[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාගන්දිය බමුණා බුදුරජාණන් වහන්සේ හමුවීම
සිතුවම - හර්ෂ ගුණවර්ධන

  ඉල්
අමාවක 

දෙසැම්බර් 14 සඳුදා පූර්ව භාග 00.44 න් අමාවක ලබා එම දා අපර භාග 09.46 න් ගෙවේ.

සඳුදා සිල්..

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

දෙවනගල පුරා විදු බිම රැක ගැනීමට පියවර

රටේ ඉතිහාසය අනාගතයට දායාද කරන පුරාවිද්‍යා ස්මාරක හා පුරාවිද්‍යා භූමි රැක ගැනීම සියලු රට වැසියන්ගේ වගකීම ය. එහෙත් අන්තවාදී පිරිස්වලට නම් ඒ ඉතිහාසය වැදගත් වන්නෙ නැත. ඒ අවාසනාවන්ත තත්ත්වය පසුගිය කාලයේ කූරගල, මුහුදුමහා විහාරයට මෙන්ම දෙවනගල පුදබිම්වලටත් ඇති වුණි. මේ වන විට බලවත්ම තර්ජන එල්ලවී පවතින්නේ දෙවනගල පුරාවිද්‍යා භූමියටය. එහි පුරාවිද්‍යා බිම් වනසමින් ඉඩම් අල්ලා ගැනීමට කටයුතු කිරීම ගැන පසුගිය දිනවල මාධ්‍ය මඟින් ද නිරතුරුව ම කතාබහට ලක් වුණි.  මේ අවනඩුව ගැන සොයා බලන්නට ජාතික උරුම, ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පසුගියදා එහි නිරීක්ෂණයකට සහභාගි වුණි. දෙවනගල පුදබිම සම්බන්ධ ව මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව විහාරාධිපති හිමියන් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ ඇමැතිවරයා දෙවනගල පුරාවිද්‍යාත්මක ස්ථානය පිළිබඳව නිසි ලෙස සොයා නොබැලූ නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, ඉදිරියට දෙවනගල පුදබිමට කිසිදු ආකාරයක ගැටලුවක් නොවන ලෙසත් කටයුතු කරන ලෙස අදාළ සියලු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය. දෙවනගල ඉතිහාසය රාජ්‍ය කාලය දක්වාම දිව යයි. මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ පිහිටි මේ ඓතිහාසික පුදබිමට ළඟා විය හැක්කේ රුවන්දෙනියේ කටුගහවත්ත හන්දියෙන් ගමන් කිරීමෙන් පසුව ය. අක්කර 72ක් පුරා විහිදී යන කළුගල් පර්වතයකින් දෙවනගල රජ මහා විහාරය සමන්විත ය.

ධර්ම දේශනාව:

තණ්හාවේ කටුක ආදීනව පෙන්වා දෙන සෙරිණී පේත වත්ථුව

බුදු දහම යනු පුද්ගලයා සිදු කරන ක්‍රියාවන් අනුව සැප විපාක ලබා දෙන බව මැනවින් උගන්වන දර්ශනයකි. ඒ අනුව පාලි ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායාගත ග්‍රන්ථ 15 අතුරින් පේත වත්ථුවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ අන් කිසිවක් නිසා නොව මිනිසත් බව ලබා සිදුකරන ලද අකුසල කර්ම නිසා ප්‍රේත ආත්ම ලබා විඳින කටුක දුක් වේදනා එහි පෙන්වන හෙයිනි. ඒ අතුරින් චූල වග්ගයට අයත් “සෙරිණී” පේත වත්ථුව අපේ ජීවිත තුළට ලබා දෙන ආදර්ශය ඉතා වැදගත් වූවකි. එහි කියැවෙන්නේ දැඩි තණ්හාව නිසා ප්‍රේතියක් ව ඉපිද ඇය විසින්ම සිදු කරන පාපොච්චාරණයකි. දිනක් ස්වාමීන් වහන්සේ නමක් ඉතා දුර්වල ප්‍රේතියක් දුටුවහ. උන්වහන්සේ ඇයගෙන් මෙසේ විමසූහ. ඔබ නග්න ය, දුර්වර්ණ රූප ඇත්තී ය. ඉලිප්පුණු නහර ඇත්තී ය. උස්ව මතු වූ ඉල ඇත්තී ය. කෘශය. ඉතා දුකසේ මෙහි සිටින ඔබ කවුරුද? මෙයට පිළිතුරු දෙන ප්‍රේතිය මෙසේ පවසයි. ස්වාමීනි, මම යමලොව උපන් දුකට පත් වූ ප්‍රේතියක් වෙමි. මිනිස් ලොව බොහෝ පව්කම් කොට මරණින් මතු ප්‍රේත ලෝකයෙහි පහළ වූයෙමි. මේ අයුරින් ‘සෙරිණී’ නම් එම ප්‍රේතිය තමන්ගේ ස්වභාවය හා තමා විඳින දුක් ගැහැට ඉතා පැහැදිලිව පියවරින් පියවර පැවසුවා ය. ඇය මීට පෙර මිනිසත් බව ලබා සිදු කරන ලද අකුසලය ස්වාමීන් වහන්සේට පවසනු ලබන්නී ඉතා දුකට හා වේදනාවට පත් වෙමිනි. තිදොරින් අසංවර ව ක්‍රියා කිරීම නිසාත්, දැඩි තණ්හාව නිසාත් තමාට මෙකී විපතට මුහුණදීමට සිදු වූ බව ප්‍රේතිය පවසයි.

