[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මැදිරිගිරිය වටදාගෙය
ඡායාරූපය - සමන්ත වීරසිරි

වප් පුර අටවක
 

ඔක්තෝබර් 12 අඟහරුවාදා අ.භා 21.47 පුර අටවක ලබා 13 බදාදා අ.භා 20.08 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

පූලියද්දේ සුධම්ම හිමියන් වෙනුවෙන් අනුරාධපුරයේ දී පින්කම්

කොරෝනා වෛරසය ආසාදිත ව අපවත්වී වදාළ හන්තාන සිරිධම්මරතන ත්‍රිපිටක ධර්මායතනාධිපති පුලියද්දේ සුධම්ම හිමියන් වෙනුවෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී සහ අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38 හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී දින දෙකක් පින්කම් පවත්වන ලදී. මෙම පින්කම්වලට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී සවස ගිලන්පස බුද්ධ පූජාවක් සහ සර්වරාත්‍රික විදුලි ආලෝක පූජාවක් ද, අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී සවස ගිලන්පස බුද්ධ පූජාවක් සහ පසුදින උදෑසන කිරි ආහාර සහ පිරිකර සහිත බුද්ධ පූජාවක් ද ඇතුළත් විය. අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශක සහ විශ්‍රාමික අධ්‍යාපනඥ රෝහිත විජයතිලක මහතා විසින් සංවිධානය කරන ලද මෙම පින්කම් සඳහා දායකත්වය ලබාදෙන ලද්දේ හෝමාගම දිල්හානි හෙට්ටිගේ මහත්මිය විසිනි.

ජීවිතයට රැකවරණය දෙන සදහම් මාවත

යකඩයක් තුළ හට ගෙන එයින් ම මතු වූ මලය ඒ යකඩය ම කා දමයි. එසේ ම නුවණින් තොරව වසන තැනැත්තාගෙන් සිදුවන අකුසල කර්මයන් ඔහු දුගතියට පමුණුවති යනු ඉහත සඳහන් ගාථාවෙහි සරල අදහස යි. මෙහි යකඩය පුද්ගලයකුට සමාන කොට ඇත. කෙනෙකු සිදු කරන වැරැදි හෙවත් අකුසල ක්‍රියා යකඩයෙන් ම පැන නඟින මලයන්ට සමාන කරයි. ගාථාවෙහි අයසා යන වචනයෙන් දැක්වෙන්නේ යකඩය යි. එය අතිශයින් වැදගත් ලෝහ විශේෂයකි. ඕනෑම සත්වයකුගේ ශරීරයක් නීරෝගි සම්පන්න ව, යහපත් ව පැවතීමට නම් ඛනිජ ලවන, විටමින්, පිෂ්ට ධාතු ආදිය මෙන් ම යකඩ ද අවශ්‍ය බව වෛද්‍ය ශාස්ත්‍රයෙහි දැක් වේ. එයිනුත් යකඩ හේතු කොට ගෙන ආයුෂ, වීර්යය, මදය වර්ධනය කරන බවත්, රෝග නැසීමේ ශක්තියක් එහි ඇති බවත් පෙර දිග වෛද්‍ය ශාස්ත්‍රයෙහි සඳහන් වේ. සරු සාරවත් වූ ගසක හටගෙන වැඩෙන්නා වූ පිළිලයකට එම ගස වැනසීමේ ශක්තිය ඇත. එමෙන් මහත් ශක්තියක් ඇති යකඩය වුවත් කා දමා සියලු බල වනසා දැමීමට ඒ තුළින් පැන නඟින මලකඩවලට හැකියාව ලැබෙයි. යකඩයක මහත් ශක්තියක් පවතින්නාක් මෙන් යම් කෙනකු තුළ මහත් බලයක් පවතී. ඇදහීම, විශ්වාසය හා පැහැදීම ඇති කරන ශ්‍රද්ධා නමැති බලය එයින් එකකි. නො පසුබස්නා වීර්යය තවත් එකකි. මනා සිහිය සහ සිතෙහි එකඟතාව නම් වූ සමාධිය නමින් දැක්වෙන්නේ තවත් බල දෙකකි. ප්‍රඥාව ද ඇතුළත් මේ පංච බලය ඕනෑම කෙනකුගේ ජීවිතයක් සාර්ථක කිරීමට පුදුම ශක්තියක් ලබා දෙයි.

 

