[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 - 07.00 සීල සමාදානය, 07.00 - 07.30 තෙරුවන් වන්දනාව, 08.15 - 10.00 භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනාව, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව පෙරවරු වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව පස්වරු 1.00 - 2.00 ධර්ම දේශනාව විතාරණ්දෙනියේ මේධානන්ද හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව දොරොව්වේ ඥාණරතන හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව අනුරාධපුර ප්‍රසන්නඥාණ හිමි, 5.00 - 6.00 ධර්ම දේශනාව අලුත්වල ධම්මසති හිමි, රාත්‍රී 7.00 - 8.00 වස් ආරාධනා පින්කම

****

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය

සීදුව – රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ මේ වසරේ වස් ආරාධනා කිරීමේ පින්කම විහාරාධිපති, පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස නා හිමියන්ගේ මෙහෙයවීමෙන් පුන් පොහෝ දා (3) පස්වරු 5.00 ට විහාරස්ථානයේ දී පැවැත්වීමට සංවිධානය කර ඇත.

මෙම වසරේ මහා සංඝ රත්නයට වස් පින්කමේ ප්‍රධාන දායකත්වය රද්දොළුගම සී.ආර්. නානායක්කාර මහතා හා විමලා නානායක්කාර මහත්මිය ඇතුළු පවුලේ දූ දරු පිරිස විසිනි.

මෙම වස් කාල සීමාව තුළ සෑම ඉරිදා දිනක ම සැමට ආශිර්වාද පතා පස්වරු 6.00 ට අටවිසි බුද්ධ පූජා, බෝධිපූජා, තුන්සූත්‍ර, ධම්මචක්ක සූත්‍ර, ජයපිරිත්, දේශනා ඇතුළු පිරිත් සජ්ඣායනා කිරීමට කටයුතු යොදා ඇත.

****

ධම්ම නිකේතනාරාමයේ දී දම් දෙසුමක්

කොළඹ 05 ගී‍්‍රන්ලන්ස් වලව්වේ පදිංචි ව සිටි ලයනල් චාල්ස් ද ෆොන්සේකා පියාණන්ගේ අවුරුදු 106 ජන්ම දිනය පිරීම නිමිත්තෙන් පුතු කැලුම් ද ෆොන්සේකා අබේසේකර මහතා විසින් බුද්ධ ප්‍රතිමා වහන්සේ සමඟ ආසනය දංකොටුව යෝගියාන වෑකඩ ධම්ම නිකේතනාරාම විහාරයට නිකිණි පොහෝ දින පූජා කිරීමට නියමිත ය. මීගමුව, අඟුරුකාරමුල්ල, අබේසේකරාරාම විහාරාස්ථ දැවමොට්ටාවේ මහින්ද හිමි විසින් පෙරවරු 10 ට ධර්ම දේශනාවක් ද, සිල්වතුන්ට කැලුම් මහතා විසින් ධර්ම දානය පිණිස බුදුසරණ පුවත්පත් බෙදාදීම ද සිදුකෙරේ.

****

හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩ සටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය කටයුතු යොදා ඇත. වාර්ෂික වස් ආරාධනා පින්කම මෙවරත් රාත්‍රී 7.00 පැවැත්වේ. වැඩ සටහන්, විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්ද්‍රරතන, ඇලපිටිවල නන්දවිමල , ලෝලුගස්වැව සුමනවංස යන හිමිවරුන් ද ගාල්ලේ සුධම්මචාර දසසිල් මාතාව ද වැඩ සටහන්වලට වැඩම කිරීමට නියමිත ය.

****

කල්‍යාණි රාජමහා විහාරය

පෙරවරු 6.00 - 06.30 සීල සමාදාන හා උදෑසන බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 - 9.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 09.00 - 10.00 ධර්ම දේශනාව කරවිලකොටුවේ ධම්මතිලක හිමි, 10.00 - 11.00 ධම්මපදයෙන් බිඳක් ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංස හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ගොඩපොල නන්ද හිමි, පස්වරු 2.00 - 3.00 වෛද්‍ය දේශනය, 03.00 - 04.00 ධර්ම දේශනාව කරඳටියන සෝමින්ද හිමි, 04.00 - 05.00 ධර්ම දේශනාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 05.00 - 06.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 06.00 - 06.30 වස් ආරාධනා පින්කම, 06.30 - 07.00 ගිලන්පස බුද්ධ පූජාව කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 07.00 - 08.00 ධර්ම දේශනාව ඇතිමලේ සීලානන්ද හිමි.

****

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරය

සීදුව – රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ අගෝස්තු මස 03 වෙනි සඳුදා දිනට යෙදී ඇති නිකිණි පුරපසළොස්වක පුන්පොහොය නිමිත්තෙන් පින්කම් මාලාවක් විහාරාධිපති, පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස නා හිමියන්ගේ මෙහෙවීමෙන් පැවැත්වේ.

