[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භාග්‍යවතුන් වහන්සේ ආනන්ද බෝධි රෝපණයට අවසර ලබාදීම

  උඳුවප්
අව අටවක 

 ජනවාරි 06 බදාදා පූර්ව භාග 04.03 අව අටවක ලබා 07 බ්‍රහස්පතින්දා පූර්වභාග
02.06 න් ගෙවේ.
බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කළ දුමින්දාගමනය

පෙරදිග බෞද්ධ රාජ්‍යය වන ශ‍ී‍්‍ර ලංකාවට බෞද්ධ ලෝකයේ උතුම්ම වස්තූන් දෙක උරුම ව ඇත්තේ උතුම් කාන්තාවන් දෙදෙනෙක් නිසා ය. ඒ හේමමාලා කුමරිය සහ ධර්මාශෝක මහ රජුගේ දියණියක වන සංඝමිත්තා තෙරණියයි. සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩමවීමේ දී මුල් වී පෙනෙන ප‍‍්‍රධාන කරුණු 03 ක් දැක්විය හැකිය. ශ‍ී‍්‍ර මහා බෝධි ආගමනය, ශිල්පීය ඥානය ලැබීම හා මෙහෙණි සස්න පිහිටුවීම යි. දුමින්දාගමනය යනු ලංකාවේ වෙනස් මඟක ආරම්භයේ සන්ධිස්ථානයකි. අන් ගස් වලට වඩා උතුම් වෘක්ෂය හෙවත් අධිපති වෘක්ෂය යන තේරුමෙන් දුමින්දාගමනය යන වචනය ව්‍යවහාර වෙයි. ඉතිහාසය දක්වන ආකාරයට ධර්මාශෝක රජතුමාගේ අනුග‍‍්‍රහය පරිදි බුද්ධ ගයාවේ ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේ ගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවාගෙන නැව් නැඟ පැමිණෙන්නේ යාපනයේ දඹකොල පටුන නම් වරායටයි. එම යුගයේ ලංකාවේ රජතුමා වන දෙවනපෑතිස් රජතුමා දඹකොල පටුනට ගොස් කරවටක් මුහුදෙහි ගිලී මෙම පිරිස පිළිගත් බව සඳහන් වේ. එම මහානර්ඝ වස්තුව අනුරාධපුරයට වැඩමවාගෙන යන අතර, පහළ වූ අංකුරයන් අෂ්ට ඵල බෝධි හා දෙතිස් ඵල බෝධි යනුවෙන් ප‍‍්‍රසිද්ධ ය. එම බෝධීන් වහන්සේලා ලංකාවේ විවිධ ස්ථානවල රෝපණය කරන ලද අතර ඒවා වඩාත් පූජනීයත්වයෙන් අද ද ලංකාවේ වන්දනා මාන පවත්වනු ලබයි. දඹකොළ පටුන, තිවංක නම් බමුණුගම, කතරගම, සඳුන්ගම, ථූපාරාමය, ඉසුරුමුනිය, සෑගිරිය, පළමුවැනි සෑ මලුව යන ස්ථාන අෂ්ට ඵල බෝධීන් වහන්සේ ලෙස මේ වන විට හඳුනාගෙන තිබේ.

 

ධර්ම දේශනාව:

හදවතින් ලෝකය දකින්න බුද්ධියෙන් තීරණ ගන්න

න පුප්ඵ ගන්ධො පටිවාත මෙති - න චන්දනං තගර මල්ලිකාවා- සතංච ගන්ධෝ පටිවාත මෙති - සබ්බා දිසා සප්පුරිසො පවාති, සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි ආනන්ද හිමියන්ගේ පැන විසඳුමක් අරබයා මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක. සැවැත් නුවර දෙව්රම් වෙහෙර අනඳ මහ තෙරුන් වහන්සේ, “සඳුන් ආදී හර සුවඳ ද, හිරිවේරිය ආදී මල් සුවඳ ද, සමන් ආදී මල් සුවඳ ද, අගය කොට සලකති. එහි සුවඳ යටි සුළඟට හමන්නේ ය. උඩු සුළඟට හැමීමක් නැත. එහෙත් උඩු සුළඟටත්, යටි සුළඟටත් හමන සුළඟක් තිබිය යුතුම යැ"යි සිතා අප බුදුරදුන්ගෙන් විමසූහ. අප බුදුරජාණන් වහන්සේ, යටි සුළඟට හා උඩු සුළඟට පමණක් නොව දසදිසාවට ම හමන සුවඳක් ඇතැයි මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක. යම් කෙනෙක් තිසරණ සරණ ගොස්, පස්පව් නොකොට, දස පින් ක්‍රියාවත් පුරන්නේ ද, මහණ දම් පිළිවෙත් සපුරා, කරුණා මෛත්‍රීය වඩන්නේ ද ඔවුන්ගේ ගුණ මහණ බමුණෝ පවසති. දෙවියෝ ද පවසති. එසේ හෙයින් ඒ ගුණ සුවඳ දස දිසාවට ම හමන්නේ ය. අප බුදුරජාණන් වහන්සේගේ ගුණ නැණ සුවඳ අකනිටා බඹලොව දක්වා ද, අනන්ත අප්‍රමාණ සක්වල දක්වා ද හමන්නේ ය. පසේ බුදු, අගසව් ආදී මහෝත්තමයන්ගේ ගුණ සුවඳ ද සුදුසු පරිදි දස දිසාවේ ම හමන්නේ ය. ආදි කාලීන සත්වයා මහ පොළොවේ පස්වල රසය ආහාර වශයෙන් ගෙන ජීවත් වූ ආකාරය ත්‍රිපිටක ධර්මයේ සඳහන් වන්නේ ය. ක්‍රම ක්‍රමයෙන් එම රසය සපුරා ගස්වැල් මාර්ගයෙන් සත්වයාට ලබා දෙන්නේ ය. මිනිසාගේ පවතින ආශාවත්, ක්‍රෝධයත් උත්සන්න වන විට මතුමත්තට ගස්වැල් වලින් ලබාදෙන ස්වභාවික ගුණය හා රසය හීනවන්නේ ය.

