ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ නිකිණි අව අටවක පෝදා, රාජ්‍ය වර්ෂ 2020 අගෝස්තු 11 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
සුජාතා සිටු දියණියට දහම් දෙසීම සිතුවම - හර්ෂ ගුණවර්ධන
අගෝස්තු 11 අඟහරුවාදා පූර්වභාග 09.07න් අව අටවක පෝය ලබා 12 බදාදා පූර්වභාග 11.16 න් ගෙවේ. අඟහරුවාදා සිල්
මීළඟ පෝය අගෝස්තු 18 අඟහරුවාදා
අව අටවක
අගෝස්තු 11
අමාවක
අගෝස්තු 18
පුර අටවක
අගෝස්තු 25
පසළොස්වක
සැප්තැම්බර් 01
ප්‍රාචීන භාෂෝපකාර සමාගම හා විභාග දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව පවත්වන ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන විභාග 2020 ජූලි 20 වැනි දින ඇරඹීමට නියමිත ව තිබුණි. එහෙත් කොවිඩ් 19 වසංගත රෝගී තත්ත්වය යළි උත්සන්න වීම හේතුවෙන් එය දින නියමයක් නැතිව කල්දමා තිබුණි. එම විභාග අගෝ. 24 වැනි දා ආරම්භ කිරීමට තීරණය කොට තිබේ. ඒ අනුව අගෝ. 24 වැනි දින ප්‍රාචීන මධ්‍යම හා අවසාන විභගයන් ද අගෝ. 29 ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය ද ආරම්භවන බවත්, විභාග කාල සටහන පසුව ප්‍රසිද්ධියට පත් කරන බවත්, නව විභාග අයදුම්පත්‍රයක් නිකුත් කරන බවත් ශී‍්‍ර ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ලේකම්, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ප්‍රාචීන) බණ්ඩාරවෙල රතනසාර හිමියෝ පිරිවෙණට පැවසූහ.
"කායික, වාචසික හා මානසික ක්‍රියාවල දී තමා ගැන, අනුන් ගැන මෙන් ම තමා, අනුන් යන උභය පක්ෂය ගැනම සලකා බැලිය යුතු ය. යම් ක්‍රියාවක් තමාට හානිකර වන්නේ ද, අනුන්ට හානිකර වන්නේ ද, දෙපක්ෂයට ම හානිකර වන්නේ ද එය අකුසලයකි. යම් ක්‍රියාවක් තමන්ට අනුන් හා තමන් යන උභය පක්ෂයට ම හානිකර නො වන්නේ ද එය කුසලයකැයි සලකා ගත යුතු ය." හොඳ නරක යන මානව චර්යාවන් හැඳින්වීම පිණිස බුද්ධ දේශනාව විවිධ ව්‍යවහාරයන් භාවිත කරයි. කුසල, අකුසල යන යෙදුම් එහි දී ප්‍රමුඛ වේ. ඒ හැර පුඤ්ඤ - පාප, සාර - අසාර, සාධු - අසාධු, සාවජ්ජ - අනවජ්ජ, ධම්ම - අධම්ම, කරණීය - අකරණීය, සුකට - දුක්කට, තණ්හ - සුක්ක යනාදී යෙදුම් ද ඒ සඳහා යෙදී තිබේ. එලෙස හොඳ ක්‍රියාව මෙන් ම නරක ක්‍රියාව ද තීරණය කිරීමට මිනිසාට හැකියාව ඇති බව බුදු දහම පිළිගනියි. එහිදී එයට අදාළ වන කරුණු සලකා බැලිය යුතු ය. ඒ සඳහා මිනිසාට නිදහස තිබේ. සර්ව බලධාරී ඊශ්වරයෙකුට අනුව හෝ ආත්මවාදී ව හෝ හුදෙක් තර්කයට ම වහල් වී හෝ, සමාජගත සාම්ප්‍රදායික මතවාදවලට යටත් ව හෝ හොඳ, නරක නිශ්චය කළ යුතු නැත. නරක ක්‍රියාවක් හැර පියා හොඳ ක්‍රියාවක් ප්‍රගුණ කිරීමේ හැකියාව අතින් මිනිසා ලොව අන් සියලු සත්ත්වයන්ට වඩා ඉදිරියෙන් සිටින බව පිළිගන්නා බුදුදහම සිතා මතා කරන හොඳ ප්‍රතිඵල සහිත වූ චර්යාවන් ඇරඹීමට ද (ආරම්භ ධාතු) පවත්වාගෙන යාමට ද (නික්ඛම ධාතු) එහිදී බාධක මැඬළමින් ඉදිරියට යාමට ද (පරක්කම ධාතු) පුද්ගලයාට අනුශාසනා කරයි. එබැවින් ඒ සඳහා අරඹව් (ආරභථ) නික්මෙව් (නික්ඛමථ) යෙදෙව් (යුඤ්ජථ) යැයි මිනිසා ධෛර්යමත් කරයි.
සියවස් ගණනාවක් පුරාම ලක්වැසියන්ට ගත කිරීමට සිදු වූයේ පෘතුගීසි, ඕලන්ද, ඉංග්‍රීසි ජාතිකයන්ට යටත් ව ඔවුනගේ සැහැසිකම්වලින් බොහෝ සෙයින් ම පීඩිත දුර්භාග්‍ය සම්පන්න වටපිටාවක් තුළ ය. නිදහසේ අරුණලු උදාවන සේයාවක් පෙනෙනතෙක් මානයකවත් නොතිබුණි. වසර දෙදහසක් ස්වාධිපත්‍යයෙන් පැවති රටක් ඉක්බිතිව පරාධීන හස්තයකට යටත්ව ජීවත්වීමට ලැබීම ලක්වැසියෝ කිසිසේත් ම නො ඉවසූහ. ඔවුහු මෙකී මහා ව්‍යසනයෙන් රට, ජාතිය, ආගම බේරා ගැනීමේ මහ සටන් ඇරඹූ හ. එහෙත් ඒවා අඛණ්ඩ ව පවත්වාගෙන යා නොහැකි විය. මෙම තත්ත්වයෙන් රට මුදවා ගැනීමට සමත් පුත් රුවනක් ලක් පොළොවේ ජනිත වේවා යි, ශාසන පාලක දෙවියන් යැදීම හැර කළ හැකි අන් දෙයක් ඔවුනට නොතිබුණි. එහි ප්‍රතිඵලයක් නිසාදෝ රටේ වාසනාවකට මෙන් වැලිවිට අසරණසරණ සරණංකර සංඝරාජෝත්තමයාණන් වහන්සේ උඩරට වැදගත් පරපුරක ජන්ම ලාභය ලැබූ හ. ඉතා දුක සේ ධර්ම විනයත්, භාෂා ශාස්ත්‍රයත් මැනවින් හදාළ උන් වහන්සේ චිරරාත්‍රඥ බහුශ්‍රැත මහා පඬිවරයෙකු බවට ද පත්ව ශාසනයත්, ජාතියත්, භාෂාවත්, පුනර්ජීවනයෙහිලා ස්වකීය කාර්යභාරය ඉතා මැනවින් සම්පූර්ණ කළ හ. එහෙත් සඟරජ මා හිමියන් ගේ අභාවයෙන් පසු එම ආලෝකය ටික කලෙකින් පහව ගොස් අන්ධකාරයේ සෙවණැලි පහළ වන්නට විය.
