[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පාලින්ද නුවර පැළෑඳ රාජමහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

මැදින් අමාවක පෝය

මාර්තු 31 බ්‍රහස්පතින්දා අපරභාග 12.27 අමාවක ලබා අප්‍රේල් 01 සිකුරාදා පූර්වභාග 11.59 ගෙවේ.
මාර්තු 31 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

කැලණිය ඊරියවැටිය සුමනාරාමයට සම්බුදුකුටි හා පූජාසන පූජා කිරීමේ පින්කමෙන්

කැලණිය ඊරියවැටිය සුමනාරාම පුරාණ විහාරස්ථ පින්බිමේ අභිනවයෙන් ඉදිකරන ලද අටවිසි බෝධිඝර අටවිසි සම්බුදුකුටි හා පූජාසන සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ පින්කම පසුගිය 27වන දා සිදුකරන ලදී. අටවිසි බුදුපිළිම වහන්සේලා විහාරස්ථානය වෙත අලංකාර පෙරහරකින් වැඩම කරවූ අතර එම පෙරහරට ඊරියවැටිය සුමනාරාම පුරාණ විහාරාධිපති කුරුදුවත්තේ විමලසීහ නාහිමිපාණන් වහන්සේ ඇතුළු විහාරවාසී මහා සංඝරත්නය ද එක්ව සිටියහ. විහාරස්ථානය වෙත වැඩම කරවූ පිළිම වහන්සේ බුදුකුටි වෙත තැන්පත් කිරීම නායක හිමිපාණන් වහන්සේ ගේ උපදෙස් මත කණිෂ්ක පොඩිහාමුදුරුවන් වහන්සේ ද සැදැහැවතුන්ද එක්ව සිදුකළහ. මෙම පින්කමට ආශීර්වාද කිරීම සඳහා තෛ‍්‍රනිකායික මාහිමිපාණන් වහන්සේ විහාරස්ථානය වෙත වැඩම කර සිටියහ.

ධර්ම දේශනාව:

සෙමෙර මුවකු සිය වලිගය රැක ගන්නා සේ පිරිසුදුව රැක ගත යුතු සීලය

“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො - චිත්තං පඤ්ඤං ච භාවයං - ආතාපී නිපකො භික්ඛු
සො ඉමං විජටායෙ ජටං’’,
සීලයෙහි පිහිටි, ඥානවන්ත පුද්ගලයා සමාධිය ප්‍රඥාව වඩා ගැටලුවලින් මිදී විමුක්ති සාධනය ඇතිකර ගනී. යම් කෙනෙක් දුස්සීලව, එකඟ සිතක් නැතිව අවුරුදු සියයක් ජීවත් වුණත්, ඒ ජීවිතය වටින්නේ නෑ.මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම් රැඳීලා තියෙන්නෙ බාහිර දේ තුළ නෙවෙයි. බාහිර දේ තුළින් ජීවිතයේ වටිනාකම තක්සේරු කරන්න බෑ. ධනය තිබුණටවත්, පොහොසත්කම් තිබුණට, ඒ තැනැත්තා දුස්සීල නම්, කිසිම ගුණධර්මයක් ඔහු තුළ නැත්නම්, ආධ්‍යාත්මික වශයෙන් චිත්ත පාරිශුද්ධියක්, හිතේ පිරිසුදු කමක් නැත්නම් ඔහු තුළ වටිනාකමක් නැත. ඒ තැනැත්තා අවුරුදු සියයක් ජීවත් වීමෙන් වුව ද තමන්ටත්, අනුන්ටත්, මුළු මහත් සමාජයටමත් යහපතක් සිදුවන්නේ නෑ.සිතේ එකඟ බවක් නැති නම්, සිත නොසන්සුන් වෙනවා නම්, විසිරෙන සිතක් ඇත්නම් ඒ පුද්ගලයාට ධර්මය අවබෝධ කරගන්ට හැකියාවක් නෑ. ලෞකික වශයෙන් මෙලොව ජීවිතය සාර්ථක කර ගන්නත් සිතේ සන්සුන් බවක් තියෙන්නේ ඕනෑ. ගිහි හෝ පැවිදි හෝ වේවා යම් කෙනෙක් දුස්සීලව ගත කරනවා නම් සිතේ සන්සුන් බවක් ඇති කරගන්න පුළුවන් කමක් නෑ. එතකොට අසමාහිත භාවයට හේතු වන්නේ දුස්සීලකමයි. සීල යනු කයිනුත්, වචනයෙනුත් දිවි පැවැත්මෙන් සිදුවන වැරැදිවලින් ඉවත් වීමෙන් ලැබෙන පිරිසුදු බවයි. සිල්වතකු වී භාවනාව පටන් ගත යුතු ය. සීලය භාවනාවට අත්තිවාරම වේ. සම්බුද්ධ සාසනයේ සීලය තරම් ඇගැයීමට ලක්වූ තවත් ධර්ම කොට්ඨාසයක් නැති තරම් ය.

 

හෙළදිව අමරණීය විරුවන්ගේ නාමාවලිය සරසන මිණිපහන ටිබෙට් ජාතික එස්. මහින්ද මා හිමි

අප ළමා වියේ දී මිහිරට ගැයූ, අදත් නිතර ඇසෙන මෙම ළමා ගීය රචනා කළේ විදෙස් රටක උපත ලබා බුදුදහම ඉගෙනීමේ ආසාවෙන් මෙරටට පැමිණ භික්ෂුභාවය ලබා ගත් එස්. මහින්ද හිමියන් ය. දේශීය සංස්කෘතියේ සහ සභ්‍යත්වයේ අගය අප රට වැසියාගේ සිත්සතන් තුළ රෝපණය කරවීමෙහි සමත් ගී පදවලින් හෙළ සාහිත කෙත පෝෂණය කළ ටිබෙට් ජාතික මහින්ද හිමියන් අපවත් වූයේ 1951 මාර්තු 16 දින ය. කෘතඥතා පූර්වකව උන්වහන්සේගේ ගුණ සිහිපත් කිරීම අපගේ යුතුකමකි. “මොනවද මුත්තේ මොකද කරන්නේ - මොකටද නුඹ ඔය බිම හාරන්නේ”, ළමයා සහ මුත්තා අතර සිදුවන සංවාදය ඔස්සේ වැඩිහිටියාගේ යුතුකම හා වගකීම පිළිබඳ, ළමා වියේ දී ම වැඩිහිටියන් වශයෙන් කළයුතු යුතුකම් පිළිබඳ උන්වහන්සේ බාල පරපුර දැනුවත් කළහ. සමාජ යුතුකම් සහ සාරධර්ම ජනතා සිත්සතන් තුළට කාවැද්දවීමට සමත් උපාය මාර්ගයක් කවිපද ඔස්සේ ඉතා ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් ලෙස ඉදිරිපත් කිරීමට මහින්ද හිමියන්ට හැකි වූයේ කෙසේද යන්න වත්මන් පරපුරේ අප සැම විසින් අපගෙන් ම විමසිය යුතු කරුණක් නොවන්නේ ද?

 

විපතේ දී ළඟින් සිටින බලවත්ම ආරක්ෂකයා ධර්මයයි

මිහිඳු මහරහතන් වහන්සේ සම්බුද්ධ දේශනාව ලංකාවට රැගෙන එන්නේ දේවානම්පියතිස්ස රජතුමාගේ රාජ්‍ය සමයේ. රජතුමාත්, අගබිසවත්, ඇමැති මණ්ඩලයත් තිසරණ සරණ ගියා. ජනතාවත් ඔවුන් අනුගමනය කරමින් ක්‍රමයෙන් තෙරුවන් සරණ යන්න පටන් ගත්තා. සමහර පිරිමි සහ ගැහැනු අය මිහිඳු මහරහතන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියා. ආරාම ලංකාව පුරා ඉදිවෙන්න පටන් ගත්තා. අග නගරවල පමණක් නෙවෙයි, දුප්පත් ඈත ගම්මානවලත් ආරාම ඉදිවුණා. භික්ෂූන් වහන්සේ ඒවායේ වැඩ වසමින් භාවනා කළා. පිණ්ඩපාතයෙන් ජීවිතය රැක ගත්තා. උන්වහන්සේ කිසිවිටෙකත් තමන් වහන්සේලාට පිණ්ඩපාතය දෙන දායකයන් අමතක කළේ නෑ. ධර්මය දේශනා කළා. හොඳ සහ නරක කියා දුන්නා. ඊළඟ සසරේ සැප ලැබෙන හැටිත්, දුක් විඳීමට ලැබෙන හැටිත් කියා දුන්නා. පව්කම්වල විපාක බරපතළ බවත්, පින්කම්වල විපාක සැප ගෙන දෙන බවත් තේරෙන බසින්ම කියා දෙන්න පටන් ගත්තා. ගමත් පන්සලත් අතර මේ නිසාම බොහෝම සමීප සම්බන්ධතාවක් ගොඩ නැඟුණා. මෙහෙම කාලය ගතව ගිය කාලයක ලංකාවේ සිදු වුණු අපූරු පැරැණි කතා පුවතක් අසන්නට ලැබෙනවා. එක් දායකයෙක් නිතර ආරාමයකට ගොඩ වැදී ධර්මය අහන්නත්, භික්ෂූන් වහන්සේට පිණ්ඩපාතය ඇතුළු සිවු පසයෙන් උපස්ථාන කරන්නත් පුරුදු වී සිටියා. ඔහු ගිය ආරාමය තමයි නගරයෙන් ඈත පිහිටි අම්බරිය විහාරය. ඒ ආරාමයේ වැඩ සිටියා පිංගල බුද්ධරක්ඛිත කියල මහ තෙරුන් වහන්සේ නමක්. උන්වහන්සේගේ ශීල ගුණය ඉතාම ඉහළයි. ධර්මය පිළිබද දැනුම ද ඒ පළාතේ සමාන කිරීමට තරම් තවත් භික්ෂුවක් හිටියේ නෑ. කාරුණික වදන්වලින් හැම දායකයාට ම ආමන්ත්‍රණය කළා. කිසිවකුටත් කිසිදු වෙනස්කමක් කළේ නෑ.දායකයින්ගේ සියලු අවශ්‍යතා සොයා බලා මෙලොව සහ පරලොව සුගතිය වෙනුවෙන් වැඩ කළා. උන්වහන්සේ කියන ඕනෑම දෙයක් කරන්න තරම් බැඳීමක් දායකයින් අතර තිබුණා.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]