ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ මැදින් අමාවක 2022 මාර්තු 31 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කෝට්ටේ යුගයේ දළදා සමිඳුන් වැඩ සිටි දළදා මාලිගය පිහිටි ස්ථානය වශයෙන් අනුමාන කෙරෙන කෝට්ටේ රාජමහා විහාරය පිටකෝට්ටේ මංසන්ධියෙන් මිරිහාන දෙසට දිවෙන මාර්ගයේ රාජමහා විහාර පාරෙහි ගමන් කරන විට හමු වෙයි.කෝට්ටේ රාජධානිය පිහිට වූ සයවැනි පැරකුම්බා රජතුමා රජ මැදුරට ආසන්න බිමක මනරම් තෙමහල් මන්දිරයක් තනවා දළදා වහන්සේ වඩා හිඳුවා පුද සත්කාර කළ බව සඳහන් වෙයි. මෙම තෙමහල් දළදා මැදුර පිහිටි ස්ථානය වශයෙන් සලකනු ලබන්නේ කෝට්ටේ රාජමහා විහාරයයි. විහාර බිමෙහි දක්නට ඇති පෞරාණික නා රුක සපුමල් බණ්ඩාර දැඩිමුණ්ඩ දෙවිඳුන් අධිගෘහිත වෘක්ෂයක් වශයෙන් හඳුන්වා පුද සත්කාර කරනු ලබනුයේ උතුරේ ආර්ය චක්‍රවර්තී පාලකයාගේ බලය බිඳලීමට සටන් වැදි සපුමල් කුමරා මෙම වෘක්ෂය අසලට පැමිණ පුද සත්කාර කොට බාරහාර වී සටනට ගොස් සටනින් ජය ලද බව සිහිපත් කරමිනි. පෘතුගීසීන් කෝට්ටේ නගරයේ ආධිපත්‍යය තහවුරු කර ගැනීමට පෙර දින රාත්‍රියේ එවක දළදා වහන්සේගේ භාරකාරත්වය ඉසිලු හිරිපිටියේ රාළ නම් අයට කිසිවකු සිහිනෙන් පෙනී ‘කෝට්ටේ කලාලේ - දත මැද ගන්න රාළේ’ යනුවෙන් පැවසූ නිසා කෝට්ටේ රාජධානි සීමාවෙන් පිටත පිහිටි සබරගමුවේ දෙල්ගමු විහාරයට දළදා වහන්සේ වැඩම කරවා ආරක්ෂාව පිණිස කුරහන් ගලක සඟවා තිබේ. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍යවරයකු වූ මාතර හිත්තටිය විහාරාධිවාසී වැව ඉන්දසර මාහිමියන්ගේ ශිෂ්‍ය බෙන්තර වනවාස විහාරාධිවාසී බෝධිමලුවේ පරිසුද්ධ මාහිමියන්ගේ ශිෂ්‍ය වූ පිලානේ බුද්ධරක්ඛිත මාහිමියන් ගාල්ලේ පරගොඩ විහාරයේ සිට ස්වකීය ශිෂ්‍ය දායකාදීන් සමග කැලණි විහාර වන්දනාවෙහි පැමිණි අවස්ථාවක වල්බිහිවී ගිය කෝට්ටේ රාජමහා විහාරය දැක ඉංග්‍රීසි ආණ්ඩුවේ අවසරය ලබා 1813 වර්ෂයේ දී කෝට්ටේ රාජමහා විහාරයේ පුනර්ජීවන කටයුතු ආරම්භ කළහ.
මාර්තු 31 බ්‍රහස්පතින්දා අපරභාග 12.27 අමාවක ලබා අප්‍රේල් 01 සිකුරාදා පූර්වභාග 11.59 ගෙවේ. මාර්තු 31 බ්‍රහස්පතින්දා සිල්
අමාවක
මාර්තු 31
පුර අටවක
අපේ‍්‍රල් 09
පසළොස්වක
අපේ‍්‍රල් 16
අව අටවක
අපේ‍්‍රල් 23
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]