දුටුගැමුණු මහ රජතුමා -
34:
නන්දිමිත්‍ර දිනාගැනීමට
එළාර රජුගෙන් සැලැස්මක්
සවස හතරයි. එළාර රජතුමාත් , මිත්‍ර සෙනෙවිතුමාත් රජ මාලිගයේ උද්‍යානය දෙසට යනු
පෙනිණි. අශ්වයකු පිට නැගී සිරිනාග මාලිගයේ දොරටුව වෙත පැමිණියේ ය. ආරක්ෂක භටයකු
පැමිණ අසු භාරගත් අතර තවත් භටයකු ඔහු රජතුමා සිටි තැනට කැඳවාගෙන ගියේය.
"සිරිනාග එන්න, තොපගේ පැමිණීම අප බලාපොරොත්තුවෙන් සිටියේ. තොප මාගම රාජධානියේ
තොරතුරු අපට ලබාදෙමින්, දීඝාභය ගැමුණු කෙරෙහි කළකිරෙන අයුරින් කටයුතු සැලැස්වීම ඉතා
අගෙයි. තොප ඒ කළ හපන්කමට තිළිණයක් ලෙස සෙනෙවි තනතුරක් පිරිනැමීමට තීරණය කළා."
"දැන් අපට නොවලහා කියව, මාගම රාජධානියේ යුද සුදානම කෙසේද? කාවන්තිස්ස රජුගේ සැලසුම
කුමක්ද ? දුටුගැමුණු හැංගි හොරා ජීවත් වන්නේ කුමක් නිසාද ? ඔවුන් සටන් ආරම්භ කරන්නේ
කවදාද?"
"මහරජතුමනි, ඔවුන්ගේ සැලැස්ම විශිෂ්ටයි. දසමහ යෝධයන් යටතේ සෙනෙවිවරුන් සියයක්
පුහුණු කරනවා. විශේෂ පුහුණුවක් ලබා දෙනවා. ඔවුන් යටතේ තවත් උප සෙනෙවිවරුන් දහසකට
පුහුණුව ලබා දෙනවා. සියල්ලෝම එක්දහස් එකසියයකින් සමන්විත වෙනවා. මේ බලඇණිය පවතින්නේ
දුටුගැමුණු කුමාරයා යටතේයි. දැන් මේ බල ඇණිය හැත්තෑදහස ඉක්මවලා. කාවන්තිස්ස රජතුමා
සෙනෙවිවරුන් සිය දෙනකුට තම තමන් භාරයේ ලක්ෂයක බල හමුදාවක් පුහුණු කිරීමට උපදෙස් ලබා
දී තිබෙනවා. මටත් උපසෙනෙවි තනතුරක් ලැබුණා. එහිදී මට වැදගත් තොරතුරු රාශියක් ලබා
ගැනීමට හැකිවුණා."
"සිරිනාග තොපගේ කාර්යභාරය සුවිශේෂයි. ඒ නිසා තොපගේ තනතුර හෙටම පිරිනමනවා. තනතුරට
අදාළ වරප්‍රසාද හිමිවෙනවා. ඒ වගේම තොප තව ටික කාලයක් එහි සේවය කරනවා නම් මම
කැමතියි. එහිදී තිස්ස කුමාරයා සහ දුටුගැමුණු කුමාරයා අතර විරසක බවක් ඇති කරන්නට
කටයුතු කරන්නට ඕනේ. "
"මහරජතුමනි, මා දැනටමත් ඒ සඳහා කටයුතු කරගෙන යනවා. පුද්ගලයන් තිදෙනෙකු ඒ කාර්යය
සඳහා කුලියට ගත්තා. මට ලබාදුන් රන්කාසි වලින් කොටසක් ඒ සඳහා යෙදවූවා. තවත් කොටසක්
දිඝාභය , දුටුගැමුණු කුමාරයාගෙන් දුරස්කරලීමේ කටයුත්ට සඳහා වැයකළා. "
"ඔවුන් යුද්ධය ආරම්භ කරන්නේ කවදාද ? "
"මහරජතුමනි, එළඹෙන පොසොන් පෝයදාට පසුදා ඔවුන්ගේ යුද ශක්තිය පරික්ෂා කිරීමේ
සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදාගෙන තිබෙනවා. ඊට පසුව දුටුගැමුණු කුමාරයා
ගෙන්වාගෙන සුබ නැකතින් යුද්ධය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා."
"සිරිනාග, දුටුගැමුණුගේ දස මහා යෝධයන් වෙනුවට අපේ යෝධයන් විසිදෙනෙක් සිටිනවා.
දුටුගැමුණුගේ ලක්ෂයක සේනාංකවලට මුහුණ දීමට ලක්ෂ දෙකක සේනාංක අපේ සුදානම් වී
සිටිනවා. කාවන්තිස්ස රජතුමා අපේ සේනාංකවල ශක්තිය තවම දන්නේ නැහැ වගෙයි."
"විජිතපුර බලකොටුවේ අසු දහසක සේනාංක සිටිනවා. අනුරාධපුර නගරය ආරක්ෂා කිරීමට හැට
දහසක බලසේනාවක් සීරුවෙන් තබා තියෙනවා. සෑම අතින්ම කාවන්තිස්සට වඩා දෙගුණයකටත් වඩා
වැඩි ප්‍රමාණයකින් අපි සුදානම්."
"බොහොම හොඳයි මිත්‍ර සෙනෙවි, නමුත් මතක තබා ගන්න. අපේ සේනාංකවල සිටින භටයන්ගෙන්
අඩකටත් වඩා සිංහල අයයි. ඔවුන් භේද භින්න නොවී අපට හිතවත්ව තබා ගැනීම ඔබගේ කාර්යයක්.
