ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කළ දුමින්දාගමනය
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ
පරවාහැර චන්දරතන හිමි
පෙරදිග බෞද්ධ රාජ්‍යය වන ශී‍්‍ර ලංකාවට බෞද්ධ ලෝකයේ උතුම්ම වස්තූන් දෙක උරුම ව
ඇත්තේ උතුම් කාන්තාවන් දෙදෙනෙක් නිසා ය
ඒ හේමමාලා කුමරිය සහ ධර්මාශෝක මහ රජුගේ දියණියක වන සංඝමිත්තා තෙරණියයි. සංඝමිත්තා
තෙරණිය ලංකාවට වැඩමවීමේ දී මුල් වී පෙනෙන ප‍්‍රධාන කරුණු 03 ක් දැක්විය හැකිය.
ශී‍්‍ර මහා බෝධි ආගමනය, ශිල්පීය ඥානය ලැබීම හා මෙහෙණි සස්න පිහිටුවීම යි.
දුමින්දාගමනය යනු ලංකාවේ වෙනස් මඟක ආරම්භයේ සන්ධිස්ථානයකි. අන් ගස් වලට වඩා උතුම්
වෘක්ෂය හෙවත් අධිපති වෘක්ෂය යන තේරුමෙන් දුමින්දාගමනය යන වචනය ව්‍යවහාර වෙයි.
ඉතිහාසය දක්වන ආකාරයට ධර්මාශෝක රජතුමාගේ අනුග‍්‍රහය පරිදි බුද්ධ ගයාවේ ජය ශ්‍රී
මහා බෝධි රාජයාණන් වහන්සේ ගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවාගෙන නැව් නැඟ පැමිණෙන්නේ
යාපනයේ දඹකොල පටුන නම් වරායටයි.
එම යුගයේ ලංකාවේ රජතුමා වන දෙවනපෑතිස් රජතුමා දඹකොල පටුනට ගොස් කරවටක් මුහුදෙහි
ගිලී මෙම පිරිස පිළිගත් බව සඳහන් වේ. එම මහානර්ඝ වස්තුව අනුරාධපුරයට වැඩමවාගෙන යන
අතර, පහළ වූ අංකුරයන් අෂ්ට ඵල බෝධි හා දෙතිස් ඵල බෝධි යනුවෙන් ප‍්‍රසිද්ධ ය. එම
බෝධීන් වහන්සේලා ලංකාවේ විවිධ ස්ථානවල රෝපණය කරන ලද අතර ඒවා වඩාත් පූජනීයත්වයෙන් අද
ද ලංකාවේ වන්දනා මාන පවත්වනු ලබයි. දඹකොළ පටුන, තිවංක නම් බමුණුගම, කතරගම, සඳුන්ගම,
ථූපාරාමය, ඉසුරුමුනිය, සෑගිරිය, පළමුවැනි සෑ මලුව යන ස්ථාන අෂ්ට ඵල බෝධීන් වහන්සේ
ලෙස මේ වන විට හඳුනාගෙන තිබේ.
පළමු අංකුර අටෙන් පසුව පහළ වු අංකුර 32 ක් දෙතිස් ඵල බෝධී වශයෙන් හැඳීන්වෙන අතර,
ඒවා ද වන්දනාමානවලට පාත‍්‍ර වෙමින් වැඩසිටියි. මෙසේ මහත් පෙළහරින් ගරු බුහුමන්
සහිතව වැඩම වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයෙහි වර්තමානයේ වැඩ සිටින
ස්ථානයේ රෝපණය කරනු ලැබිණි.
ඉන් පසුව සියවස් ගණනාවක් පුරා විවිධ රජවරුන්ගේ අනුග‍්‍රහය ලබමින් අද ද බෝ සමිඳුන්
වැඩ සිටියි. ලාංකේය බෞද්ධ ජනතාවට පමණක් නොව අබෞද්ධ අයට පවා ශී‍්‍ර මහා බෝ සමිඳු
මහා සැනසීමකි.
ජීවිතයේ විවිධ කම්කටොලු, හැලහැප්පීම් ජනතාව කියා පිහිට පතන්නේ බෝ සමිඳුගෙනි. එසේම
විවිධ ප‍්‍රාර්ථනාවන්, අභිමතාර්ථයන් බෝ සමිඳුන් අබියස කරන විට ඒවා ඉටුවන්නට
කිසියම් අදෘශ්‍යමාන ශක්තියක් ඇතැයි ලක්දිව බොදු ජනතාව විශ්වාස කරති. ඒසේම සිය
වේදනාවන් බෝ සමිඳු අබියස දිය කර හරින්නට ලැබෙන අවස්ථාව අන් කිසිම තැනකින් ලැබෙන
පිහිටක් නොවන බව නම් කිව යුතු ය.
