ශ්‍රී බුද්ධ වර්ෂ 2564 ක් වූ බක් අව අටවක පෝදා, 2021 මැයි 03 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
බුදුරදුන් සුනීතට පිහිට වීම
මැයි 03 සදුදා අපර භාග 13.39 අව අටවක ලබා 04 අඟහරුවාදා අපර භාග 13.10 ගෙවේ. සඳුදා සිල්.
අව අටවක
මැයි 03
අමාවක
මැයි 10
පුර අටවක
මැයි 19
පසළොස්වක
මැයි 26
පින්බර පොසොන් පුර පොහෝ දාක සිදුවූ අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ලංකාගමනයත් සමඟ ලංකාද්වීපයේ සමාජයීය, සංස්කෘතික හා ආධ්‍යාත්මික වශයෙන් ප්‍රබුද්ධ ප්‍රගමනයක ආරම්භය ද සිදුවුණි. එහි කේන්ද්‍රස්ථානය වූයේ පින්බර මිහින්තලා පුදබිමයි. දහස් ගණනින් රහතන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධ වූ හෙළයන්ගේ අභිමානනීය නවෝදයෙහි කැඩපතක් වූ ඒ පින්වත් පුදබිමෙහි සිට අසිරිමත් මහින්දාගමනය සිහිපත් කරමින් අනුබුදු මිහිඳු මාහිමියන්ට පූජෝපාහර දක්වනු පිණිස වෙසෙසින් පොසොන් පුර පොහෝදාට මහා පින්කම් සංවිධානය කිරීමට අතීත රජ දරුවෝ අමතක නොකළහ. අද ද ඒ අසිරිමත් මඟ යමින් පොසොන් පුර පොහෝදාට මිහින්තලා පුදබිමෙහි අපමණ පින්කම් සංවිධානය වේ. ඒවාට සහභාගි වී සැදැහැවත් බොදුණුවෝ ජීවන ගමනට පින් රැස් කර ගනිති. මෙවරද රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලා පුදබිමේ පිළිසකර කටයුතු ආරම්භ කිරීමට මේ වනවිටත් කටයුතු සූදානම්ව තිබේ. ඒ අනුව මිහින්තලා මහා සෑ රදුන්ගේ හුණු පිරියම් කිරීම සහ සෙසු විහාරාරාංගයන් හි තීන්ත ආලේප කිරීමේ පින්බර සමාරම්භය පසුගියදා 29 වැනිදා සිදු කෙරිණි. ඒ මිහින්තලේ රාජමහා විහාරාධිපති හා භාරකාර ,ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදිය.
ඓතිහාසික මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය ආරම්භ වන්නේ ලේක්හවුස් ආදි කර්තෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ උදාර සංකල්පයක් මල්ඵල ගන්වමින් එක් දහස් නමසිය හැටේ දශකයේ මුල්භාගයේ දී ය. මිහින්තලේ රජමහා විහාරාධිපති ව වැඩ විසූ වළවාහැංගුණවැවේ ශ්‍රී රතනපාල රතනජෝති නාහිමිපාණන් වහන්සේගේ ආනුශාසකත්වයෙන් ඇරැඹුණු මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව වසරෙන් වසර නවාංගයන් ද ඒකරාශි කරමින් උත්කර්ෂවත් ලෙස පවත්වාගෙන එනු ලබයි. මෙවර ද පොසොන් පොහෝ දිනය වෙනුවෙන් මිහින්තලා පුද බිම ආලෝකවත් කරමින් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය සිදු කිරීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. මේ අනුව එම පින්කමේ පූර්ව කටයුතු සොයා බැලීම සඳහා පසුගියදා ලේක්හවුස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි චන්දන බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එහි ගියහ. එහිදී මිහින්තලා පුදබිමේ ආරාධනා ගල වෙත පිවිසීම සඳහා වන අත්වැට පිළිසකර කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ සාකච්ඡාවට ලක්කර ඇත. ඒ මහා පුණ්‍ය කර්මයට දායක වීමට සැදැහැති පාඨක ඔබට ද අවස්ථාව හිමි වී ඇත.
