[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඒකක නිපාතය

අංගුත්තරනිකායෙන් 12:

ඒකක නිපාතය

සූත්‍ර අංක 47

මුදුචිත්ත සූත්‍රය මොළොක් සිත

මහණෙනි, මොළොක් ගතියෙන් යුත් වනයේ ගස් අතර වැඩට සුදුසු ගස කොළොම් ගස (ඵන්දන) අග්‍ර වන්නේ යම් සේ ද, එපරිද්දෙන් ම වඩනා ලද, බහුල වශයෙන් නැවැත නැවැත වඩනා ලද සිත වැනි මෘදු වූ ද, කටයුත්තකට සුදුසු කම් ඇති අන් එක දහමකුදු මම නුවණැසින් නොදකිමි. මහණෙනි, වඩනා ලද නැවත නැවත වඩනා ලද සිත මෘදු වේ. කටයුත්තකට සුදුසු ද වේ.

අනුක්‍රමික සූත්‍ර අංක - 48

ලහුපරිචිත්ත සූත්‍රය (සීඝ්‍රව වෙනස්වන සිත)

මහණෙනි, වහා ඉපිද වහා වෙනස් වන්නා වූ දහමක් වේ නම් සිත බඳු අන් එක දහමක් මම නොදක්මි. මහණෙනි, සිත කොතරම් වහා ඉපිද වහා නස්නා ස්වභාවයද යත් ඊට උපමාවකුදු (පෙන්වීම) අතිශය දුෂ්කර වේ.

අනුක්‍රමික සූත්‍ර අංක 49

උපක්කිලිට්ඨ චිත්ත සූත්‍රය

මහණෙනි, මේ සිත (ප්‍රකෘතියෙන්) ප්‍රභාස්වර ය. එය ආගන්තුකව පැමිණෙන්නා වූ උපක්ලේස ධර්මයන්ගෙන් කිලිටි වෙයි.

මෙලොවට ආ තෙමස්, සිවු මස් පමණ දරුවා හා අවුරුදු දසය දොළොස් වියට එම දරුවා පත්වූ කල හැසිරීම තුළ ඇති වෙනස්කම් අපි දකිමු.

අනුක්‍රමික සූත්‍ර අංක - 50

විප්පමුත්ත චිත්ත සූත්‍රය

මහණෙනි, මේ සිත ප්‍රභාස්වර ය. එය වනාහි ආගන්තුක උප ක්ලේසයන්ගෙන් මිදුණේ වෙයි.

අටුවාව - මෙහි “විප්පමුත්ත” යනු මිදුනු මිදෙන ලද අදහසයි. පාලි පෙළෙහි එන “තඤ්ච ඛො” පදයේ අදහස “භවාංග සිත” යනුවෙන් දක්වා ඇත. තවද මෙහිලා මේ භවාංග සිත, ත්‍රිහේතුක ප්‍රතිසන්ධි සිතක් ලෙස ද පැහැදිලි කෙරේ. මෙවන් සිත පිරිසුදු බවත්, අනතුරුව ම බාහිර (ආගන්තුක) ලෝකය ජවන් සිත් මඟින් ඇසුරු කිරීම් තුළින් කිලිටි බවට පත්වන්නේ ය. මෙසේ ජවන ක්ෂණයෙහි කුසල් සිත් ඇසුරට ලැබේ නම්, කෙලෙසුන්ගෙන් මිදේ.

සටහනකි - මෙහි ප්‍රතිසන්ධි භවංග සිත යනු සෑම චිත්තක්ෂණය ම ඇතිවන චිත්ත සන්තතියේ මුල හා අග භවාංග සිත් ය.

   බක් අව අටවක 

 මැයි 03 සදුදා අපර භාග 13.39 අව අටවක ලබා 04 අඟහරුවාදා
අපර භාග 13.10 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]