ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ මැදින් අමාවක පෝදා 2023 මාර්තු 21 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |
යම් කලෙක පිරිසුදු සුදුපාට පියාපත් ඇති කෙකින්න කළු පැහැති වැහි වලාකුළට බියෙන් තැතිගත්තී තමා වසන තැන් සොයා යන්නී ද, එකල්හි අජකරණී නදිය මා සතුටු කරයි.
යම් කලෙක පිරිසුදු සුදුපාට පියාපත් ඇති කෙකින්න කළු පැහැති වලාකුළට බියෙන් තැතිගත්තී සැඟවී සිටීමට තැනක් නැතිව එබඳු තැන් සොයන්නී ද, එකල අජකරණී නදිය මා සතුටු කරයි.
එහි මාගේ ලෙන පිටිපස දඹගස් ගංඉවුරු දෙපස අලංකාර කරයි. ඒ දඹගස් කවරකුගේ සිත් නොපිනවා ද?
සර්ප සමූහයාගෙන් මැනවින් මිදුණ මැඩියෝ ඒ ස්ථානයෙහි ගැඹුරු හඬින් නාද කරති. දැන් පර්වත හා ගංගාවලින් ඈත් විය යුතු කාලයක් නොවේ. බියක් නැති යහපත් අජකරණී නදිය අතිශයින් ම සිත්කලු වෙයි.
මෙසේ සප්පක ස්ථවිරයන් වහන්සේ වදාළහ.
සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථමාලා සිංහල කුදුගත් සඟිය සිංහල ථෙරගාථා ඇසුරිනි.
මාර්තු 21 අඟහරුවාදා පූ.භා. 01.50 න් අමාවක ලබා එදිනම අ.භා. 10.57 න් ගෙවේ. 21 අඟහරුවාදා සිල්
අමාවක
මාර්තු 21
පුර අටවක
මාර්තු 29
පසළොස්වක
අප්‍රේල් 05
අව අටවක
අප්‍රේල් 13
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]