[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භාරද්වාජ බමුණා බුදුරජාණන් වහන්සේ හමුවීම

වෙසක් අමාවක

මැයි 29 ඉරිදා අපරභාග 02.59 අමාවක ලබා 30 සඳුදා අපරභාග 05.03 න් ගෙවේ.
29 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 29

First Quarterපුර අටවක

ජුනි 07

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

ධර්ම දේශනාව:

තමන්ගේ රැකවරණය සලසාගත යුතු තමන් ම ය

කායෙන සංවුතා ධීරා - අථො වාචාය සංවුතා - මනසා සංවුතා ධීරා - තෙ වෙ සුපරිසංවුතා, දිනක් ආනන්ද හිමියන් ඇමතූ බුදු පියාණෝ මේ ‘බට’ ‘බට’ යන ශබ්දයක් ඇසෙන්නේ කුමක්දැයි විමසූහ. “ස්වාමීනි සවග මහණුන් දෙ අතින් සැරයටි ගෙන, ලීයෙන් කළ පාවහන් ලා ගෙන, කළු ගල් මත ඇවිදින විට නැගෙන හඬයි ඇසෙන්නේ” යනුවෙන් අනද හිමියෝ පිළිතුරු දුන්හ. මෙහි සවග මහණුන් යැයි දැක්වූයේ පණ්ඩුක, ලෝහිතක, මෙත්තිය, භුම්මජක, අස්සජි, පුනබ්බසුක යන භික්ෂූන් ය. බුද්ධ කාලයෙහි බොහෝ අවස්ථාවල අවිනයවාදීව හැසිරුණු මේ සය නම නිසා විනය පිටකයෙහි දැක්වෙන බොහෝ ශික්ෂා පද පැන වූ බව පෙනේ. අනුන්ට කරදර හිරි හැරවන මෙන්ම, අනුන්ගේ පිළිකුලට ලක් වෙන අන්දමට විවිධ ඉරියව් ගත කළ අය එදා මෙන්ම අද ද සමාජයේ ජීවත් වෙති. මහ මඟ යන විට කෑකෝ ගසමින් ද , වාහනයක යතොත් අනවශ්‍ය ලෙස නලාව හඬවමින් ද අද සමහරු ගමන් කරති. තම නිවසේ ගුවන් විදුලි යන්ත්‍රය නොවේ නම් රූපවාහිනිය අසල ජීවත් වන අයට කරදර වන ලෙස ක්‍රියාත්මක කරන්නෝ ද මේ සමාජයේ වෙති. තම වාසිය පමණක් සලකන තවත් සමහර අය නිලතල ළඟා කර ගැනීම සඳහා විවිධ අකටයුතුකම් කරති. එපමණක් නොව අනුන්ගේ ඉඩකඩම්වලින් සුළු කොටසක් හෝ අයත් කර ගැනීම සඳහා වැට කඩුළු තාප්ප ආදිය ඉදිකරන්නෝ ද බොහෝ වෙති. මෙවැනි දේ දුෂ්චරිත ක්‍රියා වශයෙන් බුදුහු පෙන්වා දුන්හ. සවග මහණුන්ගේ අසංවර ගමන් හි වරද පෙන්වා දුන් බුදුහු නුවණැත්තන් සිත, කය, වචනය යන තිදොරින් ම මනා කොට සංවරව ක්‍රියා කරන බව මතු සඳහන් ගාථාවෙන් පෙන්වා දුන්හ.

 

