ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ වෙසක් අව අටවක පෝදා, 2021 ජුනි 02 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මුගලන් තෙරණුුවෝ රහත්වීම
ජූනි 02 බදාදා පූ.භා 00.46 අව අටවක ලබා 03 බ්‍රහස් පූ.භා 01.13 ගෙවේ. බදාදා සිල්
අව අටවක
ජුනි 02
අමාවක
ජුනි 09
පුර අටවක
ජුනි 17
පසළොස්වක
ජුනි 24
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට නියමිත වූයේ බුදු රජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ නාගදීප පුරාණ රජමහ විහාරස්ථානයේ ය. එහෙත් කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේ පැවැත්වීමට නොහැකි විය. රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව නාගදීපයේ පින්කම් හා වෙනත් ආගමික කටයුතු රැසක් පැවැත්වීමට නියමිතව තිබුණි. ඒ බොහෝ කටයුතු කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා කල් දමන්නට හෝ අවලංගු කරන්නට සිදු විය. එහෙත් නාගදීප රජ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන පිරිනිවන් මංචකයේ වැඩ කටයුතු අඛණ්ඩව සිදු කරන්නට නාගදීප පුරාණ රජමහා විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් විසින් කටයුතු කරන ලදී. ඒ අනුව පිරිනිවන් මංචකයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නිධන් වස්තු තැන්පත් කිරීම වෙසක් පුන් පොහෝ දින සිදු කරන්නට උන් වහන්සේ කටයුතු කළහ. සංචරණ සීමා මැද සෞඛ්‍යාරක්ෂිතව ජනතා සහභාගිත්වයෙන් තොරව මේ පින්කම සිදු කරන්නට උන් වහන්සේ කටයුතු යොදා තිබුණි.
ධර්ම දේශනාව:
යෙකෙචි බුද්ධං සරණං ගතාසෙ - නතෙ ගමිස්සන්ති අපායං - පහාය මානුසං දෙහං - දෙව කායා පරිපුරෙස්සන්ති, සනරාමර ලෝක සිවංකර අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක් සමයෙක්හි පන්සියයක් මහරහතන් වහන්සේලා පිරිවරකොට කපිලවස්තු නුවර මහ වනයෙහි වැඩ වසන සේක. එසමයෙහි දස දහසක් ලෝක ධාතූන් හි දෙවි දේවතාවෝ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ආර්ය ශ්‍රාවකයන් දැකීමට පැමිණියාහු ය. එසේ පැමිණි එක් දේවතාවෙක් මෙම ගාථාවෙන් බුදුන් සරණයාමේ ආනිශංස ප්‍රකාශ කළහ. යම් කෙනෙක් බුදුන් සරණ ගියාහු ද ඔවුහු අපායට නොයන්නාහ. ඒ බුදුන් සරණ ගියෝ මනුකය හැර දේව කාය සම්පූර්ණ කරන්නාහු ය. කල්ප ගණන් තිස්සේ බුද්ධ යන වචනය පවා අසන්නට නොමැතිව තිබිය දී කාලාන්තරයකින් මනුලොව පහළවන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිසා බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය ප්‍රකට වීමෙන් මනුලොව ප්‍රධාන දස දහසක් සක්වළ පුරාවට මංගල සම්මතයෙන් අසිරිමත් දෙතිසක් ප්‍රාතිහාර්යවලින් සියලු සත්වයන්ගේ චිත්ත සන්තාන ප්‍රසන්න වන්නාහ. සාදු නාදයෙන්, තුති පූජාවෙන් තුටු පහටු වන්නාහ. එවන් උතුම් තෙරුවන් සරණ යෑමෙන් ලබන ප්‍රතිවිපාක අනන්ත අප්‍රමාණ වන්නේ ය. අප බෞද්ධයන් වශයෙන් අන්‍ය ආගමිකයන් අතර අනන්‍යතාවයෙන් සිටීමට හේතුවන්නේ අවංක චේතනාවෙන්, අචල ශ්‍රද්ධාවෙන්, කුසල චෛතසිකයෙන් තෙරුවන් සරණ යාමයි. තිසරණ සරණ යාම පිළිබඳව ධර්මානුගත ශාස්ත්‍රීය අවබෝධයක් තිබිය යුතු වන්නේ ය. සරණ, සරණාගමන, සරණාගත, සරණාගමන ප්‍රභේද සරණාගමන ඵල, සංකිලේෂ යන කරුණු හය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නේ නම් වරක් ගත් සරණාගමනය ජීවිතාන්තය දක්වා නොනැසී පවතින්නේ ය.