 

දියුණුවීම ඉතා පහසු ය

මෙලොව සැම කෙනෙක්ම දියුණු වන්නට බෙහෙවින් කැමැති වන්නේ ය. සැපය, ප්‍රීතිය, සතුට ලැබීමට අකමැති කිසිවෙක් මෙලොව නැත. මිනිසාට දියුණු වන්නට හැකි සෑම මාර්ගයක් ම පළමු කොට දේශනා කළේ අප ගෞතම බුදු රජාණන් වහන්සේ ය. උන් වහන්සේ මෙලොව හා පරලොව දියුණුව මැනවින් පහදා දුන් සේක. ගුණ නුවණ දියුණු කර ගත් අයට හොඳින් දියුණු වී සැප විඳීමට ඉතා පහසු ක්‍රම බුදු දහමෙහි සවිස්තර ව පෙන්වා දී තිබේ. බුදු දහම ප්‍රගුණ කළ අය ඒ බව මැනවින් දනිති. සිඟාලෝවාද, පරාභව, වසල, ධම්මික, ව්‍යග්ග පජ්ජ ආදී සූත්‍ර වලින් මිනිසාගේ දියුණුව හා පිරිහීම සිදුවන අන්දම ඉතා හොඳීන් විස්තර කර දී තිබේ. සදාතනික දර්ශනයක් ලෙස නුවණැත්තා විසින් පිළිගෙන තිබෙන බුදු දහම අනුව පිළිපදින කාහටත් යහපත මිස අයහපත සිදු නොවන්නේ ම ය. මෙලොව දියුණුවට හේතු වන කරුණු හයක් අත්‍ථද්වාර ජාතකයෙහි පෙන්වා දී තිබේ. මෙහි මාතෘකා ගාථාවෙහි ඇතුළත් වන්නේ එකී කරුණු හයයි. අප බුදුරජාණන් වහන්සේ පෙර කලෙක බරණැස් නුවර ධනවත් සිටුවරයෙක් ව උපන්නේ ය. එතුමාට එක් ඥානවන්ත පුතකු වූ අතර, දිනක් ඔහු පියා අමතා දියුණු වීමේ කරුණු මොනවා දැයි ඇසුවේ ය. එහි දී අප මහ බෝසතාණන් වහන්සේ කරුණු හයක් දියුණුවේ දොරටු ලෙස පෙන්වා දුන්නේ ය. නිරෝගිකම - සීලවන්තකම - වැඩිහිටියන්ට ගරු බුහුමන් කිරීම - බොහෝ ඇසූපිරූ තැන් ඇති බව - සුචරිතයෙහි යෙදීම - අලස නැති කම - යනු ඒ කරුණු හයයි. මෙහි නිරෝගිකම නම් ලෙඩ රෝග අඩු බවයි. ලෙඩ දුක් නැති අයෙක් මිහිපිට දක්නට නැත. එහෙත් ලෙඩ අඩු වූ තරමට ජීවිතය වාසනාවන්ත වන්නේ ය. “ආරෝග්‍ය මිච්ඡේ පරමං ච ලාභං” මිනිසාට ඇති උතුම්ම ලාභය නිරෝගී කමයි. මුදල් විය පැහැදම් නොකොට ඉතා පහසුවෙන් නිරෝගී බව ලබා ගත හැක. වර්තමානයේ දක්නට ඇති නා නා විධ ලෙඩ දුක් මිනිසා විසින් ම මිල දී ගත් ඒවා කිවහොත් එහි සත්‍යතාවක් නැත්තේ නොවේ. නිතරම ලෙඩ රෝග වැළදෙන පුද්ගලයාට තම දියුණුවට කිසිවක් කර ගැනීම අපහසු ය. සෑම කටයුත්තක් ම ඉතා පහසුවෙන් හා ප්‍රීතියෙන් සිදු කර ගැනීමට හැකි වන්නේ නිරෝගී බවෙන් පසුවූයේ නම් පමණි.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]