[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ ශ්‍රී සම්බුද්ධාලෝක
මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
ඡායාරූපය ගයාන් පුෂ්පික

උඳුවප් අව අටවක පෝය

දෙසැම්බර් 26 ඉරිදා අපරභාග 20.08 අව අටවක ලබා 27 සඳුදා අපරභාග 19.28 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17

බෞද්ධාලෝක පදනමෙන් දමිළ බෞද්ධයන් වෙනුවෙන් ග්‍රන්ථයක්

දමිළ බෞද්ධ අනන්‍යතාවය වෙනුවෙන් දකුණු ඉන්දීය දමිළ බුද්ධ ශාසනයේ හා සාහිත්‍යයෙන් ලැබෙන්නා වු පිටිවහල උසස් මට්ටමක පැවතියත් ශ්‍රී ලංකාවාසී දමිළ බෞද්ධයාට ඒ පිළිබඳ ඇති අවබෝධය ඉතාමත් අල්ප ය. එබැවින් ඒ වෙනුවෙන් දමිළ ජනයාට සැබෑ අවබෝධයක් ලබාදීම පෙරදැරිව ග්‍රන්ථයක් දෙමළ බසට පරිවර්තනය කර ජනගත කිරීමට බෞද්ධාලෝක පදනම කටයුතු යොදා ඇත. ඒ අනුව කථිකාචාර්ය ආචාර්ය හිඳගල ඤාණාධාර හිමියන් විසින් රචිත “දකුණු ඉන්දියාවේ (ද්‍රවිඩ දේශයේ) ථෙරවාදි බුදු දහමේ ව්‍යාප්තිය” නමැති සිංහල ග්‍රන්ථය දමිළ භාෂාවට පරිවර්තනය කිරීම බෞද්ධාලෝක පදනමේ නව කාර්යාලය විවෘත කිරීමේ උත්සව අවස්ථාවේ දී බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතා වෙත කථිකාචාර්ය, ආචාර්ය හිඳගල ඤාණාධාර හිමියන් විසින් භාරදෙන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මාලිංග අමරසිංහ මහතා හා ජනාධිපති නීතීඥ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රවීන්ද්‍ර පතිරගේ මහතා ඇතුළු බෞද්ධාලෝක පදනමේ නිලධාරීන් සහභාගී විය.

නව වසර සුබ වීමට නම් . . .

වසරක් ගෙවී වසරක් ආරම්භ වීමේ දී සියල්ලෝ ම බොහෝ බලාපොරොත්තු සහිත ව කටයුතු ආරම්භ කිරීමට උත්සුක වේ. එළැඹෙන නව වසර ද යහපත් සෞභාග්‍ය සම්පන්න බවට පත් කර ගැනීම අප සියල්ලන්ගේ ම ඒකායන පැතුමයි. ආගමානුකූල ව එළැඹෙන වර්ෂයට ආශිර්වාද ලැබීම සාමාන්‍ය ස්වභාවය යි. ඊට අමතරව මෙම පවතින තත්ත්වයන් තුළ ආගමෙහි, දර්ශනයෙහි ඇතුළත් ඉගැන්වීම් ජීවිතවලට එකතුකර ගැනීම ඉතාම වැදගත් වේ. වර්ෂයක් ආරම්භයේ දී අප සියල්ලෝ ම ප්‍රාර්ථනා කරනුයේ නිදුක්, නීරෝගී සුබ නව වසරක් වේවා යන්නයි. එසේ වුව ද වසර තුළ නිදුක් බව, සුබ බව සකසා ගත යුත්තේ තම තමන් විසිනි. තමන්ගෙන් එහා තිබෙන ශක්තීන් පිළිබඳ සිතනවාට වඩා තමා තුළ ඇති ශක්තිය කල්පනා කිරීම ඉතා වැදගත් ය. සම්බුද්ධ දේශනාව තුළ නැකත ලෙස සඳහන් වන්නේ යමක් හරියට පිළිවෙළට සිදු කිරීම ය. “අත්ථෝ අත්තස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා’ නිවැරැදිව සිදුකිරීම නැකතයි . එවන් පසුබිමක තාරකා මොනවා නම් කරන්න ද? එක් පැත්තකින් වසරක් උදාවීම යනු ජීවත්වීමට ඇති කාලයෙන් යම් ප්‍රමාණයක් අඩුවීම ය. තථාගත දේශනාවට අනුව විශුද්ධි මග්ගයේ දී ජීවිත දසක දහයකට බෙදා දක්වා ඇත. ඒ දසකයන් තුළ තමන් මුහුණදිය යුතු ඉලක්ක අභියෝග පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම ඉතා අවශ්‍යය. වසරින් වසර වයසට යාමේ දී තමන්ගේ ජීවිතයේ දසකයන් පසු කරන අතර වර්තමාන වසංගත තත්වය හමුවේ වෙන කවර කලකටත් වඩා අවිනිශ්චිතතාවය ජීවිතවලට බලපාන අයුරු පැහැදිලි ය. එවන් පසුබිමක එළැඹෙන වසර තුළ අපට තිබෙන ලොකුම අභියෝගය සෞඛ්‍ය සම්පන්න ව ජීවත්වීමයි. මෙහිදී සිහියෙන් මෙන්ම වීර්යයෙන් යුතුව ජීවිතය සැලසුම් කර ගැනීම වැදගත් ය. සෞඛ්‍ය යන්නෙන් හඳුන්වන්නේ කායික පැත්ත පමණක් නොව මානසික ආධ්‍යාත්මික, සාමාජීය අංශයන් ය. වසර මුලදී ම මේ ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.

