[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වප් පුර අටවක 2021-10-13

ජීවිතයට වටිනාකමක්

කොරෝනා වසංගතයත් සමඟ දීර්ඝ කාලයක් පුරා උඩු යටිකුරු වෙමින් පැවති ජීවිත දැන් ටිකෙන් ටික සාමාන්‍ය අතට හැරෙමින් තිබේ. ඉදිරියේ දී එම තත්වය හොඳ අතට හරවා ගන්නවා ද, නරක අතට හරවා ගන්නවා ද යන්නෙහි තීරණය ඇත්තේ ද අප අතේ ම ය. ඒ ලෝකයක් අඩපණ කළ මේ භයානක වෛරසය තවමත් සක්‍රීය තත්ත්වයේ පවතින බැවිනි. එයට එරෙහි වන්නට නම් විශේෂයෙන් අපගේ ඇවතුම් පැවතුම්වල විනය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය ය. අවවාද, උපදෙස් පිළිපැදීම බුදු දහමේ ඉහළින් ම අගය කෙරෙන්නකි.

පසුගිය කාලය පුරාම සෞඛ්‍යය ඇතුළු අදාළ විවිධ අංශ මඟින් ජනතාව නිරන්තරයෙන් දැනුම්වත් කළේ, උපදෙස් ලබා දුන්නේ නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කොට රෝගයෙන් වැළකී සිටීමට ය. සුළුතරයකගේ අකීකරු වීම් නිසා බොහෝ දෙනකුට රෝගය ආසාධිත වී දැඩි කායික මානසික පීඩා විඳීන්නට සිදු වූ අතර ම, වටිනා ජීවිත ද බොහෝ ප්‍රමාණයක් අහිමි විය. මරණයේ වේදනාව මිය ගිය අයට නොව, ජීවත්වන්නන්ට ය යන ජනවහරේ එන කියමනට අනුව කොරෝනා උවදුර නිසා අකාලයේ මව්පියන් අහිමි වූ දරුවන්ට, දරුවන් අහිමි වූ මව්පියන්ට ආදී ලෙස ඉතිරිවී ඇත්තේ වේදනාව පමණි. ඉදිරියේ හෝ එම කනගාටුදායක සිදුවීම්වල හවුල්කරුවන් නොවීමේ වගකීම අප සතු ය.

ලෙඩරෝගවලට පහසුවෙන් ගොදුරු වන්නේ සිරුරේ ප්‍රතිශක්තිකරණය අඩු වීම නිසා ය. ප්‍රතිශක්තිය දුර්වල වීමට අපගේ ආහාර රටාව සුවිශේෂී බලපෑමක් ඇති කරන බව කුඩා දරුවකු වුව දන්නා කාරණයකි. එහෙත් පසුගිය කාලය පුරා අපේ ජනතාව වැඩි ප්‍රමාණයක් ආහාරයට ගනු ලැබුවේ ක්ෂණික ආහාර ය. තෙල්, පිටි අධික ආහාරවලින් ශරීරයට ලැබෙන ප්‍රතිශක්තිය ගැන ඇත්තේ කිනම් සහතිකයක් ද? ක්ෂණික ආහාරවලට ජනතාව මොන තරම් ඇබ්බැහි වී සිටිනවා ද කියනවා නම් අද ග්‍රාමීය ප්‍රදේශවල පවා ජන වහරේ ම එන ලෙස චූන්පාන් රථ වැහි වැහැලා ය. උදේට සවසට මේවායෙහි පුරවාගෙන යන ක්ෂණික ආහාර විකිණෙන වේගය අපට කියන්නේ අපේ ගෘහණියගේ අලසකම යි.

සෑම ගෘහණියක් ම පාහේ දරුවන් සිටින මවකි. ඒ අනුව අපේ දරුවන්ගේ කුස වැඩි වශයෙන් පිරෙන්නේ එම ආහාරවලිනි. දරුවන්ට යමක් රත් කර දෙන්නට ඇති අලසකම තුළ ඔවුන්ගේ අනාගතය ආගාධයේ ය. සුළු රෝගී තත්වයකටවත් මුහුණ දෙන්නට තරම් ප්‍රතිශක්තියක් නොමැති වීම නිසා ය. එහෙයින් මොන තරම් කාර්ය බහුල වුව ද අපගේ ආහාර රටාව ගැන නැවත සිතන්නට කාලය පැමිණ තිබේ.

බුදුරජාණන් වහන්සේ අපට මැදුම් පිළිවෙතක් ගැන දේශනා කොට වදාළහ. ලෝකෝත්තර සුවයට සේ ම ලෞකික ජීවිතය නිසි ලෙස හසුරුවා ගන්නට එමඟින් හැකියාව ලැබේ. අසීමිත සුඛ විහරණය වෙනුවට අපට සරල ජීවන රටාවට හුරු වන්නට සිදු වේ. පසුගිය කාලයේ බොහෝ දෙනකුට ආර්ථික ම ය අසීරුතාවන්ට මුහුණ දෙන්නට සිදු විය. සරල ජීවිතයකට හුරු වුණා නම් ජීවත් විම පහසු ය.

ආගමානුකූල ජිවිතය බොහෝ ගැටලුවලට විසඳුම් ලබා දෙන්නේ ය. මෙලොව ජිවිතය සේ ම පරලොව ද සුවපත් කරන්නේ ය . ආගම නමට සිමා නොකොට ජීවිතයට පුරුදු කළ යුතු ය. ජීවිතයට වටිනාකමක් ලැබෙන්නේ එවිට ය.

වප් පුර අටවක
 

ඔක්තෝබර් 12 අඟහරුවාදා අ.භා 21.47 පුර අටවක ලබා 13 බදාදා අ.භා 20.08 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]