"
"දීඝාභය කුමාරයා එළාර මහා රජුගේ සෙනෙවියකු වූ බව ඇසු කාවන්තිස්ස රජතුමා ගිලන් වුණා.
එය මුළු මාගම රාජ්‍යයම අඩපන වූවාක් බඳු වුණා. "
සිරිනාග ඔබගේ එක දුර්වලකමක් මම දකිනවා. දිඝාභයගේ තිස් දහසක සේනාව අපට ලබාගන්නට
කටයුතු නොකිරීම ලොකු අඩුපාඩුවක්. අපේ කඳවුරුවලට බලපෑම් කරන්නේ ඒ පිරිස බව දැන ගන්නට
තිබෙනවා." මිත්‍ර සෙනෙවි කීය.
"නැහැ මහා සෙනෙවිතුමනි, මහවැලි ගං තීරය හා අවට ගම්මානවල ආරක්ෂාව භාරදී තිබෙන්නේ
උපතිස්සගේ සේනාන්කයටයි. තමන්ගේ බිරිඳත් දරුවනුත් ඝාතනය කිරීම ගැන ඔහු වෛරයෙන්
සිටින්නේ. වසර දහයකට පමණ පෙර අපේ සේනාංක විසින් මහියංගනයේ උපතිස්ස ගම කොල්ලකෑමෙන්
සිදුකළ අපරාධයේ ප්‍රතිපලයක් ඒක."
"මේ සිදුවීම මට මතකයි. ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා සියලු වැරදිකරුවන්ට උපරිම දඬුවම්
ලබාදෙන ලෙසට මා දීඝජන්තුට උපදෙස් දී තිබෙනවා. "
"මහරජතුමනි, අපි සිංහල බෞද්ධ ජනතාවට සිදුවී ඇති අපරාධ, අලාභහානි පිළිබඳ සොයාබලා
ඔවුන්ට යුක්තිය පසිඳලිය යුතුයි. ඒ සඳහා ඔවුන්ට වන්දි ගෙවීමේ ක්‍රමයක් සකස් කර
ගන්න්නට ඕනේ. එයින් කළකිරී සිටින සිංහල ජනතාවගේ ප්‍රසාදය අප වෙත ලබා ගන්නට පුළුවන්.
"
"රජතුමනි, අපි සිංහල බෞද්ධ ජනතාව අපේ පැත්තට යොමුකර ගන්න විට තිස්ස කුමාරයාත්
නැඹුරු කර ගැනීමට අමාරු නැහැ. දුටුගැමුණු කුමාරයාට එරෙහිව යුද්ධයක් කිරීමට ඒ පිරිස
හොඳටම ප්‍රමාණවත්. " සිරිනාගගේ තීක්ෂණ නුවණ පිළිබඳ එළාර රජතුමා බොහෝ සතුටට පත්විය.
"රජතුමනි, තවත් වැදගත් කරුණක් තිබෙනවා. දුටුගැමුණු කුමාරයාගේ සියලු සේනාංකවල මහා
සේනාධිපති තනතුර දරන්නේ නන්දිමිත්‍ර යෝධයායි. ඔහු අපගේ මිත්‍ර සෙනෙවිතුමාගේ ළඟම
ඥාති සහෝදරයෙක්. කාලයක් මිත්‍ර සෙනෙවිතුමා ළඟ සිට සොලී පාලනය ගැන කළකිරී මාගමට පලා
ගොස් තිබෙනවා. "
"ඔහුව අපේ පැත්තට නම්මවා ගැනීමට හැකි නම් අගෙයි."
අපේ සෙබළුන් ශ්‍රී මහා බෝධියට, මහාවිහාරයට, ථූපාරාමයට කරන විනාසය දැකලා එසේ විනාශ
කරන සෙබළුන් අල්ලා හොර රහසේම මරණයට පත්කරලා. මේ බව ආරංචි වී නන්දිමිත්‍රව අල්ලා
දඬුවම් කිරීමට සුදානම් වන විට ඔහු පැන ගිහින්."
මේ සියලු දේට වඩා තවත් වැදගත් කරුණක් රජතුමනි, දුටුගැමුණු කුමාරයා වෙස් වලාගෙන
අනුරාධපර රාජධානියේ සැරිසරන බව දැනගන්නට ලැබුණා. සිංහල නගරාධිපතිවරුන් , සිටුවරුන්,
සෙනෙවිවරුන් හමුවෙමින් ඔවුන්ගේ සහාය ලබා ගැනීමට උත්සාහ කරන බව දැන ගන්නට ලැබුණා. "
"එළාර රජුගේ මුහුණෙහි මහත් බියක් පැතිර ගියේය. මුහුණට දහදිය දමන්නට විය. ඇස් විශාල
විය.
"මෙවැනි දෙයක් සිදුවුයේ කෙසේද? විශ්වාස කරන්නටත් අමාරුයි. අපගේ ඔත්තු සේවය
හරියාකාරව ක්‍රියාත්මක වන්නේ නැද්ද ? සිරිනාග හෙට නුඹට සෙනෙවි තනතුර ලැබුණු වහාම
අනුරාධපුරයේ වෙසෙන සැක සහිත පුද්ගලයන් ගැන සොයා බලන්න. ඔවුන් වහාම සිරභාරයට ගන්න."
"හොඳමයි මහ රජතුමනි, මම ඒ කාර්යය ඉතා උනන්දුවෙන් කරන්නම්. ඒ ගැන මම ඔබතුමාට
පොරොන්දු වෙන්නම්."
"මිත්‍ර සෙනෙවි, සිරිනාගට සේනාංකයක් සහ වගකීම් භාරදෙන්න. ඒ අනුව ඔහුට නිල නිවාසයක්
ලබා දෙන්න. එය අපේ යුතුකමක්."
අයන්ති විතාන |