ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ වප් පුර අටවක පෝදා, 2021 ඔක්තෝබර් 13 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කොරෝනා වෛරසය ආසාදිත ව අපවත්වී වදාළ හන්තාන සිරිධම්මරතන ත්‍රිපිටක ධර්මායතනාධිපති පුලියද්දේ සුධම්ම හිමියන් වෙනුවෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී සහ අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38 හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී දින දෙකක් පින්කම් පවත්වන ලදී. මෙම පින්කම්වලට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී සවස ගිලන්පස බුද්ධ පූජාවක් සහ සර්වරාත්‍රික විදුලි ආලෝක පූජාවක් ද, අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී සවස ගිලන්පස බුද්ධ පූජාවක් සහ පසුදින උදෑසන කිරි ආහාර සහ පිරිකර සහිත බුද්ධ පූජාවක් ද ඇතුළත් විය. අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශක සහ විශ්‍රාමික අධ්‍යාපනඥ රෝහිත විජයතිලක මහතා විසින් සංවිධානය කරන ලද මෙම පින්කම් සඳහා දායකත්වය ලබාදෙන ලද්දේ හෝමාගම දිල්හානි හෙට්ටිගේ මහත්මිය විසිනි.
ඔක්තෝබර් 12 අඟහරුවාදා අ.භා 21.47 පුර අටවක ලබා 13 බදාදා අ.භා 20.08 ගෙවේ. බදාදා සිල්
පුර අටවක
ඔක්තෝම්බර් 13
පසළොස්වක
ඔක්තෝම්බර් 20
අව අටවක
ඔක්තෝම්බර් 28
අමාවක
නොවැම්බර් 04
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]