 

පන්හිඳෙන් දහම ප්‍රචලිත කළ මහා යතිවරයාණෝ

ලක්දිව ථෙරවාදී භික්ෂු පරපුරේ උදාර ගුණයන් මේ යැයි, මැනවින් ප්‍රකට කරමින් වැඩසිටි ධර්ම විනයධර ශික්ෂාකාමී අග්‍රගණ්‍ය මහා යතිවරයන් වහන්සේ නමක් ලෙස අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙරට ගිහි පැවිදි සකල සාධු ජනයා අතර බෙහෙවින් ගෞරවාදරයට ලක් වූ හ. ලේඛන කලාව තුළින් සම්බුදු සසුනෙහි චිරස්ථිතිය වෙනුවෙන් මෑත කාලීන ව අද්විතීය මෙහෙවරක් සිදු කළ උන්වහන්සේ උපන්නේ බණ්ඩාරගම ප්‍රදේශය ආසන්නයේ අදිකාරී පත්තුවේ රයිගම් කෝරළයේ “රේරුකාන” නමැති සුන්දර ගම් පියසේ ය. දොන් බස්තියන් ද පවුලිස් ගුණවර්ධන හා මුණසිංහගේ පොඩි නෝනා යන පුණ්‍යවන්ත සැදැහැවත් මව්පියන් ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය ලෙස වර්ෂ 1897 ජූලි මස 19 වැනි දින රේරුකානේ චන්දවිමල මහ නා හිමියෝ ජන්ම ලාභය ලැබූ හ. ප්‍රාථමික අධ්‍යාපනය ලැබූවේ සමීපතම ගම වූ වීදියගොඩ පාසලෙනි. එකල බුරුම ජාතික යු. විනයාලංකාර නමැති හිමි නමක් හොරණ ප්‍රදේශයට වැඩමකොට 'කළුපහන' නමැති කන්දේ ගල් ගුහාවක වැඩ සිටිය හ. උන් වහන්සේ ව්‍යක්ත ලෙස සිංහල භාෂාව නොදැන සිටියත් දන්නා ප්‍රමාණයෙන් එකී ගම් වැසියන්ට ධර්ම දේශනා කළ හ. පැවිදිකමේ අගය පෙන්වාදීම එම ධර්ම දේශනාවල විශේෂත්වයක් විය. බුරුමයේ සෑම පිරිමියකු ම තාවකාලික ව හෝ පැවිදිවීම පිළිබඳ වූ වටිනාකම මෙරට සැදැහැවතුන්ට පහදාදීම උන්වහන්සේ ගේ පරමාර්ථය වූ බව සිතිය හැකි ය. මේ නිසා ගම් වැසියෝ තම දරුවකු සසුන්ගත කිරීමට දැඩි කැමැත්තක් දැක් වූ හ.

 

කොපමණ සම්පත් තිබුණත් භුක්ති විඳීමට සිත නොදෙන්නේ ඇයි?

සසරේ කරන ලද කුසලයන් නිසාම මනුස්ස ආත්මයක් ලබන්නට අපි කවුරුත් පුණ්‍යවන්ත වෙමු. රැස් කළ පින වුව ද ක්‍රමයෙන් ගෙවී යනවා යැයි කිසිදු විටෙක අපි නොසිතමු.එසේ නම් කළ යුත්තේ කුමක්ද නොපමාව කුසල් රැස් කිරීම නොවේද?. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම තුළ වෙසෙන්නාට නිරන්තරයෙන් කුසල් රැස්වීම සිදුවන්නේ එහෙයින් ය. එමෙන්ම කුසල් වැඩීම නිතර කළ යුතු වන්නේ ය.අපි සියල්ලෝම දාන මාන පිළිගන්වමු. දානය තුළ ඇත්තේ අත් හැරීම ය.අධික තෘෂ්ණාව තමන් ළග ඇති දේ ද නැති කරවන සුලු ය. එහෙයින් නැති බැරි කා හටද සලකන්නට පුරුදු පුහුණු විය යුතු ය. ලෝභය, තෘෂ්ණාව, නිසා අත්වන ඉරණම කෙසේ දැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක. දිනක් භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණි කොසොල් රජතුමා ප්‍රශ්න කිහිපයක් විමසුවේ ය.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]