පිරිවෙනටත්
බුදුසරණ
අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී
අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත
තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක්වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන
පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව
වෙන් කෙරෙන අතර සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් කෙරේ.
****
භික්ෂූන් වහන්සේ
ජාතික පිරිවෙන් උපදේශක
ශාස්ත්‍රපති
දොඩම්පහළ
ශී‍්‍ර රාහුල හිමි
අත් සෙළවීම් ආදියක් නැති හෙයින් හා අතින් අනුන්ට පැහැරීම් ආදියක් නැති හෙයින් අතින්
සංයත ද, පා සැලීම් ආදිය නැති හෙයින් හා පයින් අනුන්ට පැහැරීම් ආදියක් නැති හෙයින්
පයින් සංයත ද,
මුසාවාදය නොකියන හෙයින් වචසින් සංයතද, හිස් සැලීම් ආදී කාය විකාරයක් නැති හෙයින්
කයින් සංයත ද, සතිපට්ඨානා දී කර්මස්ථානය භාවනාවෙහි ඇළුුණේ ද, උපචාර සමාධි, අර්පණා
සමාධියෙන් එකඟ වූ සිත් ඇත්තේ ද, සිව් ඉරියව්වෙන් ම ඒක විහාරී ද, විදර්ශනාව පටන් ගත්
තැන පටන් තමන්ගේ අධිගමයෙන් සතුටු ද, නැතහොත් සිව්පසයෙහි යථාලාභ සන්තෝෂ ආදියෙන්
සතුටු ද, භින්න වූ කෙලෙස් ඇති හෙයින් ද ඒ උතුමන්ට භික්ෂුව යැයි බුද්ධා දී මහා
ප්‍රාඥයෝ පවසති.
****
පිරිවෙන් අධ්‍යාපනයේ ආරම්භය හා විකාශය
04
පිරිවෙන් අධ්‍යාපනයේ
ස්වර්ණමය යුගය
බැමිණිතියා සාය නිසා බුදු දහම විනාශ වේය යන බියෙන් මාතලේ අළුවිහාරයේ දී ති‍්‍රපිටකය
ග්‍රන්ථාරූඪ කරන තුරු භාණක පරම්පරා ති‍්‍රපිටකය කටපාඩමින් අවිච්ඡින්නව පවත්වාගෙන
ඒමට කි‍්‍රයා කොට ඇත.
බැමිණිතියා සාය නම් වූ වළගම්බා රාජ්‍ය සමයේ දොළොස් අවුරුද්දක් තිස්සේ පැවති සාගතය
හේතු කොට ගෙන ධර්මය කටපාඩමින් රැකගෙන ආ සමහර භික්ෂුන් වහන්සේ අපවත් වූහ. සමහර
භික්ෂූන් වහන්සේලා විදේශ ගත වූහ.
ඒ අතර බොහෝ දුෂ්කරතා මැද සමහර භික්ෂූන් වහන්සේලා ගුරු පරපුරෙන් තමන්ට අයත් ව තිබූ
දහම් කොටස් කටපාඩමින් රැකගෙන ආහ. දොළොස් වසරකින් පසු සාගතය අවසන් වී විදේශ ගතව සිට
වැඩම කළ භික්ෂූන් වහන්සේලා හා ඉතා දුක සේ ජීවිතය රැකගත් භික්ෂූන් වහන්සේලා එකතු වී
ධර්මය ග්‍රන්ථාරූඪ කළ යුතු යැයි තීරණය කළහ. ඒ අනුව ථූපාරාම විහාරයේ වැඩසිටි
කුන්තගත්තතිස්ස තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වළගම්බා රජතුමාගේ අනුග්‍රහයෙන්
මාතලේ අළුවිහාරයේ දී ති‍්‍රපිටකය ග්‍රන්ථාරූඪ කරන ලදී.
මෙම සංගායනාව අපේ පිරිවෙන් අධ්‍යාපනය නව මගකට යොමුකළ සන්ධිස්ථානයක් ලෙස නම් කළ
හැකිය. මෙතෙක් කලක් කටපාඩමින් භාණක පරම්පරා මගින් රැකගෙන ආ එම අධ්‍යාපන ක්‍රමවේදය
ධර්මය ග්‍රන්ථාරූඩ කිරීමෙන් පසු ලේඛන කලාවත් සමග ගමන් කරන අධ්‍යාපන රටාවක් බවට
පරිවර්තනය විය. එය ලේඛන කලාවේ ගුණාත්මක වෙනසක් වුව ද භාණක පරම්පරාවේ පරිහානියකි. ඒ
තුළින් අපේ භාණක පරම්පරා අහිමිවී ගියේ ය. කටපාඩම් කිරීම වෙනුවට ලියන කියවන සමාජයක්
බිහිවිය. අද පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා පවා කටපාඩම් කිරීමට මැලිකමක්
දක්වන්නේ එහි ප්‍රතිඵලයක් නිසාවෙනි.
