[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

සාඩම්බර අභිමානයකට උරුමකම් කියන සල්ගල වන සෙනසුන

සතර කෝරළයට අයත් බෙලිගල් කෝරළයෙහි රහතුන් වහන්සේගේ පාදස්පර්ශය ලද කෑගලු පුරවරයේ තවත් එක සංස්කෘතික නිකේතනයක් පිළිබඳ සාඩම්බරනීය මතකයක් මෙසේ සනිටුහන් කරමු. අවුරුදු දෙදහස් ගණනක පුරාණ ඉතිහාසයක් පිළිබඳ අපූරු කතාන්දරයකින් විශිෂ්ටත්වයට පත් සල්ගල ආරණ්‍ය සේනාසනය මෙරට බෞද්ධ සංස්කෘතියේ සත්‍ය ප්‍රතිමූර්තියකි. වැඩියෙන් සිසිල් නොවූත්, වැඩියෙන් උණුසුම් නොවූත් බැලු බැලූ තැන්හි අහස්ගව්ව ගෑවෙන නොගෑවෙන තරමට ලොකු මහත් වූ තුරු පෙළින් සැදුම්ලත් කැටහිල්ල මූකලානෙහි මෙකී ආරණ්‍ය සේනාසනය පිහිටා තිබේ. බොදු දරුවෙක් රකින්නාක් මෙන් තරගයට මෙන් හිස එසවූ ගස් කොළන් නිසා 1931 දී රාජ්‍ය නීතීඥ එච්. ශ්‍රී නිශ්ශංක මැතිතුමා මුල් වී එළි පෙහෙළි කරන තුරු මෙම සල්ගල වන සෙනසුන වන රක්ෂිතයෙහි සැඟවී සිට ඇත. කඳු හෙල් පර්වත සුලබ දසුන් වන මෙම ප්‍රදේශයේ සල්ගල වන සෙනසුන වෙත යා යුතු මඟ රබර් වතු යායකින් වටලාගත් කඳු මුදුනක් වන අතර, දුෂ්කර ගමන පයින් ම යාමට සිදු වූවත් බොහෝ දෙනා එම කටුකත්වය පවා භුක්ති විඳින්නේ අපරිමිත බැති සිතිනි. විශේෂයෙන්ම කිව යුතුව ඇත්තේ ශ්‍රී ලාංකීය ආරණ්‍යවාසී සම්ප්‍රදායේ අගනා ප්‍රතිපත්තිමය හර පද්ධතියක් තවමත් මෙම සල්ගල සෙනසුනෙහි ආරක්ෂිතව පවත්නා බවයි.මෙම විහාර භූමිය වළගම්බා රාජ්‍ය සමයේ රාජකීය නවාතැනක් බවට පත්ව තිබූ බවට අද වන විට සාධක ලැබී ඇත. එතුමාගේ රාජ්‍ය වකවානුව බු.ව 440 පමණ අතීතයට දිවෙන අතර ඊට පළමුව ද භික්ෂුන් වහන්සේ මෙහි වැඩ සිටි බව තහවුරු කෙරෙන ලිපියක් ගිජ්ජකූට ලෙනෙහි කටාරමට යටින් “භාතෘ ධර්ම ගුප්ත ලෙන” යන ලිපියෙහි සඳහන් වී තිබීමෙන් එහි සත්‍යතාව තහවුරු කෙරෙයි.

බිනර පුර අටවක පෝය

 සැප්තැම්බර් 03 සෙනසුරාදා අපරභාග 12.27 පුර අටවක ලබා 04 ඉරිදා පූර්ව භාග 10.39 ගෙවේ.
03 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]