සකල සත්වගට ශාන්තිය ළඟා කරන ආනුභාව සම්පන්න පිරිත් සජ්ඣායනාව

ත්‍රිභූවනශේඛර ලෝකස්වාමි තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපරිමිත මෙත් කරුණාධ්‍යාශයෙන් තුන්ලෝ සත්වගට අපරිමිත සෙත සදා බුදුකිස නිමවා පිරිනිවන් මඤ්චකයෙහි වැඩ සිටිනා කල සක්දෙව් රද අමතා මතුදා බුදුසස්න ලක්දිවැ පිහිටන බවත්, පිරිවර සහිතව ලක්බිම ගොඩබට, මනෝරම්‍ය සිරිලක් දිවයිනේ මතු ලංකේශ්වරයාණන් - විජය නිරිඳාණන් ඇතුළු සේනාව මනාකොට රැකගනුවයි වදාළ සේක. බුද්ධාවවාදය හිස්මුදුනින් වැඳ පිළිගත් සක්දෙව් රදු ලංකාද්වීපය ද විජය කුමරු ඇතුළු සත්සියයක් සේනාවේ රැකවරණය ද උපුල්වන් දෙව්රජුට භාර කළේ ය.ශක්‍ර දේවේන්ද්‍රයාණන්ගේ නියමයෙන් පරිබ්‍රජාක වේෂයෙන් ලක්දිව බට උපුල්වන් දෙව්රදාණෝ රුක්මුලෙක හිඳ තථාගත සම්බුදුරදුන් පිරිනිවීමට සැතපුණු දා සිරිලකට ගොඩබට විජයකුමරු ඇතුළු පිරිස අමතා ‘පින්වත මේ මිනිස් වාසයෙන් තොර ලක්දිවයි. මෙහි තොපට භයක්, භීතියක් නොවන්නේ යැයි පවසා විජයකුමරු ඇතුළු සමූහයාට පැන් කෙණ්ඩියෙන් පිරිත් පැන් ඉස, පිරිත්හුය බැඳ, පෙරළා දෙව්ලෝ වැඩියෝ ය.
සුනඛ වේෂයක් මවාගත් යකිනියකගේ මෙහෙයවීමෙන් බල්ලකු ඇතිවිට ගම්බිමක් ද විය යුතු ය යන අදහසින් දර්ශනය වූ බලු රූපය පසුපස විජය කුමරුගේ පිරිස ගමන් ගත්හ. ඔවුහු කපු කටනා තවුසියක් සෙයින් රුක් මුලෙක හුන් කුවේණිය ළඟ නතර වූහ. එදා මේ පිරිස ගොදුරු කර ගන්නට කුවේණි යකිනි සමාගමට නොහැකි වූයේ බලගතු පිරිත් හුයේ ආනුභාවයෙනි. පිරිත් පැන් හි අනුහසිනි.

 

සතුට ලැබෙන්නේ අත්හරින තරමටයි

අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කාලයේ අසූ කෝටියක් ධනය හිමි සිටුවරයෙක් ජීවත් වුණා. ඔහුගේ නම ඉල්ලීස. ඔහුගේ පාද සහ දෑත් කොරයි, දෑස් වපරයි. විශාල ධනයක් හිමි සිටුවරයෙක් නිසා රජතුමා රාජ්‍ය සේවයට බඳවාගෙන තිබුණා. රජතුමාගේ සහාය සිටුවරයාටත්, සිටුවරයාගේ සහාය රජතුමාටත් ලැබුණා. සිටුවරයා කවර හේතුවක් නිසාවත් තම ධනය වියදම් කළේ නෑ. ඔහුගේ අවශ්‍යතාවලට හෝ බිරිඳගේ අවශ්‍යතාවලට හෝ, දූ දරුවන්ගේ අවශ්‍යතාවලට හෝ ධනය වියදම් කළේ නෑ. ආහාරපාන කෙරෙහි ආශාවක් උපන්නොත් රජ මාලිගයෙන් හෝ මැති ඇමැතිවරුන්ගෙන් හෝ යහළු සිටුවරුන්ගෙන් හෝ සපුරා ගැනීමට පුරුදු වී සිටියා. ඔහුගේ පියතුමා නිතර දුගී මිනිසුන්ට සහ මහණ බමුණන්ට දන් දුන් සිටුවරයෙක්. මහලු වයසට පත් ව ඔහු මිය ගිය නිසා පියා සතු සමස්ත ධනය ම ඉල්ලීස පුතණුවන්ට උරුම වුණා. එදින සිට අතීතයේ සිට පවත්වාගෙන ආ දන් දීම් සියල්ල නතර කළා. දාන ශාලා ගිනිබත් කළා. දුගී යාචකයින්ට පහර දී එළවා දැම්මා. මහණ බමුණන්ට දන්දීම නතර කළා. තව තවත් ධනය එකතු කිරීමට පමණක් ම වෙහෙසුණා. තමාගේ අවශ්‍යතාවකටවත් ධනය වියදම් කළේ නෑ. දිනක් රාජ්‍ය සේවයට ගොස් නිවසට එන අතරේ දී දුප්පත් මිනිසෙක් මස් අනුභව කරමින් රා බොන දසුනක් දුටුවා. ඔහුටත් එසේ කිරීමට ආශාවක් ඇති වුණත් මෙහෙම කල්පනා කළා.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]