 

කම්සැප විඳීමේ සීමාව හඳුනා ගන්න

සත්වයා ඉපදෙමින් මැරෙමින් යන සංසාර චක්‍රය අවිද්‍යාව හා තෘෂ්ණාව මත පදනම් වූවක් බව අවධාරණය කරන මුල් බුදුසමය එයින් මිදීමේ මග ආර්ය මාර්ගය වන බව ප්‍රකාශ කරයි. මිනිසා ලෞකික සැප සම්පත් පරිහරණය කරයි. ඒවා නිත්‍ය නොවන බව නොදැනීමෙන් පංච උපාදානස්ඛන්ධය සැපයක් සේ සලකයි. ඒවාම උපාදානය කොට දුකට පත්වෙයි. මේ බව බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. උන් වහන්සේ සත්වයාගේ දුක නැති කොට නිවන් පසක් කරලීම අරමුණු කොටගෙන ම ධර්මය දේශනා කොට ඇත. චතුරාර්ය සත්‍යයේ පළමු වැන්න දුක්ඛ සත්‍යය වූයේ ද එබැවිණි. සංයුක්ත නිකායේ දුක්ඛ සූත්‍රයට අනුව දුක ප්‍රභේද තුනකින් යුක්ත වන ආකාරය පෙන්වා දේ. දුක්ඛ දුක්ඛ, සංඛාර දුක්ඛ, විපරිණාම දුක්ඛ යනුවෙනි. මිනිසා එදිනෙදා විඳීන ජීවිතයේ සාමාන්‍ය දුක් ගැහැට පළමුවැන්නෙන් පෙන්වා දී ඇත. එනම් කැමති දේ නොලැබීම , අකමැති දෑ ලැබීම , අලාභ , නින්දා , කායික මානසික දුක් පීඩා ආදී දෛනික ව මුහුණ දෙන දුක්ඛයන් මෙම දුක්ඛ දුක්ඛයට අයත් වේ. සංඛාර දුක්ඛය යනුවෙන් පෙන්වා දෙන්නේ සංස්කාරයන් නිසා හටගන්නා දුකයි. එනම් හේතු ප්‍රත්‍යය නිසා හටගන්නා සියල්ල දුකකි. ඇස කන ආදී පංචේන්ද්‍රියනට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ උපාදානය වීමෙන් දුක් හටගනී. සංඛිත්තේන පංචුපාදානක්ඛන්දා දුක්ඛා යනුවෙන් මෙම පංච උපාදානස්ඛන්දය ම දුකක් බව සැකෙවින් පෙන්වා දී ඇත.

 

සිරිපා පුදබිම හා බැඳුණු විශ්වාස

සෑම වසරක ම උඳුවප් පුර පසළොස්වක පොහොයත් සමඟ ආරම්භ වන සිරිපා වන්දනා සමය අවසන් වන්නේ ඊළඟ වසරේ වෙසක් පුර පසළොස්වක පොහොයත් සමඟ ය. සුමන සමන් දෙවිඳුන්ගේ රැකවරණ පතමින් වන්දනා නඩ වශයෙන් සමනොළ ගිර තරණය කරමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී පාද පද්මය වැඳ පුදා ගන්නේ මෙ කලටයි. තුන්සරණේ කවි ගායනා කරමින්, කට පරිස්සම් කර ගනිමින්, වැරැදි වචන භාවිතයෙන් තොරව, සුදු පි‍රුවට හැඳ පිරිසුදු වී ශ්‍රී පාදය කරුණා කිරීමෙන් සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය නො අඩුව ම ලද හැකි බව බෞද්ධයන්ගේ විශ්වාසය යි. එසේ නොවන කල දෙවියන් දඬුවම් පමුණුවන බව ද පැරැන්නෝ පවසති. සිරිපා සමයේ දී බෞද්ධ සැදැහැවතුන් පමණක් ම නොව හින්දු, කතෝලික හා ඉස්ලාම් බැතිමත් හු ද සමනල ගිර නැරඹීමට මෙන් ම වන්දනා කිරීමට ද එක්වෙති. සමනල කඳු මුදුනේ පිහිටි පාද ලාංඡනය ශිව භක්තිකයින් විසින් ශිව දෙවියන්ගේ යැයි ද විශ්වාස කරනු ලබති. කතෝලික බැතිමත්හු ඒ ආදම්ගේ පා සටහන යැයි ද විශ්වාස කරති. “ආදම්ගේ කන්ද යන අරුතින් “ඇඩම්ස්පීක්” ලෙස හඳුන්වති. විදේශීය බැතිමත්හු ද ශ්‍රී පාද පද්මය වන්දනාවේ යති.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]