තෘෂ්ණාව බරපතළම මාරයා වේ. අපේ ඉන්ද්‍රියයන් මාර උවමනාවන් වෙනුවෙන් නොයොදන්නේ නම් මාරයා අපට පරාජය වේ. මාරයා අප පින් කරනවාට අකමැති නැත. ඔහු අකමැති වන්නේ කුසල් වඩනවාට ය. මන්ද යත් පින් කළත්, පව් කළත් මරණය ළඟාවන නිසා ය. පවිටු මාර යනු කෙලෙස් මාරයා ය. දහමට අනුව දසමාර සේනාව අයත් වන්නේ පවිටු මාර ගණයට ය. මාර සේනාව පිළිබඳ තොරතුරු ඇතුළත් වන්නේ මහා පධාන සූත්‍රයේ ය. බෝසතාණන් වහන්සේ බුද්ධත්වය සඳහා කුසල් වඩන අතරතුර මාරයා උන්වහන්සේ ඉදිරියේ පෙනී සිට තථාගතයන් වහන්සේට සඳහන් කරනුයේ ඔබේ ඇඟ කෘෂවී ඇත. ඔබ සතු බ්‍රහ්මචාරී ජීවිතයත් සමඟ ගිනි දෙවියන් පුදා පිනක් දහමක් සිදු කළා නම් සැප විඳිය හැකි බවයි. දස මාර සේනාව - එවිට බුදුරදුන් මාරයා අමතා සඳහන් කරන්නේ එවැනි පිනකින් තමන් වහන්සේට ප්‍රයෝජනයක් නැති බවයි. තථාගතයන් වහන්සේ නැවත මාරයා අමතා දක්වනුයේ, පාපිෂ්ට මාරය නුඹට මාර සේනාව දහයක් ඇති බව ය. මෙම පුද්ගල මාර සහ පවිටුමාර ඉගැන්වීමෙහි දාර්ශනික හරය තම ජීවිතවලට එකතු කරගන්නේ නම් ජීවිත වල්මත් නොවී මිනිස් දිවියේ සැබෑ අරුත ළඟා කරගත හැකි වේ. එය සැබෑම වෙසක් සැමරුමයි. බුදුරදුන් මාරයා අමතා දේශනා කළ ඉහත දැක්වූ මාර සේනාව වර්තමානයේ දී අප හඳුනාගත යුත්තේ එයින් වැළකීම පහසුවන නිසාවෙනි. හඳුනාගත් සතුරාට මුහුණදීම ඉතා පහසුය. යම් විටෙක මාර සේනාව හඳුනා නොගැනීම මත බොහෝ ප්‍රශ්න ගැටලු ඇතිවීම ස්වභාවික ය. ගිහි පැවිදි දෙපක්ෂයටම මෙයින් ලැබෙන සහනය අති විශාල වේ.
මහා විහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ උපසම්පදාව හා ශාසනික සංවර්ධනය - 2:
ක්‍රි.පු. 02 වන සියවසට අයත් රිටිගල ශිලා ලිපිවල ද ලෙන් පමණක් නොව වැව් ස්ථූප, කුඹුරු, ආරාම, ගම් ආදිය සඟසතු කොට පූජා කළ බව සඳහන් වේ. එම ලිපියෙහිම “දෙවන පිය මහරඣ, ගමිණි තිසහ පුත දෙවන පිය තිස අභයැගෙ ලෙනේ අගත අනගත චතුදිස සගශ දිනේ” (සද්ධාතිස්ස මහරජුගේ පුතණූ දෙවන පියතිස අභය (ලජ්ජිතිස්ස) ගේ ලෙන පැමිණි නොපැමිණි සිව්දිග සංඝයාට දෙන ලදී) එකී දෙවැනි ගිරි ලිපියේදී ලජ්ජිතිස්ස මහරජ විහාරය කරවා අබදළක වැව සංඝයාට පූජා කළේය.එහි තවත් ලිපියක ගාමිණී අභයගේ කුඹුර සංඝයාට පූජා කරන ලදී. කූඨකණ්න තිස්ස රජතුමා ක්‍රි.ව. 41-19 මීන්විල (සෝමවතිය) සෙල් ලිපියේ දෙගම නම් ඇළක් සෑදූ බව සඳහන් වේ. මොලහිටිය වෙලේගම ලිපියේ තමන්කඩු දිස්ත්‍රික්කයේ දිඹුලාගල සමීපයෙහි පිහිටා ඇති අතර, එහි සඳහන් වන අයුරින් දේවානම් පියතිස්ස රජතුමාගේ මුණුබුරු වූ කූඨකණ්නතිස්ස රජතුමාගේ වැඩිමහල් පුතු වූ අභය රජු විසින් අතරගග නම් ස්ථානයෙහි ගණත කග නම් ඇළ පිළිපවත විහාරයෙහි භික්‍ෂු සංඝයාට රන්කෙන්ඩියෙන් (අත්පැන් කොට) දෙන ලදි.
සිරි සදහම් පැන විසඳුම්
ඉතිරිය»
ලෝ සත නැහැවූ සදහම් අමා වැස්ස
සියලු බුදු ගුණයන්හි පිහිටා වදාළ සේක
ධර්මය දැකීමෙන් බුදුරජාණන් වහන්සේ දකින්න
මාර සංග්‍රාමය ජයගත් ශ්‍රේෂ්ඨ වීරයාණෝ
අසිරිමත් ශාස්තෘන් වහන්සේ
අකීකරු චේතිය රජු අපායෙහි ගිලුණු හැටි
ධර්ම විනයට අනුගත ව ශාසනයේ අභිවෘද්ධිය පිණිස කටයුතු කළ යුතුයි
දුටුගැමුණු මහ රජතුමා - 34: නන්දිමිත්ර දිනාගැනීමට එළාර රජුගෙන් සැලැස්මක්
බෞද්ධයා ආගම්වාදියෙක් නොවේ
අනුබුදු මිහිඳු මාහිමියන් වැඩ විසූ මිහිඳු ගුහාව
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]