[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කළ දුමින්දාගමනය

පෙරදිග බෞද්ධ රාජ්‍යය වන ශ‍ී‍්‍ර ලංකාවට බෞද්ධ ලෝකයේ උතුම්ම වස්තූන් දෙක උරුම ව ඇත්තේ උතුම් කාන්තාවන් දෙදෙනෙක් නිසා ය. ඒ හේමමාලා කුමරිය සහ ධර්මාශෝක මහ රජුගේ දියණියක වන සංඝමිත්තා තෙරණියයි. සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩමවීමේ දී මුල් වී පෙනෙන ප‍‍්‍රධාන කරුණු 03 ක් දැක්විය හැකිය. ශ‍ී‍්‍ර මහා බෝධි ආගමනය, ශිල්පීය ඥානය ලැබීම හා මෙහෙණි සස්න පිහිටුවීම යි. දුමින්දාගමනය යනු ලංකාවේ වෙනස් මඟක ආරම්භයේ සන්ධිස්ථානයකි. අන් ගස් වලට වඩා උතුම් වෘක්ෂය හෙවත් අධිපති වෘක්ෂය යන තේරුමෙන් දුමින්දාගමනය යන වචනය ව්‍යවහාර වෙයි. ඉතිහාසය දක්වන ආකාරයට ධර්මාශෝක රජතුමාගේ අනුග‍‍්‍රහය පරිදි බුද්ධ ගයාවේ ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේ ගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවාගෙන නැව් නැඟ පැමිණෙන්නේ යාපනයේ දඹකොල පටුන නම් වරායටයි. එම යුගයේ ලංකාවේ රජතුමා වන දෙවනපෑතිස් රජතුමා දඹකොල පටුනට ගොස් කරවටක් මුහුදෙහි ගිලී මෙම පිරිස පිළිගත් බව සඳහන් වේ. එම මහානර්ඝ වස්තුව අනුරාධපුරයට වැඩමවාගෙන යන අතර, පහළ වූ අංකුරයන් අෂ්ට ඵල බෝධි හා දෙතිස් ඵල බෝධි යනුවෙන් ප‍‍්‍රසිද්ධ ය. එම බෝධීන් වහන්සේලා ලංකාවේ විවිධ ස්ථානවල රෝපණය කරන ලද අතර ඒවා වඩාත් පූජනීයත්වයෙන් අද ද ලංකාවේ වන්දනා මාන පවත්වනු ලබයි. දඹකොළ පටුන, තිවංක නම් බමුණුගම, කතරගම, සඳුන්ගම, ථූපාරාමය, ඉසුරුමුනිය, සෑගිරිය, පළමුවැනි සෑ මලුව යන ස්ථාන අෂ්ට ඵල බෝධීන් වහන්සේ ලෙස මේ වන විට හඳුනාගෙන තිබේ.


  උඳුවප්
අව අටවක 

 ජනවාරි 06 බදාදා පූර්ව භාග 04.03 අව අටවක ලබා 07 බ්‍රහස්පතින්දා පූර්වභාග
02.06 න් ගෙවේ.
බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]