පිරිවෙන් අධ්‍යාපනයේ ස්වර්ණමය යුගයක් ලෙස කෝට්ටේ යුගය හඳුන්වාදිය හැකිය. මෙම යුගයේ
දී අධ්‍යාපන ආයතන කිහිපයක් ම බිහි විය. එසේ ම සුවිශේෂී හැකියාවන්ගෙන් සුසැදි
භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ද බිහි විය. මෙකල ග්‍රාමවාසී හා වනවාසී ලෙස පිරිවෙන්
වර්ග දෙකක් විය. ඒ අතර
1. තොටගමුවේ විජයබා පිරිවෙන
2. කෑරගල පද්මාවතී පිරිවෙන
3. වීදාගම ශී‍්‍ර ඝණානන්ද පිරිවෙන
4. දෙවුන්දර ඉරුගල්කුලතිලක පිරිවෙන
5. පැපිළියාන සුනේත්‍රා දේවී පිරිවෙන
6. එරබත්තොට ධර්මරාජ පිරිවෙන යනාදී පිරිවෙන් කිහිපයක් ම පැවතිණ.
මෙම අධ්‍යාපන ආයතනවල භික්ෂූන් වහන්සේලා මෙන් ම ගිහි පිරිස් ද දේශීය මෙන් ම විදේශීය
ශිෂ්‍යයින් ද අධ්‍යාපනය ලබා ඇත. එදා අධ්‍යාපනය කෙතරම් දියුණුව පැවැතියේ ද යන්න
ලබාදුන් උපාධි මෙන් ම ලියා ඇති පොත පත විමසුමෙන් මොනවට පැහැදිලි වේ. තොටගමුවේ
ශී‍්‍ර රාහුල හිමියන් එදා ෂට්භාෂා පරමේශ්වර උපාධිය ලබාගත්තා සේ ම තමන් ලෝකයේ ම උගතා
ලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට පවා නොබිය ව ඉදිරිපත් වී ඇතිබව පෙනේ.
සව්සත කෙළ පැමිණි -
ගුරුවන්දෙරණ සැපැමිණි
පිරිසිදු සිල් ගිහිණි -
සියල් ලෝ වියතුනට සිළුමිණි
යනුවෙන් ලෝකයේ වියතුන්ට තමන් වහන්සේ සිළුමිණක් වැනි යැයි නොබියව ප්‍රකාශ කළේ තමන්
සතු වූ බුද්ධි ප්‍රභාවය නිසාවෙනි. එවන් ශ්‍රේෂ්ඨ භික්ෂු පරපුරක් අදත්, හෙටත්
පිරිවෙන් අධ්‍යාපනයෙන් බිහිකිරීමේ අවශ්‍යතාව දැඩිව මතු වී ඇත.
එසේම වනරතන සංඝරාජ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති වනවාසී භික්ෂූන් වහන්සේගේ
අධ්‍යාපන ආයතන විය. එදා ග්‍රාමවාසී හා අරණ්‍යවාසී ලෙස බෙදී කටයුතු කිරීම සැබැවින් ම
අධාර්මික, හෝ ශාසන විරෝධී ලෙස සිදු වූ බෙදීමක් නොවේ. එය ප්‍රතිපත්ති මත සිදු වූ
බෙදීමකි. එමගින් ඉතා විශාල සාහිත්‍ය දියුණුවක් ඇතිවීමට ද එය පිටුබලයක් විය.
එදා භික්ෂූන් වහන්සේට ‘‘විනය‘‘ අධ්‍යයනය කිරීම අනිවාර්ය වී තිබූ බව පෙනේ. සිකවළඳ හා
සිකවළඳ විනිස, සමන්තපාසාදිකාව, විනය කර්ම, විනය විභංග ආදි පොත්පත් උන්වහන්සේලාට
හැදැරීමට සිදුවිමෙන් ඒ බව සනාථ වේ.
දස්කම් දැක්වූ භික්ෂූන් වහන්සේට උපාධි ප්‍රදානය කිරීම ද පැවැති තවත් විශේෂ දෙයකි.
තෙවලා වදනසුරු (ති‍්‍රපිටක වාගීශ්වර), ෂඩ්භාෂා පරමේශ්වර ආදී උපාධි නාමයන් මෙකල
භාවිත වූ බව පෙනේ. එසේ ම ගිහියන් සඳහා වෙන් වූ තවත් විෂය ධාරවක් ද විය. ඡන්දස්
අලංකාර, තර්ක ශාස්ත්‍රමය, නක්ෂත්‍ර, වෛද්‍ය ශාස්ත්‍ර වැනි විෂයන් මෙම යුගයේ දී
ඔවුන්ට උගන්වා ඇත.
කොටනෙලුවේ පුඤ්ඤානන්ද හිමි
ඌරුගමුවේ අස්සජී හිමි
****
පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ |