[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිඟාල ජාතක කතාව ඇසුරිනි

බිනර පුර අටවක පෝය

 සැප්තැම්බර් 03 සෙනසුරාදා අපරභාග 12.27 පුර අටවක ලබා 04 ඉරිදා පූර්ව භාග 10.39 ගෙවේ.
03 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

අරුත නොතේරුණත් බණ අසන සංඥාවෙන් දහම් අසමු

චම්පා නුවර ගග්ගරියා පොකුණ සමීපයේ පිහිටි දම්සභා මණ්ඩපය සිව්වනක් පිරිසගෙන් පිරී ඉතිරී ගියේ ය. තිලෝගුරු අරහත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ පද්මය විවරකොට සුමධුර ධර්ම දේශනාව ඇරැඹූ සේක. එ‍කෙනෙහි පොකුණ සමීපයේ සිටිය එක්තරා මැඩියෙක් (ගෙම්බෙක්) ගොඩට පැමිණියේ ය. “මේ කියන්නේ බුදු බණ තමයි” යන ධර්ම සංඥාවෙන් මිහිරි හඬට සවන්පත් යොමු කළේ ය. ඒ සුමිහිරි ශබ්දයෙන් මැඬියාගේ සිත දහම් රසයෙන් පිනා යන්නට විය. ඔහුට එම අමාරසය විඳින්නට වූයේ සුළු මොහොතක් ය. මේ ස්ථානයට පැමිණි ගොපල්ලකු තම අතේ තිබුණ කෙවිට බිම ඇන එයට බර දී බණ ශ්‍රවණය කරන්නට විය. කෙවිට මැඬියාගේ හිස මතට එල්ල විය. ගොපල්ලා ඒ කිසිත් නොදත්තේ ය. මැඬියා කෙවිට නිසා ඇති වූ පීඩනයෙන් මරණයට පත්වී නිදා පිබිදුන අයකු මෙන් තව්තිසා දෙව්ලොව මණ්ඩුක දිව්‍ය පුත්‍රයා නමින් පහළ විය. මෙසේ පහළ වූ මණ්ඩුක දිව්‍ය පුත්‍රයා මෙසේ සිතී ය. මේ වාගේ මහා සම්පත්තියක් සමඟ මා වැන්නකු මෙහි උපන්නේ කුමන කුමන පින්කම් කරලා ද? කියා ඔහු පෙර ආත්ම භවය සිහිකර බැලී ය. බුදුරජාණන් වහන්සේගේ බණ දේශනාවේ හඬට සවන් දීමෙන් ඇතිවුණ සැනසීම හැර වෙන පිනක් නොකළ බව ඔහු දැක්කේ ය. බුදුරජාණන් වහන්සේ තවමත් දහම් දේශනා කරමින් සිටින බව ද දැක්කේ ය. දිව්‍ය පුත්‍රයා සිය දිව්‍ය විමානය සහ දිව්‍යාංගනාවන් සමඟ බුදුරජාණන් වහන්සේ බණ දේශනා කරන ස්ථානයට පැමිණ බුදුසිරිපා වන්දනා කළේ ය. බුදුරජාණන් වහන්සේ ඔහු කවරෙක් ද කියා දැන සිටියත් රැස්ව සිටි ජනයා ඒ බව නොදත්හ. ශ්‍රාවක පිරිසට පුණ්‍ය කර්මවල ඵල විපාකත්, බුදුකෙනෙකුගේ බුද්ධානුභාවයත් ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා “කෝ මේ වන්දති පාදානි” යන ගාථා රත්නයෙන් “මාගේ පා වඳින ඔබ කවරෙක්ද?” කියා විමසූහ.