එසේම බෝධීන් වහන්සේ අරමුණු කරගෙන බිහි වූ සාහිත්‍යය ඉතා පුළුල් ය. බෝධි හා මහාවංසය
ඉතා විචිත‍්‍රවත් ලෙස දක්වන බෝධි ආගමනය එක් අතකින් සාහිත්‍ය බිහි වීමෙහි වැදගත්
ප‍්‍රස්තුතයක් වී තිබේ. එය ලාංකේය සාහිත්‍යධරයාගේ හැකියාව පෙන්වීමේ වේදිකාවක්
මෙන්ම ආගමික සිතිවිලි පෝෂණය වීමේ මූල බීජයක් ද වී තිබේ.
විවිධ කාව්‍ය හා ගීත රචනාවන් ඇතුළු සාහිත්‍යාංග ගණනාවක් මේ නිසා ඇති වූ අතර, ජනතාව
රාතී‍්‍ර කාලවල බෝ මලූව සමීපයට පැමිණ ගිනි දල්වමින්, රැය පහන් කරමින් බෝ සමිඳුන්
රැක ගන්නට ගත් උත්සාහයන් හි ප‍්‍රථිඵලයක් ලෙස නිහඬ රාතී‍්‍රන් සාහිත්‍ය රස ජනනයට
රුකුල් වන්නට ඇත.
වර්තමානය වන විට බුදු දහම යම් තරමකින් සුරක්ෂිත වන්නට හේතුවූයේ ධර්මාශෝක රජතුමාගේ
කාර්ය භාරයයි. ලංකාවටත් තවත් රටවල් ගණනාවකටත් භික්ෂූන් වහන්සේ ලා හා ධර්ම
නියෝජිතයින් යවමින් බුදු දහම පතුරවන්නට එතුමෝ කටයුතු කළහ. ලංකාවට මිහිඳු හිමියන්
ඇතුළු ධර්ම දූත පිරිස පැමිණෙන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.
මහින්දාගමනයෙන් බුදු දහම හිමි වීමෙන් පසුව ලංකාවේ ඓතිහාසිකව සිදු වූ වැදගත් ම
සිදුවීම නම් දුමින්දාගමනය හෙවත් සංඝමිත්තා තෙරණියගේ වැඩමවීමයි. ලංකාව හා ඉන්දියාව
අතර සිදුවූ එක් අතකින් දේශපාලනික මෙන්ම, තව අතකින් ආගමික හා සංස්කෘතික පරිත්‍යාගයක්
ලෙස ඉහළින් ම සැලකිය හැකි ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ ගේ ආගමනය සිදු වන්නේ සඟමිත්
තෙරණියගේ වැඩමවීමත් සමඟ ය.
එම පැමිණීම හුදු නෑගම් පැමිණීමක් ලෙස දැකිය නොහැකි ය. එය ලාංකේය ඉතිහාසය මුළුමනින්
ම වෙනස් කිරීමට සමත් වූ ශීල්පීය දායාදයක් ලෙස සැලකිය හැකි ය. එසේ කීමට හේතුව වන්නේ
කුල හෙවත් ශීල්පීය පන්ති 18 ක් විවිධ හැකියාවන් සමඟ ලංකාවට පැමිණීමයි. යක්ෂ, රාක්ෂ,
දේව හා නාග යන සිවු හෙළ ගෝත‍්‍රයන්ගෙන් සජ්ජිත වූ ලාංකේය තාක්ෂණික ඥාන සම්භාරයට
ඉන්දීය ශිල්පයන් ද මුහු වීම වඩාත් ක‍්‍රමවත් තාක්ෂණික ක‍්‍රමවේදයන් බිහි වන්නට
හේතු වන්නට ඇත.
