහි හෝ පැවිදි හෝ
උන්වහන්සේගේ ශ්‍රාවකයන් අනුගාමිකයන් නොවිය යුතු බවයි. නායකයින් විය යුතු බවයි.
ධනය, බලය, නිලය පදනම් කොට සමාජය තලා පෙළා හිංසා කරන මෝඩ අමන මිනිසුන් දමනය කරන
ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. උන්වහන්සේ තුළ වූ උත්තරීතර පුරුසදම්මසාරථි ගුණය
තුළ පවතින්නේ එම ක්‍රමවේදය යි. ඒ ගුණය තුළ ඒ සඳහා භික්ෂුව දැරිය යුතු ආයුධ වෙයි.
සංවරය, මෛත්‍රිය, කරුණාව, දයාව එම ආයුධ වෙයි. මේ ආයුධ ගෙන සටන් කරන විට ඕනෑම කෙනකු
දමනය කොට තම වසඟයට ගත හැකි වෙයි.
බලය සඳහා තම සොහොයුරන් අනු අටක් මැරූ, දේශ සීමා පුළුල් කර ගැනීම උදෙසා මිනිසුන් දස
දහස් ගණනක් මැරූ චණ්ඩාශෝක රජු ධර්මාශෝක වන්නේ එක් සාමණේර හිමි නමකගේ
ක්‍රියාකාරිත්වය තුළිනි. ඒ නිග්‍රෝධ සාමණේරයන් වහනසේ වෙති.
කාලිංගයේ ඇති වු ප්‍රචණ්ඩ යුද්ධයෙන් අනතුරුව රජ මාළිගයේ සඳලුතල සිටි අශෝක රජු සංවර
සන්සුන් අභිත ගමනින් මාළිගාව අසලින් යන නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දැක උන්වහන්සේට
රජ මාළිගයට වඩින ලෙස ආරාධනා කරයි. මාලිගයට වැඩ සිහසුනෙහි ම වැඩ වෙසෙන නිග්‍රෝධ
සාමණේරයන් වහන්සේ රජුට බණ කියයි. ඒ බණ අහන රජු බුදුදහම වැළද ගත්තෙක් වුණා පමණක් නොව
තෙවන ධර්ම සංගායනාවට නායකත්වය දීම, රට තුළ හා විදේශයෙහි ධර්ම ප්‍රචාරක කටයුතු
කිරීම, ධර්ම මහාමාත්‍යවරුන් පත්කොට ධර්ම යාත්‍රා පැවැත්වීම, දහම් ලිපි ටැම්වල,
ගල්වල කෙටවීම, අසූහාර දහසක් ධර්මස්ඛන්ධය වෙනුවට අසූ හාර දහසක් වෙහෙර විහාර කරවීම
සිදු කරන ලදී.
භික්ෂුව සටන් කළ යුතු ය. තම සිත සංවර කර ගැනීම, අනුන්ගේ සිත් සංවර කිරීමට, රජුන්,
අනෙක් මිනිසුන් සංවර කරන්නට සටන් කළ යුතු ය. ඒ සඳහා යොදා ගත යුත්තේ බුදුරජාණන්
වහන්සේගේ උත්තම පුරිසදම්මසාරථි ගුණය ඇසුරෙනි.
ඒ තුළ මානය, මදය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය නැත. මෛත්‍රිය, කරුණාව, දයාව ඇත. කාය
ශක්තිය, ධනය, බලය, නිලය තුළින් මත්ව කටයුතු කරන අයගේ ඒ තත්වය එම බල තුළින් ම පැහැර
ගෙන දමනය කළ හැකි ය. එහෙත් ඒ තුළ පරාජය වූ අයගේ සිත් තුළ නරක කෙලෙස් උපදී. එය ඒ
නිසා දමනයක් නොව තවත් ප්‍රචණ්ඩත්වයක ආරම්භයයි.
රජුන්, පුරවැසියන්, වෙනත් අය මේ ක්‍රමය අනුගමනය කරති. එහෙත් භික්ෂුවට මේ ක්‍රමය
නොගැළපෙයි. යමෙක් භික්ෂුව මෙවැනි ක්‍රමවේදයකට යොමු කරයි නම් ඔහු භික්ෂුව පමණක් නොව
මේ සම්බුදු සසුන ද විනාශ කරන්නෙකි. තරුණ භික්ෂුව මේ මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ ගොදුරට
හසු නොවිය යුතු ය.
එම ක්‍රමවේදය තුළින් මදයෙන් මත් වූ උරුවෙල, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප, මුළා වූ
අජාසත්ත රජ, එළුවකුගේ රැවුළෙන් අල්ලා එහෙමෙහෙ සොළවන්නාක් මෙන් බුදුරදුන් පරාද
කෙරමියි වහසි බස් දෙඩූ වාදීභසිංහයකු වූ මානයෙන් යුක්ත සච්චක, නම ඇසූ පමණින්
මිනිසුන් මැරී වැටෙන මිනිසුන් දහසකට වඩා මරා ඇඟිලි මාලයක් ගෙළෙහි දරා රාගයෙන්,
ක්‍රෝධයෙන් තම අවසාන ඇඟිල්ල ලබා ගැනීම උදෙසා අසිපත දරා බුදුරදුන් පසුපස දිව එන
අංගුලිමාල පමණක් නොව සොළොස් කළයක් රා පෙවූ නාලාගිරි ඇතු, මිනිසුන් මරා මස්කන ආලවක
යකු මේ ආදි සියලු දෙනා දමනය වූයේ, ඔවුන් බෞද්ධ ශ්‍රාවකයන් වූයේ බුදුරජාණන් වහන්සේගේ
පුරිසදම්ම සාරථි නම් වූ ක්‍රමවේදය තුළනි.
ගුරුළුගෝමීන්ගේ අමාවතුර තුළ මේ දමනය වර්ණනාත්මක ව දක්වා ඇත. විභාග සමත්වීමට අමාවතුර
භාවිත කළ ද ඒ තුළින් ලබා දෙන පණිවුඩය ලබා ගත් බවක් දක්නට නො ලැබෙයි. භික්ෂු
අධ්‍යාපනය චරිත සංවර්ධනයෙන් මිදී විභාග කේන්ද්‍ර කොට ගත් නිසා මෙම ව්‍යසනය සිදුව
ඇත. ඉගෙන ගන්නන් තුළ ද, උගන්වන්නන් තුළ ද මේ ආකල්ප නොමැති වීම අවාසනාවකි.
කුරුණෑගල යුගයේ උම්මග්ග ජාතකය ලියන්නේ ද රජුන් තනන්න යි. සතුරු ආක්‍රමණවල දී
රාජධානිය අතහැර වෙනත් රාජධානියක් තනා ගන්නා රජුන්ට එයින් පාඩමක් ඉගැන්විණි. මහපාරේ
හිඳගෙන සටන් පාඨ කියවීම පසෙක තබා මේ බණ පොත කියවමු. ඒ තුළින් බණ දෙසමු. ඒ තුළින් බණ
ලියමු. ඒවා අසා,කියවා, බලා එයිනුත් දමනය නොවේ නම් ඔවුන්ට පත්ත නික්කුජ්ජන කර්මය
කරමු. සම්බුදු සසුන රැක ගනිමු. බුදු පා පහස ලද මේ බිම රකිමු. සිව්පසයෙන් අපව පෝෂණය
කරන පුරවැසියා රකිමු. |