ධර්ම දේශනාව:
පුද්ගල සිත පුදුමාකාර ය. පාපයට නැඹුරු වීම ලෙහෙසියෙන් සිදුවේ. ද්වේෂය සිතේ පහළ වන දැඩි අකුසලයකි. පුද්ගලයා තුළ ද්වේෂය ඇතිවිය හැකි අවස්ථා කීපයක් සම්බුදුපියාණෝ පෙන්වා දී ඇත. . “ආඝාත පටි විනය සූත්‍රයේ දී” මෙම අකුසල සිතුවිලි දුරු කර ගන්නා අන්දම බුදුපියාණෝ විස්තර කරති. කිසියම් පුද්ගලයකු හෝ සිද්ධියක් පිළිබඳ ද්වේෂයක් ඇති වූ විට පිළිපැදිය යුතු කරුණු කිහිපයකි. ඒ තැනැත්තාට මෛත්‍රී කිරීම, අනුකම්පා කිරීම, උපේක්ෂා කිරීම, ඒ පිළිබඳ නැවත නොසිතීම හා එක් එක් පුද්ගලයන්ගේ චරිත ස්වභාවයන් තේරුම් ගැනීම ය. සමාජය තුළ පස් ආකාර චරිතයෝ වෙති. ඒ මෙසේ ය. වැරදි දේ කරන එහෙත් පි‍්‍රය වචන කතා කරන පුද්ගලයෝ ය. අපි‍්‍රය වචන කතා කරන එහෙත් යහපත් දේ කරන පුද්ගලයෝ ය. අපි‍්‍රය වචන කතා කරන, වැරදි වැඩ කරන, එහෙත් වරින් වර යහ ආකල්ප වලට පරිවර්තනය වන පුද්ගලයෝ ය. වචනය, ආකල්ප, ක්‍රියාව යන සියල්ලම අයහපත් පුද්ගලයෝ හා ක්‍රියාවෙන් ද, වචනයෙන් ද, ආකල්පයෙන් ද පිවිතුරු අය යනුවෙනි. අපට ලෝකය නිවැරැදි කළ නොහැකි ය. එහෙත් තමන්ට තමන් නිවැරැදි විය හැකි ය. වැරැදි කරන එහෙත් පි‍්‍රය වචන කතා කරන පුද්ගලයෙක් හමු වූවා යැයි සිතන්න. ඔහුගේ යහපත් වචන ගැන සිතමින් තරහ නො ගත යුතු ය. හරියට අපිරිසුදු, දිරාගිය රෙදි කැබැල්ලක අපිරිසුදු කොටස් ඉවත් කොට පිරිසුදු නො ඉරුණු කොටස පමණක් ගන්නා සේ තරහව දුරු කොට ඔහුගේ හොඳ පමණක් සිහිපත් කළ යුතු ය. මෛත්‍රී කළ යුතු ය.
සම්බුද්ධ ජීවිතය පුරාවට ම දැකිය හැක්කේ පරාර්ථකාමී දිවි පැවැත්මකි. උන්වහන්සේ සියලු රජ සැප අත් හැරියේ ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ දයාවෙනි. නායකත්වයන් අපේක්ෂා කරන්නන් විසින් තම ප්‍රධාන අරමුණ කොටගත යුත්තේ පරාර්ථ චර්යාවයි.. බුද්ධ චරිතය පරමාදර්ශී නායකත්ව ලක්ෂණ රැසකින් සමන්විත ය. නායකයකු ලෙස සාර්ථක වීමට නම් ආධ්‍යාත්මික ශක්තියක් අත්‍යවශ්‍ය ය. ආධ්‍යාත්මය පිරිසුදු නොවන තැන නායකත්වය තාවකාලික වනු ඇත. බුදුරදුන් තුළ පැවති නායකත්ව ලක්ෂණ සමුදාය අතර කරුණු කීපයක් ගෙන බැලුව ද නායකත්වය පිළිබඳ අවබෝධය සකසා ගැනීම පහසු ය. නිවැරදි දැක්ම, ආකර්ෂණීය කතාව, දුටුවන් පිනවන රූපය, නිවැරැදි තීරණ ගැනීම, පරාර්ථකාමීත්වය, චරිතවත් බව, ආදර්ශවත් බව, අටලෝදහමෙන් කම්පා නොවීම, මහාකරුණාව, ඍජු මෘදු බව, අගතිගාමී නොවීම, නිරහංකාර බව, සමානාත්මතාව, යථාවාදී කතාකාරී බව මෙම කාරණා බොහෝ කෙනෙකුට වහා අවබෝධ වනු සුළු ලක්ෂණයන් ය. එසේ ම එදිනෙදා තමන්ගේ ජිවිතවලට වඩා පහසුවෙන් එකතු කරගත හැකි කාරණා ය. බුදුරදුන් ගේ දැක්ම වූයේ තමන් සසර දුකින් මිදී අනෙකා එයින් මුදවාගැනීම ය. බුද්ධත්වයට පෙර සිට ම එම දැක්මෙහි වෙනසක් නොවීය. තමන් කුමන ක්ෂේත්‍රයක කටයුතු කළ ද එයට අදාළ දැක්මක් අත්‍යවශ්‍ය වේ. එසේ නොමැතිව නායකයකු විය නොහැක. නායකත්වය යනු වගකීමකි.
තිනියාවල ඤාණීන්ද හිමි කළුතර දකුණ ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ධුරයට
පිරිවෙන
පොත් විත්ති
සිරි සදහම් පැන විසඳුම්
පිහිට පතයි
ඉතිරිය»
තුන්පිටකයට පිවිසුමක්: ත්‍රිපිටක බෙදීම
පිළිවෙත් පිරීම බුද්ධ පූජාවකි
කෙනකු දීර්ඝායුෂ ලබද්දී තවත් කෙනකු අල්පායුෂ්ක වන්නේ ඇයි?
දැහැමි පිළිවෙතින් තෙරුවන් පුදමු
කර්මය
අංගුත්තරනිකායෙන් 12: ඒකක නිපාතය
Setting - up of mindfulness
දන්නා දෙය කෙටියෙන් කියන්න අසන දෙය හොඳීන් වටහා ගන්න
උපසාළ්හක බමුණාගේ කතාව
උසස් ශාසනික සේවයක් සිදු කිරීම එකම ප්‍රාර්ථනාවයි
සාහිත්‍ය චක්‍රවර්තී අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නා හිමිපාණන් වහන්සේ: පින්සාර දිවියක සිංහාවලෝකනය
කවරයේ කතාව
සුන්දර හංගමුව ඔයට මායිම් වූ භූගත රහස් රැසක් සඟවා ගත් වසර 2100ක් පැරැණි රත්නපුර පොත්ගුල් රාජ මහා විහාරය
මාදම්පේ-මාදම්පා නව නගරාසන්නයේ ශ්‍රී ධර්මාරාම විහාරය
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]