පුන් පොහොය දින අලුයම 5.00 ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා ප්‍රණීත කිරි ආහාර පාත්‍ර 32 ක් පූජා කිරිම, උදෑසන 6.00 ටෙ අෂ්ඨාංග උපෝසථ සීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව විහාරාධිපති සීදුවේ සුමනවංස නාහිමි “උදෑසන 6.45 ට ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, පෙරවරු 8.00 සිට 9.00 දක්වා ධර්ම දේශනාව, ගෞරව ශාස්ත්‍රවේදී ඇඹිලිපිටියේ සාරද හිමි, 9.00 සිට 10.45 දක්වා ධර්ම සාකච්ඡාව, කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අශෝක ප්‍රියදර්ශන මහතා ධර්මාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ඒ.එන්. ඉන්ද්‍රසේකර මහතා ධර්මාචාර්ය අනුර සිරිමාන්න මහතා ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර මහතා , ධර්මාචාර්ය කේ.ඒ.එස්. ආර්. දයානන්ද මහතා , 10.45 ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා මුල්තැන් බුද්ධ පූජා පූජා කිරීම

පස්වරු 12.00 සිට 12.30 දක්වා සක්මන් භාවනාව, 12.30 සිට 1.30 දක්වා ජාතක ධර්ම දේශනාව, 1.30 සිට 2.30 දක්වා භාවනාව සහිත ධර්ම දේශනාව, මොණරාගල සෝමසාර හිමි, 3.00 සිට 4.00 දක්වා ධර්ම දේශනාව, ශාස්ත්‍රපති ඇල්ලේ ඉන්ද්‍රජෝති හිමි, 5.00 වස් ආරාධනා පින්කම, 6.00 ට විශේෂ ආශිර්වාද අටවිසි බුද්ධ පූජාව සහිත පහන් පූජා , බෝධිපූජා, පින්කම සහ තුන්සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, ධම්මචක්කපවත්තන සූත්‍රය , ජය පිරිත් දේශනා පැවැත්වීමට සංවිධානය කර ඇත.

****

ගල්කිස්ස බෞද්ධ ආයතනයේ වස් ආරාධනය

ගල්කිස්ස වටරප්පල පාර, බෞද්ධ ආයතනයෙහි විහාරාධිපති ආචාර්ය දිවියාගහ යසස්සි නා හිමියන් ප්‍රධාන සංඝරත්නයට වස් ආරාධනා කිරීමේ පින්කම මේ මස 03 වන දා(පෝදා) පස්වරු 6 ට එම විහාරස්ථානයේ දී සිදු කෙරේ. මෙවර වස් ආරාධනය කරනු ලබන්නේ දෙහිවල, අත්තිඩිය, වැවපාර නිලන්ති අනෝජා ප්‍රනාන්දු මහත්මිය සහ මල්වත්ත පාරේ පදිංචි රාජිනී ද සිල්වා මහත්මිය ඇතුළු පවුලේ පිරිස විසිනි. මෙම පෝ දින සිට පොහොය දිනයන්ට අමතරව සෑම සෙනසුරාදා දිනකම පස්වරු 5 ට විශේෂ ධර්ම දේශනා මාලාවක් වස්කාලය පුරාම සිදු කිරීමට කටයුතු යොදා ඇත.

****

කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10 කුප්පියාවත්ත, ශ්‍රී ජයශේඛරාරාමයේ මහා විහාරස්ථානයේ මේ මස පසළොස්වක පොහෝදා අමරපුර සිරිසද්දම්මවංශ මහානිකායේ ධීරානන්ද පාර්ශවයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ත්‍රිපිටකාචාර්ය, තලල්ලේ සිරිමහින්ද නා හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් පැවැත්වේ.

එදින පෙරවරු 6.00 - 06.30 දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිපති තලල්ලේ සිරිමහින්ද නාහිමි 7.00 - 7.30 දක්වා සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, විහාරාධිපති තලල්ලේ සිරිමහින්ද නා හිමි, 8.00 - 9.00 දක්වා භාවනාව ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15 - 10.15 දක්වා ධර්ම දේශනය කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ආචාර්ය ශාස්ත්‍රපති, බූලනවැවේ, වජිර බුද්ධ හිමි, 10.30 - 11.00 දක්වා දහවල් බුද්ධ පූජාව, විහාරාධිපති තලල්ලේ සිරිමහින්ද නා හිමි, පස්වරු 12.15 - 12.45 දක්වා සෙත් පිරිත් දේශනය, 2.15 - 3.15 දක්වා ධර්ම දේශනය 3.30 - 4.30 දක්වා දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිධම්මදේව හිමි, 4.30 - 5.30 දක්වා ධර්ම දේශනය 6.00 ට සිල් පවාරණය රාත්‍රී 6.45 - 7.45 දක්වා ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව.

****

කොබවක ශ්‍රී සුමනාරාම විහාරය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ ශ්‍රී සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මේ මස 03 වෙනි පෝය දා වස් ආරාධනා පින්කම හා තවත් පින්කම් රැසක් කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

පෙරවරු 8.30 ට ධර්ම දේශනාව හොරණ ශ්‍රී පූර්වාරාම මහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත

උඩුගල්මොටේ සිරිවිමල හිමි, 10.00 ට සදහම් වන්දනාව හා දහවල් සම්බුද්ධ පූජාව හොරණ ශ්‍රී අනුලාරාමවාසී, ආදළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ 2.30 ට උපදේශන වැඩසටහන පරගොඩ කිතුªලගොඩ කනිෂ්ට විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පේමරතන ගමගේ මහතා සවස 4.00 ට වස් ආරාධනා පින්කම කොබවක පදිංචි ඒ.ටී. ගාමිණි මහතා ප්‍රධාන පවුලේ පිරිස විසිනි. රාත්‍රී 7.00 ට ගිලන්පස බුද්ධ පූජා, බෝධි පූජා පින්කමකි.

   නිකිණි පුර පසළොස්වක පෝය 

  අගෝස්තු 02 ඉරිදා අපර භාග 09.29 න් පසළොස්වක ලබා 03 සඳුදා අපර භාග 09.28 න් පෝය ගෙවේ. සඳුදා සිල්

මීළඟ පෝය අගෝස්තු 11 අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]