ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ නිකිණි පුර පසළොස්වක පෝදා, රාජ්‍ය වර්ෂ 2020 අගෝස්තු 03 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ශ්‍රී දළදා මාලිගාව
ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමට හා උන්වහන්සේට වැඳුම් පිදුම් පැවැත්වීමට සැදැහැවතුන් ගෙන ඇති උත්සාහය දළදා ඉතිහාසය තුළ සටහන් වී ඇත. දහනව වැනි සියවසේ විසූ ඉංගී‍්‍රසි ජාතික වෛද්‍යවරයෙකු වූ ජෝන් ඩේවි විසින් රචිත ‘ලංකාවේ අභ්‍යන්තරය එහි ජනතාව හා දිවයිනේ චාරිකා පිළිබඳ විස්තරයක්’ නැමැති ග‍්‍රන්ථයේ දළදා මාළිගාව වූ කලී රාජ්‍ය පිළිබඳ පූජනීය ස්ථානයයි. බුදුරජාණන් වහන්සේගේ වාම දන්ත ධාතූන් වහන්සේ මෙහි ඇති හෙයින් රටේ ඇති අති උත්තම පූජනීය ස්ථානය මෙයයි. මුළු දිවයිනම දළදා වහන්සේට පූජා කොට තිබේ. ‘‘ලෝකයේ පවත්නා අනර්ඝතම වස්තුව මෙය යැයි යහපත් බෞද්ධයෝ කල්පනා කරති.” යනුවෙන් දක්වා තිබීමෙන් දළදා වහන්සේ අති පූජනීය වස්තුවක් බවට පත් වී තිබුණ බවට ගම්‍යමාන වේ. මහනුවර දළදා මාලිගාව ස්ථාපිත කිරීමට ප‍්‍රථමයෙන් අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොල සහ කෝට්ටේ යන අග නගරවල දළදා මාලිගා පිහිටා තිබූ බවට සාහිත්‍ය මූලාශ‍්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රවලින් සනාථ වේ. මහාවංසයේ සහ එළුදළදා වංසයේ සඳහන් විස්තර අනුව මහනුවර රාජධානියේ ප‍්‍රථමයෙන්ම දළදා මන්දිරයක් ඉදිකරනු ලැබුවේ පළමුවැනි විමලධර්මසූරිය (ක‍්‍රි.ව. 1592- 160) රජතුමා විසිනි.
අගෝස්තු 02 ඉරිදා අපර භාග 09.29 න් පසළොස්වක ලබා 03 සඳුදා අපර භාග 09.28 න් පෝය ගෙවේ. සඳුදා සිල්
මීළඟ පෝය අගෝස්තු 11 අඟහරුවාදා
පසළොස්වක
අගෝස්තු 03
අව අටවක
අගෝස්තු 11
අමාවක
අගෝස්තු 18
පුර අටවක
අගෝස්තු 25
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]