[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිවෙන

පිරිවෙනටත බුදුසරණ

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරෙන අතර සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ

****

පිරිවෙන් ක්ෂේත්‍රයට නව පුනර්ජීවයක්

අභිනව සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මණ්ඩලයක්

ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන රටාවෙහි මූලාරම්භය සනිටුහන් වනුයේ සාම්ප්‍රදායික පාරිවේණික අධ්‍යාපන ක්‍රමය තුළිනුයි. වර්තමානයේ පිරිවෙන මුල්කරගත් අධ්‍යාපන රටාව සාම්ප්‍රදායික මෙන් ම නූතන අධ්‍යාපන හා පරිපාලන ක්‍රමවේදයන් ඔස්සේ ද අනුක්‍රමයෙන් සංවර්ධනය වෙමින් පවතියි.

වර්තමානය වන විට එහි වැදගත් සන්ධිස්ථානයක් පිළිඹිබු කරමින් දැවැන්ත ප්‍රගතියකට පිරිවෙන පත්ව ඇත. මෙම වෙනස ඇතිවූයේ ජාතික පිරිවෙන් උපදේශක දොඩම්පහළ ශී‍්‍ර රාහුල හිමි සහ පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ වටිනාපහ සෝමානන්ද හිමියන්ගේ අපරිමිත කැපවීම මතයි.

මෙහි දී අධ්‍යාපන ලේකම්තුමන්ලා මෙන් ම දහම්පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය විජිත බේරගොඩ මැතිතුමා ලබාදුන් රාජ්‍ය අනුග්‍රහය ද කෘතවේදී ව සිහිපත් කළ යුතු ය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයේ පරිපාලන පරිශ්‍රමය තුළ සිදුකොට ඇති ආකර්ෂණීය වෙනස එයට හොඳම සාක්ෂියකි. පරිපාලනමය පහසුව සඳහා ඡායා දෙපාර්තමේන්තුවක් ලෙස සංවර්ධනය කරමින් පාලන, සංවර්ධන, සැලසුම් හා පුහුණු වශයෙන් කොටස් හතරකට බෙදා පරිපාලන ව්‍යුහය සකස්කොට ඇත.

මීට අමතරව පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය උදෙසා මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ(ව්ධ්ඡ්) පිරිවෙන් ශාඛාවක් ද ස්ථාපිත කොට තිබේ. ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ කටයුතු මෙන් ම ද්විභාෂා පිරිවෙන්, සීලමාතා අධ්‍යාපන ආයතන හා විදේශ සබඳතා සඳහා ද නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් පත්කර ඇත.

ඒ අනුව දිවයිනේ පළාත් නවය නියෝජනය කරමින් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් නව දෙනෙකු ඇතුලුව සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් 47 පත් කොට ඇත. දිවයිනේ සෑම අධ්‍යාපන කලාපයක් ම ආවරණය වන පරිදි පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් කාර්යාලයක් ස්ථාපනය කිරීමට ලැබීම ද පිරිවෙන් ක්ෂේත්‍රයේ එදා මෙදාතුර සිදු වූ විශිෂ්ට ජයග්‍රහණයකි.

එලෙස පත්වීම් ලැබූ අභිනව නියෝජ්‍ය හා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සියලු දෙනාගේ (82) තොරතුරු අද පටන් සතිපතා පිරිවෙන පිටුවෙන් ඉදිරිපත් කෙරේ.

  ඉල්
අමාවක 

දෙසැම්බර් 14 සඳුදා පූර්ව භාග 00.44 න් අමාවක ලබා එම දා අපර භාග 09.46 න් ගෙවේ.

සඳුදා සිල්..

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]