[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය මඟින් පසුගිය දා සංවිධානය කරන ලද මාධ්‍ය හමුවක දී සුදුසු නායකයන් පමණක් මෙවර පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවීමට යෝජනාවක් ඉදිරිපත් විය. කොළඹ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පැවැති එම මාධ්‍ය හමුවට තිරිකුණාමලයේ ආනන්ද මහ නා හිමි, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ සභාපති දිවියාගහ යසස්සී නා හිමි ඇතුළු ගිහි පැවිදි විද්වතුන් රැසක් සහභාගී වූහ.

සේරුවාවිල මංගල රාජමහා විහාරයේ නිකිණි මහ පින්කම

බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ කේශ ධාතුන් වහන්සේලා වැඩසිටින ඓතිහාසික සේරුවාවිල මංගල රජමහා විහාරයේ 96 වැනි වාර්ෂික ලලාට ධාතු නිකිණි මහා පින්කම අගෝස්තු 26 සිට සැප්තැම්බර් 02 දක්වා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත. මීට සමගාමීව සේරුවාවිල මංගල රජමහා විහාරයේ හිටපු විහාරාධිපති දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නාහිමියන්ගේ 36 වැනි ගුණ සමරුව මහ සේරුවිල සරණකිත්ති අනු නා හිමියන්ගේ 04 වැනි ගුණසමරු පින්කම ද පැවැත්වේ. මෙම කාලය තුළ දිනපතා සති පිරිත් දේශනාව, ලලාට ධාතු පූජාව සහ විශේෂ ධර්ම දේශනා ද පැවැත්වේ. 26 දා සති පිරිත් දේශනාවෙන් පින්කම් මාලාව ආරම්භ කෙරේ. 27 සිට 31 දක්වා ලලාට ධාතු පූජාව, විදුලි ආලෝක පූජාව, ධර්ම දේශනා සහ සති පිරිත් දේශනාව නිමා වීමෙන් පසු අපවත්වී වදාළ මහා සංඝ රත්නයට හා වියෝ වූ දායකකාරකාදීන් සිහිකර සියක් නමක් උදෙසා දානමය පින්කමකි. සැප්තැම්බර් (01) දා පොහෝ දින ආගමික වැඩසටහන, දේවදූත පෙරහර ,දොරකඩ අස්න, අනුශාසනාව, මල් වෙඩි සංදර්ශනය පැවැත්වේ. සැප්තැම්බර් 02 වැනිදා වාර්ෂික පින්කම් මාලාව නිමාවට පත්කරන බව විහාරාධිපති, නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝ නායක, දොම්පේ පාළුගම භාවනා මධ්‍යස්ථානාධිපති ආචාර්ය මුංහේනේ මෙත්තාරාම හිමියෝ සඳහන් කරති.


   නිකිණි පුර පසළොස්වක පෝය 

  අගෝස්තු 02 ඉරිදා අපර භාග 09.29 න් පසළොස්වක ලබා 03 සඳුදා අපර භාග 09.28 න් පෝය ගෙවේ. සඳුදා සිල්

මීළඟ පෝය අගෝස්තු 11 අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]