[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

තමන්ගේ රැකවරණය සලසාගත යුතු තමන් ම ය

කායෙන සංවුතා ධීරා - අථො වාචාය සංවුතා - මනසා සංවුතා ධීරා - තෙ වෙ සුපරිසංවුතා, දිනක් ආනන්ද හිමියන් ඇමතූ බුදු පියාණෝ මේ ‘බට’ ‘බට’ යන ශබ්දයක් ඇසෙන්නේ කුමක්දැයි විමසූහ. “ස්වාමීනි සවග මහණුන් දෙ අතින් සැරයටි ගෙන, ලීයෙන් කළ පාවහන් ලා ගෙන, කළු ගල් මත ඇවිදින විට නැගෙන හඬයි ඇසෙන්නේ” යනුවෙන් අනද හිමියෝ පිළිතුරු දුන්හ. මෙහි සවග මහණුන් යැයි දැක්වූයේ පණ්ඩුක, ලෝහිතක, මෙත්තිය, භුම්මජක, අස්සජි, පුනබ්බසුක යන භික්ෂූන් ය. බුද්ධ කාලයෙහි බොහෝ අවස්ථාවල අවිනයවාදීව හැසිරුණු මේ සය නම නිසා විනය පිටකයෙහි දැක්වෙන බොහෝ ශික්ෂා පද පැන වූ බව පෙනේ. අනුන්ට කරදර හිරි හැරවන මෙන්ම, අනුන්ගේ පිළිකුලට ලක් වෙන අන්දමට විවිධ ඉරියව් ගත කළ අය එදා මෙන්ම අද ද සමාජයේ ජීවත් වෙති. මහ මඟ යන විට කෑකෝ ගසමින් ද , වාහනයක යතොත් අනවශ්‍ය ලෙස නලාව හඬවමින් ද අද සමහරු ගමන් කරති. තම නිවසේ ගුවන් විදුලි යන්ත්‍රය නොවේ නම් රූපවාහිනිය අසල ජීවත් වන අයට කරදර වන ලෙස ක්‍රියාත්මක කරන්නෝ ද මේ සමාජයේ වෙති. තම වාසිය පමණක් සලකන තවත් සමහර අය නිලතල ළඟා කර ගැනීම සඳහා විවිධ අකටයුතුකම් කරති. එපමණක් නොව අනුන්ගේ ඉඩකඩම්වලින් සුළු කොටසක් හෝ අයත් කර ගැනීම සඳහා වැට කඩුළු තාප්ප ආදිය ඉදිකරන්නෝ ද බොහෝ වෙති. මෙවැනි දේ දුෂ්චරිත ක්‍රියා වශයෙන් බුදුහු පෙන්වා දුන්හ. සවග මහණුන්ගේ අසංවර ගමන් හි වරද පෙන්වා දුන් බුදුහු නුවණැත්තන් සිත, කය, වචනය යන තිදොරින් ම මනා කොට සංවරව ක්‍රියා කරන බව මතු සඳහන් ගාථාවෙන් පෙන්වා දුන්හ.


වෙසක් අමාවක

මැයි 29 ඉරිදා අපරභාග 02.59 අමාවක ලබා 30 සඳුදා අපරභාග 05.03 න් ගෙවේ.
29 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 29

First Quarterපුර අටවක

ජුනි 07

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]