කාලය නවතින්නේ නැත. එය නොනැවතී ගෙවී යයි. උදා වූ හිරු නිශ්චිත කාලයක් තුළ අවරට ගොස් නොපෙනී යන්නේ දවස නිමා කරමිනි. ගලා බසින දිය පාරක ස්වභාවය ද එසේ ම ය. ගෙවී ගිය කාලය ද, දිවා කාලය නිමා කළ හිරු ද, ගලා ගිය දිය දහර ද කිසිවෙකුටත් නැවත ලබාගත නොහැක. ජීවිතය ද කාලය මෙන් ගෙවී යන, හිරු මෙන් මොහොතින් මොහොත අවරට ළං වන, දිය දහර මෙන් ක්ෂණයක් ක්ෂණයක් පාසා උත්පාද ඨිති භංග තත්වයට පත් වන ලෝක යථාර්ථය තුළ සදාකාලික නොවූ තාවකාලික ගමන් කිරිමකි. එනිසා ඒ මොහොතේ කළයුතු යම් යම් කාර්යයන් ඒ මොහොතේ ම කළ යුතු ය. එලෙස නොකරන්නේ නම් නැවත එම කාර්යයන් සම්පූර්ණ කිරීමට ඒ ගෙවී ගිය කාලය ජීවිතය අවසන් වන තුරු නැවත ලැබෙන්නේ නැත. එලෙස ජීවිතයේ අතපසු වූ වැඩ අසීමිත සංඛ්‍යාවක් ගොඩ ගැසෙන්නේ පමාව හෙවත් ප්‍රමාදය හේතුවෙනි. බොදු පිළිවෙත තුළ ප්‍රමාදයට කිසිදු අවකාශයක් ලැබෙන්නේ නැත. එය සහමුලින් උදුරා දැමිය යුතු, ඉවත් කළ යුතු ජීවන ස්වභාවයක් බව බෞද්ධ දර්ශනයේ මොනවට විස්තරවේ. පිළිවෙළක් නැති අසාර්ථක ජීවිත තුළ නිබඳ ව ප්‍රකට වන්නේ ප්‍රමාදය යි. යමෙක් ජීවත් වුව ද ප්‍රමාදයෙන් යුක්ත නම් මිය ගිය තැනැත්තෙකු ලෙස සැලකිය යුතු බව පමාදො මච්චුනො යන්නෙන් සහ 'යෙ පමත්තා යථා මතා' යන බුද්ධ භාෂිතයන්ගෙන් පැහැදිලි වේ. අප ජීවත් වන සමාජයේ එලෙස සැරිසරන මෘත භාවයට පත් මිනිසුන් කොතෙකුත් හමු වීමෙන් මේ බුද්ධ භාෂිතයන්හි ඇති යථාර්ථය නැවත නැවතත් පැහැදිලි කිරීමට අවශ්‍ය නැත. ‘ප්‍රමාදය’ යම් තැනැත්තෙකු ජීවත් වුවත් මියගිය තැනැත්තෙක් බවට පත්කීරීමට තරම් ප්‍රබල වූයේ කවරහෙයින් ද? යන්න විමර්ශනශීලී ව, ගැඹුරින් අධ්‍යයනය කිරීම බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
පිරිවෙන් මූලික ශ්‍රේණියටත් පෙළ පොතක්
පිරිවෙන
පිහිට පතයි
ඉතිරිය»
පුණ්‍ය මහිමයෙන් හිමි වන ඉහළම සම්පත් සතරක්
ශ්‍රද්ධාවේ පැවැත්මට ප්‍රත්‍ය වන ආහාරය සද්ධර්ම ශ්රවණයයි
ජීවිතයක වටිනාකම
බුදු දහමේ අගයන ශ්‍රමය වටිනා සම්පතකි
රට බේරා ගැනීමට දේවි කුමරිය මුහුදට බිලි වෙයි
ස්වර්ණහංස ජාතක කතාව: තණ්හාව නිසා සියල්ල නැති කරගත් බැමිණිය
බොදු ගීයක මිහිර: ජය සිරිමා හාමුදුරුවනේ...
වනමන්දාව රාජ මහා විහාරය
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]