1 කඩුගන්නා තනතුර, 2. බමුණුනා තනතුර (මහ බෝධියට ශාන්ති කිරීම සඳහා), 3. උතුරුපස්නා
තනතුර (මහබෝ මඟුලෙහි රන් ධජ, රිදී ධජ ආදිය නැංවීම සඳහා), 4. මහවෙළදනා (සුවඳ දුම්
දීම, සුවඳ දුම් ඇල්ලීමට), 5. මහ බෝ රැකිනා (දුනු හී ගෙන බෝධියට බැසිය හැකි කපුටන්
ආදි සතුන් එළවීම), 6. සරස්නා (කුඩ ඉහිලීමේ තනතුර), 7. කිලිගුණ (අලුත් මල් සැපයීමේ
තනතුර), 8. කපුනා (ලද පස්මල් සැපයීම), 9. දොරනා (මහබෝගෙයි දොරටුවෙහි ආරක්ෂා
කටයුතු), 10. පෙහෙර කරුණා (පෙරහන්කඩ හා නූල් සැපයීම), 11. කුඹල් කරුණා (පාත‍්‍ර
භාජනාදිය සැපයීම), 12. මල් කරුණා (මල් දම්, මල් වඩම් සැපයීම), 13. ගඳ කරුණා (සුවඳ
ද්‍රව්‍ය සැපයීම), 14. මහසීනා (ධජ පතාක සැපයීම), 15. මුළුරැකිනා (පූජාව සඳහා බත්
සැපයීම), 16. කඹුරුනා (කතුරු, කියත්පත් කරවීම), 17. ලෝකුරුනා (රන් රිදී කැටපත්
සැපයීම), 18. අටතෙලීනා (රන් වැට, රිදී වැට හා රන් වළන් සැපයීම), 19. ඇදුරුනා (වියන්
මඩුළු, රුවන් මඩුළු කරවන්නා), 20. මුදුන්තවරුනා (වියන් කරවා දීම), 21. පළවානා
(හේවිසි පූජා පැවැත්වීම), 22. සත්කරුණා (සේසත් කරවාදීම), 23. උයන් ගොවුණා (මල් රුක්
රෝපණ කරවීම), 24. පෙරහර බීසෝ (පැන් වැඩීම) ආදී වශයෙනි.
බෝධීන් වහන්සේ රැක ගැනීමට ඉතා හොඳීන් පලපුරුදු මේ අය එකල ලංකාවට එවීම එක් අතකින්
ආගමික වශයෙනුත්, අනෙක් අතින් සාමාජීය වශයෙනුත්, ඉතා වැදගත් කි‍්‍රයාවක් සේ පෙන්වා
දිය හැකි ය. මහා වංසයෙහි දැක්වෙන ආකාරයට බෝධි ගුප්ත කුමාරයා ප‍්‍රධාන වංශවත්
කුලවලින් ද මෙරටට පැමිණ තිබෙන්නේ බෝධි ආගමනයත් සමඟිනි.
සඝමිත් තෙරණිය ගේ වැඩමවීමෙන් සිදු වූ වැදගත් ම කටයුත්තක් නම් මෙහෙණි සස්න
පිහිටුවීමයි. මේ වන විට භික්ෂු සාසනය ආරම්භ කර තිබුණ නමුත් භික්ෂූණී සාසනය ආරම්භ කර
නොතිබුණි. එහෙත් පැවිදි වීමට කැමැත්ත පළ කළ කාන්තාවෝ එකල ලක්දිව සිටියහ. අනුලා බිසව
ඇතුළු දහසක් කාන්තාවෝ ඒ අනුව පැවිදි බිමට පත්ව රහත් වූ බව දීපවංසය ආදී වංසකතාවල
සඳහන් වේ.
කාන්තා විමුක්තියේ ලක්දිව කතා පුවත ආරම්භ වන්නේ ඒ අයුරිනි.
ඉතිහාසය දක්වන පරිදි ලාංකේය කාන්තාව දැඩි පීඩනයක ඒ වන විට නොසිටියත් භික්ෂුනී බව
වැනි උත්තරීතර බුහුමනකට උරුමකම් කියන්නේ සඝමිත් තෙරණිය නිසා ය. ඉන් පසුව සංසාර
විමුක්තිය කැමති බොහෝ කාන්තාවෝ පැවිදි බිමට පත් වූහ. වංසකතා සාහිත්‍යයෙහි සඳහන් වන
ආකාරයට යම් යම් විශේෂ පුණ්‍ය අවස්ථාවන් වලදී භික්ෂුණීන් වහන්සේලා ලක්ෂ ගණන් සහභාගී
වී ඇත.
මිහිඳු මාහිමියන් සේ ම විශාල මෙහෙවරක් සිදු කළ සඟමිත් තෙරණිය පිරිනිවන් පාන්නේ
උත්තිය රජ දවස ය. බුද්ධ වර්ෂ 286 දී පමණ උත්තිය රජුගේ නව වන රාජ්‍ය වර්ෂයෙහි
හත්ථාල්හක නම් මෙහෙණවරෙහි දී පිරිනිවන් පා වදාළහ. එතුමිය ගේ ශී‍්‍ර දේහය ආදාහනය
කරන ලද්දේ ථුපාරාමය අසල චිත‍්‍රශාලා නම් ස්ථානයේ දී ය. ආදාහනයෙන් පසුව ශේෂ වූ ධාතු
කොටස් තැන්පත් කොට සඟමිත් සෑය නමින් සෑයක් ද නිමවූ බව සඳහන් වේ. |