පැහැදුණු සිතින් දහම් අසන්න නපුරු විෂ පවා නසන්නට පුළුවන්

පුරාණ ලංකාවේ රුහුණු, පිහිටි සහ මායා නමින් පළාත් තුනක් තිබුණා. රුහුණ අයත් වුණේ වර්තමාන දකුණු පළාතට සහ නැඟෙනහිර පළාතට. සිය ගණන් භික්ෂු, භික්ෂුණීන් වහන්සේ ලෙන් විහාර, ග්‍රාමවාසී විහාර සකසාගෙන මේ ප්‍රදේශවල වැඩ සිටියා. රුහුණු රටේ එක් ප්‍රදේශයක තිබුණා මහගම කියලා ගමක්. රත්රන්, රිදී, මුතු, මැණික් සහ නොයෙකුත් වටිනා වස්තූන්වලින් මේ ගම පොහොසත්. තුනුරුවන් සරණ ගිය පිරිසක් තමයි ගමේ ජීවත් වුණේ. තරුණ, තරුණියෝ නැටුම්, ගැයුම්වලින් නිතර විනෝද වුණා. එහෙම වුණත් දන්දීම්, බණ ඇසීම්, විවිධ බෞද්ධ උත්සව පැවැත්වීම් අමතක කළේ නෑ. සත්‍ය අවබෝධ කරගෙන හැමදෙනා ම සතුටින් ජීවත් වුණා. මහගමේ තිබුණා මැණික් වෙහෙර කියලා විශාල විහාරයක්. මැණික් තැන්පත් කළ නිසයි නම ලැබිල තියෙන්නේ. විහාරය මැදිවන සේ ගජමුතු මෙන් බබළන සුදු වර්ණයෙන් යුක්ත මහා ප්‍රාකාරයක් ඉදිකර තිබුණා. නායක තෙරුන් වහන්සේ මහගම් වැසියන්ගේ දෙලොව යහපත පිණිස ධර්ම දේශනා පවත්වන්න පුරුදු වී සිටියා. ගම්වැසියෝත් සවස් යාමය උදාවත් සමග කර්මාන්ත කටයුතු අත්හැර පිරිසුදු වී සුදුසු ඇඳුම්වලින් සැරසී විහාරයට යාම පුරුද්දක් කර ගත්තා. ඉර බැස යත් ම විහාර මලුවෙන් ඇසෙන්න පටන් ගන්නේ සාධු නාදය යි. ගම පුරා එය පැතිර ගියා. දාගැබ පිහිටි මලුව සුදුවැලි තලාවෙන් බැබළුණා. අසුන් ගැනීමට ඇති පහසුවත්, වෙහෙස වී පැමිණෙන ගම්වැසියන්ගේ ගතට සිසිලසකුත් වෙහෙර මලුවෙන් ලැබුණා. වෙහෙර මලුවේ ධර්ම දේශනා පැවැත් වුණේ ඒ නිසයි. එක් උපාසිකාවක් හැමදාම බණ අහන්න විහාර මලුවට එනවා. දවසක් ඇයත් සමඟ විහාරයට එන පිරිස වෙනදා වේලාවටත් පෙර විහාරයට පැමිණ තිබුණා. උපාසිකාවට තනිවම පැමිණීමට නො හැකියි. තම සැමියාත් බැහැරක ගොස් තිබුණා. කොහොම හරි බණ අහන්න යන්නත් ඇයට අවශ්‍ය යි. වැලි සෙල්ලම් කරන වයසේ සිටි දරුවාත් සූදානම් කරගෙන තනිවම විහාර මළුවට ළගා වුණා.

 

බොදු හඬ ලොවට ගෙනගිය පානදුරා වාදය

1873 අගෝස්තු මස 26 හා 28 දෙදින තුළ පානදුරේ දී ඉමහත් ආශ්චර්යාත්මක පරිවර්තනයක් සිදු විය. ඒ අන් කිසිවක් නොව අධිරාජ්‍ය විරෝධී සහ දේශීයත්වය නියෝජනය කළ බෞද්ධයන් හා සුදු අධිරාජ්‍යවාදය නියෝජනය කරමින් යටත්විජිත පාලනයේ අනුග්‍රහය ලද ක්‍රිස්තියානි මිෂනාරින් අතර පැවැති මහා වාදයයි. මේ වසරේ දී අප සමරන්නේ ඒ සංසිද්ධියේ 149 වැනි අනුස්මරණයයි. පානදුරා මහා වාදයට මඟ පෑදු බටහිර සංස්කෘතික ආක්‍රමණය බොහෝ කාලයක් පුරාවට දියත් කෙරෙමින් තිබිණි. දේශීයයාට, විශේෂයෙන් බෞද්ධයාට, තම ආගමික කටයුතු නිදහසේ කරගෙන යාමට අධිරාජ්‍යවාදී පාලන යන්ත්‍රය තුළ ඉඩ නොතිබිණි. 16 වැනි සියවසේ ආරම්භයේ පටන් ප්‍රතිකාල්, ඕලන්ද හා ඉංගී‍්‍රසි ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට මුහුදුබඩ කලාපයන් නතු වෙමින් ද, 1815 උඩරට මහා පාවාදීමෙන් අනතුරුව සමස්ත දේශයේ ම ස්වෛරීත්වය අහිමි වී යාම නිසා ද, යටත් විජිත පාලකයන් විසින් තමන් මතට ආගන්තුක වූ සිරිත් විරිත් හා මතවාද බලෙන් ආරෝපණය කිරීමේ පීඩනයට ඔවුහු ලක් වී සිටියහ. බෞද්ධ ඉගැන්වීම් ප්‍රසිද්ධියේ ම අවඥාවට ලක් කෙරුණි. පන්සල් අවට හා බෞද්ධයන්ගේ ව්‍යාපාරික ස්ථාන අසල බුදුරජාණන් වහන්සේට හා බුදු දහමේ ඉගැන්වීම්වලට නිගා කරමින් පුවරු හා දැන්වීම් ප්‍රදර්ශනය කෙරිණි. බෞද්ධ සංස්කෘතික ලක්ෂණ අවතක්සේරු කෙරුණේ රජයේ තනතුරු තානාන්තරවලට බඳවා ගැනීම්වලදී පවා බෞද්ධ ගති පැවතුම් ඇත්තන්ට අවහිර ඇති කරමිනි. විටෙක බුද්ධාගම ඇදහීම තහනමට ලක් කරන ලද බව ද වාර්තා වෙයි. දේශීය සිරිත්-විරිත් හා ගති පැවැතුම් මෙන්ම භාෂාව හා දාර්ශනික පසුබිම ද මේ තර්ජනයේ ප්‍රධාන ඉලක්කයන් වී තිබිණි. විශේෂයෙන් සිංහලයා තුළ තමන් ගේ හරපද්ධතීන් අවතක්සේරු කරවීමටත්, බෞද්ධයන් තුළ දාර්ශනිකත්වය අකා මකා දැමීමටත් යටත්විජිත පාලකයෝ පියවර ගත් හ. ඉංගිරිසිය රජයේ භාෂාව විය.

 

බිනර පුර අටවක
පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]