ශ්‍රී බුද්ධ වර්ෂ 2564 ක් වූ බක් අව අටවක පෝදා, 2021 මැයි 03 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
පින්බර පොසොන් පුර පොහෝ දාක සිදුවූ අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ලංකාගමනයත් සමඟ ලංකාද්වීපයේ සමාජයීය, සංස්කෘතික හා ආධ්‍යාත්මික වශයෙන් ප්‍රබුද්ධ ප්‍රගමනයක ආරම්භය ද සිදුවුණි. එහි කේන්ද්‍රස්ථානය වූයේ පින්බර මිහින්තලා පුදබිමයි. දහස් ගණනින් රහතන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධ වූ හෙළයන්ගේ අභිමානනීය නවෝදයෙහි කැඩපතක් වූ ඒ පින්වත් පුදබිමෙහි සිට අසිරිමත් මහින්දාගමනය සිහිපත් කරමින් අනුබුදු මිහිඳු මාහිමියන්ට පූජෝපාහර දක්වනු පිණිස වෙසෙසින් පොසොන් පුර පොහෝදාට මහා පින්කම් සංවිධානය කිරීමට අතීත රජ දරුවෝ අමතක නොකළහ.
අද ද ඒ අසිරිමත් මඟ යමින් පොසොන් පුර පොහෝදාට මිහින්තලා පුදබිමෙහි අපමණ පින්කම් සංවිධානය වේ. ඒවාට සහභාගි වී සැදැහැවත් බොදුණුවෝ ජීවන ගමනට පින් රැස් කර ගනිති.
මෙවරද රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලා පුදබිමේ පිළිසකර කටයුතු ආරම්භ කිරීමට මේ වනවිටත් කටයුතු සූදානම්ව තිබේ. ඒ අනුව මිහින්තලා මහා සෑ රදුන්ගේ හුණු පිරියම් කිරීම සහ සෙසු විහාරාරාංගයන් හි තීන්ත ආලේප කිරීමේ පින්බර සමාරම්භය පසුගියදා 29 වැනිදා සිදු කෙරිණි. ඒ මිහින්තලේ රාජමහා විහාරාධිපති හා භාරකාර ,ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදිය.
හුණු පිරියම් කිරීම සඳහා ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් අනුග්‍රහය දැක්වීම සිදු කෙරෙන අතර ලේක්හවුස් සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගිත්වයෙන්, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම පින්කම් සිදු කිරීමට නියමිත ය.
මැයි 03 සදුදා අපර භාග 13.39 අව අටවක ලබා 04 අඟහරුවාදා අපර භාග 13.10 ගෙවේ. සඳුදා සිල්.
අව අටවක
මැයි 03
අමාවක
මැයි 10
පුර අටවක
මැයි 19
පසළොස්වක
මැයි 26
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]