පොතපත කියවීමේ අගය සේ ම සමාජය කියවීමේ වටිනාකම ද දරුවන්ට කියා දෙන්න

"සිප් කිරි පෙවූ මූසිලයින් උඩුමාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ" සුනිල් එදිරිසිංහයන් ගයන මේ ගී පද කිහිපය තුළින් ම ගුරුවරයා යනු කවුරු ද යන්න ඉතා හොඳීන් වටහා ගත හැකි ය. සමාජයේ සෑම තරාතිරමක කෙනෙක් ම නිර්මාණය කරනුයේ ගුරුවරයා විසිනි. අප අමතක නො කළ යුත්තේ එම ගුරුවරයාට ද ජීවිතයක් ඇති බව ය. සමාජ ජීවිතයේ දී බොහෝ වරප්‍රසාද හිමිවන්නේ ගුරුවරයාගේ අප්‍රතිහත ධෛර්ය තුළිනි. ඇතැම්විට එවැනි ගුරුවරු තවමත් තමන්ගේ මූලික අවශ්‍යතා ටික හෝ ඉටු කර ගැනීමට බැරුව එහෙත් ලද දෙයින් තෘප්තිමත් ව කටයුතු කරනු දක්නට ලැබේ. එහෙත් තමා ඉගැන්වූ දරුවන් සැප පහසුකම් ලබා සමාජයේ වැජඹෙනවා දැකීම බොහෝ සෙයින් ප්‍රිය කරති. මව්පියන්ටත් වඩා ඇතැම් විට දරුවාගේ දියුණුවේ දී ගුරුවරයා සතුටු වේ. ඇතැම් ළඟම ඥාතීන් ඊර්ෂ්‍යාවෙන් පෙළෙද්දී තම ශිෂ්‍යයන්ගේ හපන්කම් තුළ ගුරුවරයා ලබන සතුට ගැන ඇතමකුට අවබෝධයක් නැත. අප සියල්ලන්ට ම ගුරුවරයාගේ ඒ වෙහෙස, මඟ පෙන්වීම, සතුට පිළිබඳ යම් හෝ අවබෝධයක් ඇතුවාට සැක නැත. ගුත්තිල ගුරුවරයකු ලෙස, මූසිලට ගුරුමුෂ්ටි නොමැති ව ශිල්පය ලබා දුන්නේ ය. වර්තමාන ගුරුවරයා ද එසේ ම ය. ඒ අතර ගුරුවෘත්තිය ට නොගැලපෙන හැසිරීම් ඇති ඉතා සුළුතරයක් සමාජය තුළ නැතුවා ම නොවේ. එය ගුරුවරයාට පමණක් නොව සෑම ක්ෂේත්‍රයකට ම පොදු වූවකි. වෛද්‍යවරයකුට වැරදුණහොත් ලෙඩා මරණයට පත් වේ. එහෙත් ගුරුවරයකුට වැරදීම වරද සමාජගත වීමට හේතුවකි. ඇතැම් ක්ෂේත්‍රවලට විකල්ප ඇතිමුත් ගුරුවරයාට විකල්ප ඇත්තේ නැත. එය අප සියල්ලෝ ම ඉතා හොඳීන් තේරුම් ගත යුතු ය.

 

මානසික ආතතිය නිසා වැඩි වශයෙන් පීඩා විඳීන්නේ ඉවසීම නැති අය යි

නිසලව ගලන ගංගාවකට වඩා ගල්පර බාධක මැඩ ගනිමින් ගලන ගංගාව පියකරු ය. සුන්දර ය. ගල්පරවල හැපුණ ද සියලු බාධක මැඩගෙන ගංගාව තම ගමනාන්තය තෙක් ම ගමන් කළ යුතු ය. අපගේ ජීවිතය නැමැති ගංගාව එබඳු ය. උපතේ සිට මරණය දක්වා ජීවිතයේ ගෙවී යන සෑම දවසක් ම අප බලාපොරොත්තු වන ආකාරයට උදා නොවෙයි. අප බලාපොරොත්තු වන දේට වඩා නොසිතූ දේට මුහුණ දෙන්නට සිදු වේ. ඇතැම්විට මාස ගණනක් හෝ වසර ගණනක් බලා සිටි දෙය මොහොතින් වෙනස් වීමට ලක් වේ. නොසිතූ ලෙස අභියෝගවලට මුහුණ දීමට සිදුවෙයි. එසේම ඇතැම් විට බලාපොරොත්තු බිඳ වැටීමට තරම් ඇතැම් අවස්ථා උදාවෙයි. අප ඒ සියල්ල ජීවිත අත්දැකීම් ලෙස සැලකීමට පුරුදු විය යුතු ය. එසේ අත්දැකීමට නම් අප එක් දෙයක් පුරුදු කළ යුතු ය. ඒ ඉවසීමයි. ඛන්තී පරමං තපෝ තිතික්ඛා යන බුද්ධ දේශනාවට අනුව උතුම් ම තපස නම් ඉවසීමයි. යමකුට දුකෙහිදීත්, සැපයේ දී ත් එක සේ ඉවසිය හැකි නම් ඒ උතුම් ම ඉවසීම යි. සමහරවිට ඇතැම්හු තමා අකමැති අත්දැකීමක් අත්විඳීමට සිදු වූ අවස්ථාවන් හි සුළු මොහොතක් එය විඳ දරාගෙන සිට, පසුව එය ප්‍රකෝපකාරී ව පිට කරති. ඇතැම් විට තම ඉවසීමේ සීමාව පන්නන්නට එපා යැයි පවසති. එය ඉවසීම නොවේ. කෝපය මැඩ ගෙන සිටීමකි. නැතහොත් කෝපය සිතෙහි තබා ගෙන, එය කායික ව හෝ වාචසික ව ක්‍රියාත්මක නො කිරීමකි. එසේ නොවී යමකුට එවැනි අවස්ථාවක සිතින් ද එය පාලනය කර ගෙන මැඩලීමට හැකි නම් එය මනා ඉවසීමයි.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]