[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සෙමෙර මුවකු සිය වලිගය රැක ගන්නා සේ පිරිසුදුව රැක ගත යුතු සීලය

“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො - චිත්තං පඤ්ඤං ච භාවයං - ආතාපී නිපකො භික්ඛු
සො ඉමං විජටායෙ ජටං’’,
සීලයෙහි පිහිටි, ඥානවන්ත පුද්ගලයා සමාධිය ප්‍රඥාව වඩා ගැටලුවලින් මිදී විමුක්ති සාධනය ඇතිකර ගනී. යම් කෙනෙක් දුස්සීලව, එකඟ සිතක් නැතිව අවුරුදු සියයක් ජීවත් වුණත්, ඒ ජීවිතය වටින්නේ නෑ.මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම් රැඳීලා තියෙන්නෙ බාහිර දේ තුළ නෙවෙයි. බාහිර දේ තුළින් ජීවිතයේ වටිනාකම තක්සේරු කරන්න බෑ. ධනය තිබුණටවත්, පොහොසත්කම් තිබුණට, ඒ තැනැත්තා දුස්සීල නම්, කිසිම ගුණධර්මයක් ඔහු තුළ නැත්නම්, ආධ්‍යාත්මික වශයෙන් චිත්ත පාරිශුද්ධියක්, හිතේ පිරිසුදු කමක් නැත්නම් ඔහු තුළ වටිනාකමක් නැත. ඒ තැනැත්තා අවුරුදු සියයක් ජීවත් වීමෙන් වුව ද තමන්ටත්, අනුන්ටත්, මුළු මහත් සමාජයටමත් යහපතක් සිදුවන්නේ නෑ.සිතේ එකඟ බවක් නැති නම්, සිත නොසන්සුන් වෙනවා නම්, විසිරෙන සිතක් ඇත්නම් ඒ පුද්ගලයාට ධර්මය අවබෝධ කරගන්ට හැකියාවක් නෑ. ලෞකික වශයෙන් මෙලොව ජීවිතය සාර්ථක කර ගන්නත් සිතේ සන්සුන් බවක් තියෙන්නේ ඕනෑ. ගිහි හෝ පැවිදි හෝ වේවා යම් කෙනෙක් දුස්සීලව ගත කරනවා නම් සිතේ සන්සුන් බවක් ඇති කරගන්න පුළුවන් කමක් නෑ. එතකොට අසමාහිත භාවයට හේතු වන්නේ දුස්සීලකමයි. සීල යනු කයිනුත්, වචනයෙනුත් දිවි පැවැත්මෙන් සිදුවන වැරැදිවලින් ඉවත් වීමෙන් ලැබෙන පිරිසුදු බවයි. සිල්වතකු වී භාවනාව පටන් ගත යුතු ය. සීලය භාවනාවට අත්තිවාරම වේ. සම්බුද්ධ සාසනයේ සීලය තරම් ඇගැයීමට ලක්වූ තවත් ධර්ම කොට්ඨාසයක් නැති තරම් ය.


මැදින් අමාවක පෝය

මාර්තු 31 බ්‍රහස්පතින්දා අපරභාග 12.27 අමාවක ලබා අප්‍රේල් 01 සිකුරාදා පූර්වභාග 11.59 ගෙවේ.
මාර්තු 31 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]